කලින් ලද ඇරයුම් මුදල්
 

සාංගමික ව්‍යවස්ථාවලියෙන් අවසර ඇති විටෙක, ඇරයුම් නොකළ කොටස් සදහා අදාළ මුදල් එකි ඇරයුම් කැදවිමට පෙර ලබා ගැනිමට සමාගමකට පුළුවන. එසේ ලබා ගන්නා මුදල් ප්‍රමාණය කලින් ලද ඇරයුම් යනුවෙන් හැදින්වේ. එම මුදල් ප්‍රමාණය කලින් ලද ඇරයුම් මුදල් ගිණුමට බැර කර එහි ශේෂය ඇරයුම් කැදවන අවස්ථාවේ දි අදාළ ඇරයුම් ගිණුමට මාරු කෙරේ. ගිණුම් වර්ෂය අවසානයේ දි කලින් ලද ඇරයුම් ගිණුමේ ශේෂය පවතින විට එම ශේෂයහ ගෙවා නිමි ප්‍රාග්ධනයට එකතු කර ශේෂ පත්‍රයේ දි දක්වනු ලැබේ.

කලින් ඇරයුම් මුදල් සදහා පොලියක් ගෙවිමට තිරණය කර ඇත්නම්, එම පොලිය අයභාර වියදමක් ලෙස සලකා ඇරයුම් පොලි ගිණුමකට හර කර බැංකු ගිණුමට බැර කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017