සිමාසහිත සරසි සමාගමේ පොත්වලින් 2002 දෙසැම්බර් 31 දිනට පහත සදහන් ශේෂ දක්නට ලැබේ.
රු.
එකක් රු.10/- ක් වු සාමාන්‍ය කොටස් 20,000 160,000
(රු.8/- බැගිනු කැදවු)
හිග හිටි ඇරයුම්
(සාමාන්‍ය කොටස් 1,500 කි. කොටසකට රු.4/- බැගින් පළමු ඇරයුම්) 6,000
කොටස් අධිමිල 100,000
හිග හිටි ඇරයුම් ඇති කොටස් අහිමි කිරිමට ද, අවසාන ඇරයුම වු කොටසකට රු.2 /- ගෙවිමට යටත්ව මෙම කොටසක් රු.7/- බැගින් නැවත නිකුත් කිරිමට ද අධ්‍යක්ෂකවරුන් විසින් තීරණය කරන ලදි.
පහත සදහන් දෑ පිළියෙල කරන්න.
(අ) කොටස් අහිමි කිරිම හා නැවත නිකුත් කිරිම වාර්තා ගත කිරිම සදහා අවශ්‍ය ජ’නල් සටහන් (මුදල් ද ඇතුළුව)
(ආ) අහිමි කළ කොටස්වලින් කොටස් 1,000ක් පමණක් ඉහත කොන්දේසි යටතේ නැවත නිකුත් කළේ යැයි සලකා කොටස් අහිමි කිරිමේ හා නැවත නිකුත් කිරිමේ ගිණුම
3.7 විසදුම
(අ)
සිමාසහිත සරසි සමාගම පොදු ජ’නලය
විස්තරය | හර | බැර |
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය හර | රු. | රු. 60,000 |
අහිමි කළ කොටස් හර | 6,000 |
6,000 |
බැංකු ගිණුම හර | 10,500 |
10,500 |
අහිමි කළ කොටස් නැවත නිකුත් කිරිම හර | 10,500 |
12,000 |
අහිමි කළ කොටස් ගිණුම | 4,500 |
4,500 |
(ආ)
අහිමි කළ කොටස් ගිණුම
රු. හිග ඇරයුම් 6,000 සා.කොටස් ප්‍රාග්ධන ගිණුම 1,500 අධිමිල 4,500 12,000 | රු.
12,000 |
අහිමි කළ කොටසේ නැවත නිකුත් කිරිමේ ලිණුම
රු. සා.කොටස් ප්‍රාග්ධන ගිණුම 7,000 | රු. |
සංචිත
සමාගමක් විසින් උපයන ලාභයෙන් කොටස් හිමියන් වෙත ලාභාංශ වශයෙන් බෙදා නොහැර ව්‍යාපාරය තුළ රදවා ගන්නා ලාභ ප්‍රමාණය සංචිත යනුවෙන් හැදින්වේ. සමාගමක් විසින් සංචිත පවත්වා ගෙන යාම නිතිමය අවශ්‍යතාවක් හෙමා් සමාගමේ විෙශ්ෂ අවශ්‍යතාවක් නිසා හෝ විය හැකිය.
ප්‍රාග්ධන සංචිත සහ අයභාර සංචිත
ලාභලාභ ගිණුම මගින් බෙදා හැරිය නොහැකි සංචිත ප්‍රාග්ධන සංචිත යනුවෙන් හැදින්වේ.
නිදසුන් :- ප්‍රාග්ධන නිදහස් කිරිමේ සංචිත අරමුදල, කොටස් අධිමිල, සම්මුතියට පෙර ලාභ, ස්ථාවර වත්කම් ප්‍රත්‍යාගණන ලාභ
ඕනෑම අවස්ථාවකදි කොටස් හිමියන් අතර ලාභාංශ වශයෙන් බෙදා හැරිය හැකි සංචිත අයභාර සංචිත යනුවෙන් හැදින්වේ.
නිදසුන් :- පොදු සංචිත, ලාභලාභ ගිණුමේ අතිරික්තය, යන්ත්‍රෝපකරණ ප්‍රතිසම්පාදන සංචිතය
ප්‍රාග්ධන නිදහස් කිරිමේ සංචිත අරමුදල
සමාගම් පනතට අනුව අලුත් කොටස් නිකුතුවකින් සපයා ගත් මුදලින් හැර වෙනත් ක්‍රමයකට සොයා ගන්නා ලද මුදලකින් නිදහස් කළ හැකි වරණීය කොටස් නිදහස් කළ විටෙක, එම නිදහස් කළ කොටස් ප්‍රාග්ධනයේ නාමික අගයට සමාන ප්‍රමාණයක්බෙදා ගත නොහැකිව තිබු ලාභවලින් විශේෂ සංචිතයකට මාරු කළ යුතුය. එම සංචිත ප්‍රාග්ධන නිදහස් කිරිමේ සංචිත අරමුදල යනුවෙන් හැදින්‍වේ.
සමාගම් පනතට අනුව මෙම සංචිත අරමුදල, ප්‍රාග්ධන අවකරණය කිරිම, ප්‍රසාද කොටස් නිකුත් කිරිම, යන කාර්යයන් සදහා යොදා ගත හැකිය.
වරණීය කොටස් නිදහස් කිරිම
වරණීය කොටස් නිදහස් කිරම සමාගම් පනතේ, 57 වන වගන්තියේ විධි විධානවලට සිදු කළ යුතු අතර, එම විධි විධාන කෙටියෙන් පහත දැක්වේ.
- නිදහස් කරන වරණීය කොටස් ඒවා නිදහස් කරන අවස්ථාව වන විට සම්පුර්ණයෙන් ම ගෙවා නිමි කොටස් විය යුතුය.
- නිදහස් කළ හැකි වරණීය කොටස් නිදහස් කළ හැක්කේ නව කොටස් නිකුතුවකින් හෝ ලාභයෙන් හෝ මෙම ක්‍රම දෙකෙන්ම සපයා ගන්නා අරමුදල්ලින් ය.
- නිදහස් කිරිමේ දි අධිමිලක් ගෙවිමට සිදුවේ නම් එම අධිමිල කොටස් නිදහස් කිරිමට සමාගමේ ලාභවලින් හෝ කොටස් අධිමිල ගිණුමෙන් හෝ මෙම ක්‍රම දෙකෙන් ම සපයා ගත යුතුය.
- නව කොටස් නිකුතුවකින් හැර වෙනත් ක්‍රමයකින් ලබා ගන්නා අරමුදල් යොදා ගැනිමෙන් කොටස් නිදහස් කරන්නේ නම් එසේ නිදහස් කරන කොටස්වල නාමික අගයට සමාන ප්‍රමාණයක් ලාභවලින් ප්‍රාග්ධන නිදහස් කිරිමේ සංචිත අරමුදලට මාරු කළ යුතුය.
8.3 නිදසුන
සමාගමක පහත සදහන් ගනුදෙනු සටහන් කිරිමට අවශ්‍ය ජ’නල් සටහන් දක්වන්න.
(අ) එකක් රු.10ක් වු 5%ක අධිමිලක් ඇතිව නිදහස් කළ හැකි වරණීය කොටස් 60,000ක් සම මිලට නිකුත් කිරිම.
(ආ) නිදහස් කළ හැකි වරණීය කොටස්වලින් 20,000ක් සමාගමේ ලාභ ප්‍රයෝජන ගනිමින් නිදහස් කිරම.
(ඇ) එකක් රුත10ක් වු සාමාන්‍ය කොටස් 50,000ක් කොටසකට රු.1ක අධිමිලක් ඇතිව මුදලට නිකුත් කොට එයින් ලැබෙන මුදල් යොදා ගනිමින් නිදහස් කළ හැකි ඉතිරි වරණීය කොටස් සියල්ල නිදහස් කිරිම.
3.8 විසදුම
(අ)
......................... සමාගම පොදු ජ’නලය
විස්තරය | හර | බැර |
මුදල් ගිණුම හර | රු. | රු. 600,000 |
අයදුම් හා විභාජන ගිණුම හර | 600,000 |
60,000 |
(ආ)
.................... සමාගම පොදු ජ’නලය
විස්තරය | හර | බැර |
නිදහස් කළ හැකි වරණිය කොටස් ප්‍රාග්ධන ගිණුම හර | රු. | රු. 200,000 |
නිදහස් කළ හැකි වරණීය කොටස් නිදහස් කිරිමේ ගිණුම හර | 210,000 |
210,000 |
කොටස් අධිමිල ගිණුම හර | 10,000 |
10,000 |
ලාභලාභ ගිණුම හර | 200,000 |
200,000 |
(ඇ)
.............. සමාගම පොදු ජ’නලය
විස්තරය | හර | බැර |
මුදල් ගිණුම හර | රු. | රු. 550,000 |
අයදුම් හා විභාජන ගිණුම හර | 550,000 |
500,000 |
නිදහස්කළ හැකි වරණීය කොටස් ප්‍රාග්ධන ගිණුම හර | 400,000 |
400,000 |
නිදහස් කළ හැකි වරණිය කොටස් නිදහස් කිරිමේ ගිණුම හර | 420,000 |
420,000 |
කොටස් අධිමිල ගිණුම හර | 20,000 |
20,000 |