ඉන්ධන ටැංකිය (Fuel Tank)
  මෝටර් රථයේ එන්ජිම ක්‍රියා කිරීමට අවශ්‍ය ඉන්ධන රැස් කර තැබීමට අවශ්‍ය උපාංගය ඉන්ධන ටැංකිය වේ. තුනී තහඩුවලින් තනා ඇති මෙහි මල බැඳීම වැළැක්වීමට ඇතුළත පෘෂ්ටය ක්‍රෝමියම් වැනි ලෝහයක් ආලේප කර ඇත. සමහර සැහැල්ලු වාහනවල ඉන්ධන ටැංකි ප්ලාස්ටික් විශේෂයකින් නිර්මාණය කර ඇත.

ඉන්ධන ටැංකියේ අභ්‍යන්තරයේ වාරක තහඩු යොදා කුටීර වශයෙන් වෙන් කර ඇති නමුත් ඉහළ ප්‍රදේශයේ සහ පතුල ප්‍රදේශවල කොටස් විවෘත කර සෑම කුටීරයකට ම ඉන්ධන ගලා යෑමට සහ සෑම කුටීරයක ම පීඩනය සමාන වීමට හැකියාව සලසා දී ඇත. වාරක තහඩු මගින් ඉන්ධන කැලතීම වළකා ගත හැකි වේ. එමෙන් ම ටැංකියේ ස්තබ්දතාව (Stiffness) ද වර්ධනය වේ.

රථයයේ ආරක්ෂාව සඳහා මෙය දුරස් ව සවි කර ඇති අතර, හැකිතාක් දුරට ආරක්ෂාකාරි ස්ථානයක මෙය ශක්තිමත් ව සවි කර ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017