කොටස් අහිමි කිරිම
 

විභාජනය කළ කොටස් සදහා නියමිත කාලය තුළ දි මුදල් ගෙවා නොමැති නම් එම කොටස් අහිමි කිරිමට පුළුවන. කොටස් අහිමි කිරිම නිසා එම කොටස් හිමියනට විභාජනය කර තිබු කොටස්වල අයිතිය නැති වන අතර එම කොටස් සදහා එතෙක් ලැබි ඇති මුදල ද එම කොටස් හිමියනට නැවත ගෙවනු නොලැබේ.


කොටස් අහිමි කිරිම ගිණුම් ගත කරන ආකාරය


අහිමි කළ කොටස් සදහා කොටස් ප්‍රාග්ධන ගිණුමට එම අහිමි කරන අවස්ථාව තෙක් බැර කර ඇති මුදල


සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ගිණුම                                                හර
අහිමි කළ කොටස් ගිණුම                                                           බැර


අහිමි කළ කොටස් සදහා අයදුම් හා විභාජන ගිණුමෙන් ද අදාළ ඇරයුම් ගිණුම්වලින් ද හිග හිටි මුදල් ප්‍රමාණයන්


අහිමි කළ කොටස් ගිණුම                                                  හර
සාමාන්‍ය කොටස් අයදුම් හා විභාජන ගිණුම                              බැර
ඇරයුම් ගිණුම                                                                           බැර


අහිමි කළ කොටස් නැවත නිකුත් කරන තෙක් අහිමි කළ කොටස් ගිණුමේ ශේෂය ශේෂ පත්‍රයේ සංචිත යටතේ වෙනම අයිතමයක් ලෙස දක්වනු ලැබේ.


අහිමි කළ කොටස් ගිණුමේ ශේෂය ප්‍රාග්ධන ලාභයක් ලෙස සලකනු ලැබෙි.


අධිමිලකට නිකුත් කර තිබු කොටස් අහිමි කිරිම ගිණුම් ගත කරන ආකාරය


අහිමි කළ කොටස් වෙනුවෙන් සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයට මාරු කර තිබු මුදල


සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ගිණුම                                                හර
අහිමි කළ කොටස් ගිණුම                                                           බැර


අහිමි කළ කොටස් සදහා නොලැබු අධිමිල


කොටස් අධිමිල ගිණුම                                                      හර
අහිමි කළ කොටස් ගිණුම                                                           බැර


හිග හිටි විභාජන මුදල් සහ හිග හිටි ඇරයුම් මුදල් අහිමි කළ කොටස් ගිණුමට මැරු කිරිම


අහිමි කළ කොටස් ගිණුම                                                  හර
අයදුම් හා විභාජන ගිණුම                                                          බැර
ඇරයුම් ගිණුම                                                                           බැර


අහිමි කළ කොටස් නැවත නිකුත් කිරිම


අහිමි කළ කොටස් නැවත නිකුත් කිරිමෙන් ලැබෙන මුදල් ප්‍රමාණයේත්, එම කොටස් කලින් විභාජනය කර තිබු පුද්ගලයන්ගෙන් ලැබි තිබුණු මුදල් ප්‍රමාණයේත් යන අගයන් දෙකෙහි එකතුව, එම කොටස්වල නාමික අගයට සමාන වෙන අගයකට හෝ ඊට වැඩි අගයකට අහිමි කළ කොටස් නැවත නිකුත් කළ හැකිය.


අහිමි කළ කොටස් නැවත නිකුත් කිරිමට අදාළ ගිණුම් සටහන්


අහිමි කළ කොටස් සදහා කොටස් ප්‍රාග්ධන ගිණුමට එම අහිමි කරන අවස්ථාව තෙක් බැර කර ඇති මුදල


සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ගිණුම                                      හර
          අහිමි කළ කොටස් ගිණුම                                        බැර


අහිමි කළ කොටස් සදහා අයදුම් හා විභාජන ගිණුමෙන් ද අදාළ ඇරයුම් ගිණුම්වලින් ද හිග හිටි මුදල් ප්‍රමාණයන්


අහිමි කළ කොටස් ගිණුම                                        හර
          සාමාන්‍ය කොටස් අයදුම් හා විභාජන ගිණුම                        බැර
          ඇරයුම් ගිණුම                                                                  බැර


අහිමි කළ කොටස් සම්පුර්ණයෙන් ගෙවා නිම කළ කොටස් සේ නැවත නිකුත් කිරිම


අහිමි කළ කොටස් ගිණුම                                        හර
          සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ගිණුම                                                බැර


නිකුත් කළ කොටස් සදහා මුදල් ලැබිම


මුදල් ගිණුම                                                           හර
          අහිමි කළ කොටස් ගිණුම                                                  බැර


අහිමි කළ කොටස් නැවත නිකුත් කිරිම නිසා ඇති වු අධිමිල, කොටස් අධිමිල ගිණුමට මාරු කිරිම (කොටස් අහිමි කිරිමේ ගිණුමේ ශේෂය)


අහිමි කළ කොටස් ගිණුම                                        හර
          කොටස් අධිමිල ගිණුම                                                      බැර




    3.6 නිදසුන


(අ) 2001 ජනවාරි මාසයේ සිමිත බන්ටි සමාගම රු.10 සාමාන්‍ය කොටස් 10,000 ක නව කොටස් නිකුතුවක් කළ අතර එයට අදාළ මුදල් රැස්කර ගැනිමේ සැලැස්ම පහත පරිදි විය.


                                                                             කොටසකට රු.
ජනවාරි 14 අයදුමේ දි                                                       4
ජනවාරි 30 විභාජනයේ දි (අධිමිලරු.2 ඇතුළු                    6
පෙබරවාරි 15 ඇරයුමේ දි                                                  2
                                                                                      12
                                                       

කොටස් 15,000ක් සදහා අයදුම්පත් ලැබුණු අතර, කොටස් විභාජනය පහත පරිදි සිදු කිරිමට කළමනාකාරිත්වය විසින් තිරණය කරන ලදි.



  • කොටස් 3,000ක අයදුම්පත් සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර එම අයදුම්කරුවන්ගේ මුදල් ආපසු යැවිම.
  • කොටස් 4,000ක අයදුම්පත් සදහා සම්පුර්ණයෙන් ම කොටස් විභාජනය කිරිම.
  • ඉතිරි කොටස් අයදුම් කළ අයදුම්කරුවනට ඉල්ලා තිබු සෑම කොටස් 4ක් සදහා ම කොටස් 3ක් බැගින් සමානුපාතිකව විභාජනය කිරිම.

විභාජනය හා ඇරයුම නිසි පරිදි සිදු කරන ලද අතර, අදාළ මුදල් ද සැලැස්මට අනුව ලැබි තිබුණි.


අවශ්‍ය වන්නේ,


අදාළ ජ’නල් සටහන් (මුදල් ද ඇතුළුව)


(ආ) ඉහත කොටස් නිකුතුවේ සමානුපාතික ලෙස කොටස් විභාජනය වු කාණ්ඩයේ කොටස් 300ක් විභාජනය වු පුද්ගලයෙකු විභාජනය හා ඇරයුම් මුදල් ගෙවිමට අපොහොසත් වු ලෙස සලකන්න. කළමනාකාරිත්වය ඔහුට විභාජනය කළ කොටස් 300 අහිමි කර එම කොටස් වලි් කොටස් 200ක් එක කොටසක් රු.8 බැගින් සම්පුර්ණයෙන් ගෙවා නිමි කොටස් ලෙස නැවත නිකුත්කොට මුදල් ලබා ගැනිමට තීරණය කළේය. අදාළ මුදල් නියමිත අවස්ථාවේ දි රැස්කරගෙන ඇත.


අවශ්‍ය වන්නේ,



  • අදාළ ජ’නල් සටහන් (මුදල් ද ඇතුළුව)
  • කොටස් අහිමි කිරිමේ හා නැවත නිකුත් කිරිමේ ගිණුම

3.6 විසදුම


(අ)                        සීමිත බන්ටි සමාගම පොදු ජ’නලය
 







































දිනය

විස්තරය


හර


බැර


 


01.01.14


 


බැංකු ගිණුම                                                         හර
සාමාන්‍ය කොටස් අයදුම් හා විභාජන ගිණුම
(කොටසකට රු.4 බැගින් කොටස් 15,000කට අයදුම් මුදල් ලැබිම)


රු.
60,000


රු.


60,000


 


සාමාන්‍ය කොටස් අයදුම් හා විභාජන ගිණුම            හර
බැංකුව
(ප්‍රතික්ෂේප කළ කොටස් 3,000ක් සදහා අයදුම් මුදල් ආපසු යැවිම) 


12,000


 


12,000


01.01.30


රු.10 සාමාන්‍ය කොටස් අයදුම් හා විභාජන ගිණුම   හර
රු.10 සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ගිණුම කොටස් අධිමිල ගිණුම
(රු.10 සාමාන්‍ය කොටස් 10,000ක් විභාජනය කිරිම)


100,000


 


80,000
20,000


01.02.15


බැංකුව                                                                හර
රු.10 සාමාන්‍ය කොටස් ඇරයුම් හා විභාජන ගිණුම
(විභාජනයට අදාළව මුදල් ලැබිම)


52,000


 


52,000


01.02.15


රු.10 සාමාන්‍ය කොටස් ඇරයුම් ගිණුම                   හර
රු.10 සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ගිණුම
(කොටස් 10,000ක් සදහා කොටසකට රු.2 බැගින්ඇරයුම ප්‍රාග්ධනිත කිරිම)


20,000


 


20,000


01.02.15


බැංකුව                                                                 හර
රු.10 සාමාන්‍ය කොටස් ඇරයුම් ගිණුම
(කොටස් 10,000 සදහා ඇරයුම් මුදල් ලැබිම)


20,000


 


20,000


                  
(ආ) (1)
                                      සිමිත බන්ටි සමාගම පොදු ජ’නල


































දිනය

විස්තරය


හර


බැර


 


 


සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ගිණුම    හර
අධිමිල ගිණුම                                 හර
    කොටස් අහිමි කිරිමේ හා නැවත  
    නිකුත් කිරිමේ ගිණුම
(රු.10 සාමාන්‍ය කොටස් 300ක් අහිමි කිරිම)


රු.
3,000
    600


රු.


 


 


3,600


 


කොටස් අහිමි කිරිමේ හා නැවත නිකුත්කිරිමේ ගිණුම                        හර
   සාමාන්‍ය කොටස් අයදුම් හා විභාජන
   ගිණුම සාමාන්‍ය කොටස් ඇරයුම් ගිණුම
(අහිමි කළ කොටස් සදහා ගෙවා නැතිවිභාජන හා ඇරයුම් මුදල් අහිමි කිරිමේ ගිණුමට මාරු කිරිම)


2,000


 


1,400
   600


 


කොටස් අහිමි කිරිමේ හා නැවත නිකුත් කිරිමේ ගිණුම                                  හර
  සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ගිණුම
(රු.10 සාමාන්‍ය කොටස්200ක් නැවත නිකුත් කිරිම)


2,000


 


2,000


 


බැංකුව (200 × රු.8)                      හර
  කොටස් අහිමි කිරිමේ හා නැවත නිකුත්කිරිමේ ගිණුම
(කොටසකට රුත8 බැගින් කොටස් 200ක් නැවත නිකුතුවෙන් ලද මුදල් සටහන් කිරිම)


1,600


 


1,600


 


කොටස් අහිමි කිරිමේ හා නැවතනිකුත් කිරිමේ ගිණුම                                 හර
  අධිමිල ගිණුම
(අහිමි කළ කොටස්වලින් කොටස් 200ක් නැවත නිකුත් කිරිමෙන් ලාභය අධිමිල ගිණුමට මාරු කිරිම)


667


 


667


කොටස් අහිමි කිරිම හා නැවත නිකුත්කිරිමේ ගිණුම







                                                         රු.
අයදුම් හා විභාජන                          1,400
ඇරයුම්                                             600
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය           2,000
අධිමිල                                              667
ශේෂය ප/ගෙ                                     533
                                                     5,200

                                                          රු.
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය             3,000
අධිමිල                                                600
බැංකුව                                             1,600


 


                                                        5,200
ශේෂය ඉ/ගෙ                                       533


පෙරවැඩ


විභාජනයේ දි හිග හිටි මුදල


කොටස් 300ක් විභාජනය කළ අය විසින් එවු අයදුම්පත් ගණනය 300 × 4 = 400
                                                                                                      3
          අයදුමේ හා විභාජනයේ ලැබිය යුතු මුදල 300  × 10   =       3,000
          අයදුමේ ලද මුදල 400 ×  4                                                (1,600)
          විභාජනයේ හිගහිටි මුදල                                                   1,400


අහිමි කළ කොටස් නැවත නිකුත් කිරිමෙන් පසු අධිමිල ගිණුමට මාරු කළ අගය
          කොටස් 300 වෙනුවෙන් ලැබිය යුතු මුදල 300  × 10 =       3,000
          අඩු - හිග හිටි - විභාජනයේ දි                1,400
                                      ඇරයුම                     600
                                                                                                (2,000)
                                                                                                 1,000
          එකතු කළා අධිමිල 300 ×  2                                               600
                                                                                                 1,600
          කොටස් 200 අහිමි කිරිමෙන් ලද ලාභය 1,600 × 2   =       1,067
                                                                              3
          කොටස් 200 නැවතනිකුතුවෙන් පාඩුව 10 – 8= 2  × 200     400
                                                                                                  667



     

(c) Shilpa Sayura Foundation 2006-2017