සමාගසක දැනට සිටින කොටස්කරුවන්ගෙන් කිසිම මුදලක් අය නොකර,සමාගමේ එක් රුස් වි ඇති ලාභ සහ ප්‍රාග්ධන සංචිත උපයෝගි කරගෙන සමාගමේ එම කොටස්කරුවන්හට නිකුත් කරනු ලබන කොටස්, ප්‍රසාද කොටස් යනුවෙන් හැදින්වේ.
තවද, නිකුත්කළ කොටස්වල අගයෙන් නොඇරයු අගයෙන් අනාැරයු ප්‍රාග්ධනය මුදලින් ඇරයුම් නොකර සමාගමේ රදවා ගත් ලාභ හා සංචිත උපයෝගි කරගෙන ඒවා සම්පුර්ණයෙන් නොඇරයු ප්‍රාග්ධනය සම්බන්ධයෙන් කොටස්කරුවන්ගේ වගකිම නිදහස් කරමින් මෙම ප්‍රසාද එකතුව සිදු කෙරේ.
ප්‍රසාද කොටස් නිකුතුව පිළිබද වැදගත් කරුණු කෙටියෙන් මෙසේය.
- කොටස් හිමියන්ගේන් කිසිදු මුදලක් හෝ වත්කම්ක් ලබා නොගෙන ඔවුන්ට අලුත් කොටස් ප්‍රමාණයක් නොමිලයේ නිකුත් කිරිම මෙහිදි සිදු වේ.
- සමාගමේ සංචිත සහ රදවා ගත් ලාභ උපයෝගි කර ගනිමින් ප්‍රසාද කොටස් නිකුත් කෙරේ. මෙහිදි සිදු වන්නේ, සමාගමේ සංචිත ප්‍රාග්ධනිත කිරිමකි.
- කලින් සාමාන්‍ය කොටස් හිමියක්ට හිමිව තිබු කොටස් ප්‍රමාණයට අනුපාතිකව ප්‍රසාද කොටස් නිකුත් කිරිම සිදු කෙරේ.
- ප්‍රසාද කොටස් නිකුත් කිරිම සදහා, අනුදත් ප්‍රාග්ධනය තුළ නිකුත් නොකළ කොටස් ප්‍රමාණයක් තිබිම අවශ්‍ය වේ.
- ප්‍රසාද කොටස් නිකුතුව නිසා කොටස් හිමියන්ගේ ස්කන්ධයෙහි වැඩි විමක් සිදු නොවේ. එහෙත් සමාගම නිකුත් කර ඇති කොටස් ප්‍රමාණයේ වැඩි විමක් සිදු වේ.
3.9 නිදසුන
සිමාසහිත චාමර සමාගමේ 2003.12.31 දිනට වු ශේෂ පත්‍රයෙන් පහත සදහන් ශේෂ උපුටා ගෙන ඇත.
කොටස් ප්‍රාග්ධනය
අනුදත් නිකුත්කළ
රු. රු.
රු.10 සාමාන්‍ය කොටස් 1,000,000 800,000
රු.
ප්‍රාග්ධන නිදහස් කිරිමේ සංචිත අරමුදල 60,000
කොටස් අධිමිල 20,000
ලාභලාභ ගිණුමේ බැර ශේෂය 100,000
2004.01.01 දිනට පැවති සෑම සාමාන්‍ය කොටස් 5කට ම එක් එක් කොටසක් බැගින් හිමි වන පරිදි ප්‍රසාද නිකුතුවක් සිදු කර ඇත. එහිදි ප්‍රාග්ධන සංචිත උපරිම වශයෙන් යොදා ගෙන ඇත.
මෙම ගනුදෙනු ගිණුම්ගත කිරිමට අවශ්‍ය ජ’නල් සටහනින් දක්වන්න.
3.9 විසදුම
සිමාසහිත චාමර සමාගම පොදු ජ’නලය
දිනය | විස්තරය | හර | බැර |
2004.01.01 |
ප්‍රාග්ධන නිදහස් කිරිමේ සංචිත | රු. | රු.
160,000 |
| ප්‍රසාද කොටස් නිකුත් කිරිමේ ගිණම හර | 160,000 |
160,000 |
පෙර වැඩ
2003.12.31 පැවැති නිකුත් තළ සාමාන්‍ය කොටස් ප්‍රමාණය 800,000 ÷ 10 = 80,000
ප්‍රසාද ලෙස නිකුත්කළ කොටස් සංඛ්‍යාව = 80,000 × 1 = 16,000
5
එම ප්‍රසාද කොටස්වල නාමික අගය = 16,000 × 10 = රු.160,000
හිමිකම් නිකුතුව
සමාගමක් විසින් නුවත කොටස් නිකුත් කරන අවස්ථාවකදි එම කොටස් මිලට ගැනිමේ අයිතිය සමාගමේ දැනට සිටින කොටස්කරුවන්ට සිමා කිරිම, හිමිකම් නිකුතුවක් යනුවෙන් හැදින්වේ. මෙහිදි ගිණුම් තැබිමේ ක්‍රියා පිළිවෙළ මුදලට කොටස් නිකුත් කිරිමේ දි අනුගමනය කරන ක්‍රියා පිළිවෙළට සමාන බව සැලකිය යුතුය.
සිමාසහිත සමාගම්වල මුල්‍ය වාර්තා
සිමාසහිත සමාගමක් විසින් පිළියෙළ කරනු ලබන මුල්‍ය ප්‍රකාශ දෙයාකාරයකට වර්ග කර දැක්විය හැකිය.
1. අධ්‍යක්ෂකවරුන් සදහා අවසාන ගිණුම් (විස්තරාත්මක අවසාන ගිණුම්)
සමාගමේ අධ්‍යක්ෂකවරුන් ඇතුළු අභ්‍යන්තර කළමනාකාරිත්වයට සමාගමේ මුල්‍ය ක්‍රියාකාරිත්වය පිළිබදව තොරතුරු සන්නිවේදනය කිරිම සදහා පිළියෙළ කෙරෙන අවසාන ගිණුම් මෙයින් අදහස් වේ.
2. ප්‍රසිද්ධ කිරිම සදහා අවසාන ගිණුම් (ප්‍රකාශිත අවසාන ගිණුම්)
සමාගමේ කොටස්කරුවන් ඇතුළු අනිකුත් බාහිර පාර්ශවයන්ට සමාගමේ මුල්‍ය ක්‍රියාකාරිත්වය පිළිබද තොරතුරු අවම හෙළිදරවු කිරිම්වලට යටත්ව ඉදිරිපත් කිරිම සදහා පිළියෙළ කෙරෙන අවසාන ගිණුම් මෙයින් අදහස් වේ.
සමාගමේ කළමනාකාරිත්වයේ අවශ්‍යතාව මත සම්පත් මෙහෙයවිම පිළිබද විස්තරාත්මක තොරතුරු අධ්‍යක්ෂවරුන් සදහා අවසාන ගිණුම්වල (විස්තරාත්මක අවසාන ගිණුම්වල) දක්වනු ලැබේ. වෙළෙද හා ලාභලාභ ගිණුම, ශේෂ පත්‍රය, නිෂ්පාදන ආයතනයක් නම්, නිෂ්පාදන ගිණුම යන මුල්‍ය වාර්තා විස්තරාත්මක මුල්‍ය වාර්තාවලට ඇතුළත් වේ.
එහෙත් ප්‍රකාශිත අවසාන ගිණුම්වල, විස්තරාත්මක අවසාන ගිණුම්වල දැක්වෙන පරිදි සමාගම පිළිබද විස්තරාත්මක තොරතුරු ඇතුළත් නොවේ. ප්‍රකාශිත අවසාන ගිණුම්වල විශේෂයෙන්ම දැක්වෙන්නේ සමාගම් පනත මගින් සමාගමේ කොටස් හිමියන් වෙත අනාවරණය කළ යුතු අවම තොරතුරු ලෙස දක්වා ඇති තොරතුරුය. ඊට අමතරව මුල්‍ය තොරතුරු ද මෙම ගිණුම් සමගින් ඉදිරිපත් කරනු දක්නට හැකිය. ප්‍රකාශිත අවසාන ගිණුම්වලට ප්‍රධාන වශයෙන් ඇතුළත් මුල්‍ය වාර්තා ලෙස, වෙළෙද හා ලාභලාභ ගිණුමත් ශේෂ පත්‍රයත් දැක්විමට පුළුවන.