- අධිමිල සාමාන්‍යයෙන් ගිණුම්ගත කෙරෙන්නේ, විභාජන අවස්ථාවේ දි ය.
- කොටස් නිකුත් කිරිමෙන් ඇති වන අධිමිල කොටස් අධිමිල ගිණුමට මාරු කරනු ලැබේ. මෙම අධිමිල ප්‍රාග්ධන සංචිතයක් වන අතර එය පහත සදහන් කටයුතුවලට පමණක් යොදාගත යුතුය.
- ප්‍රසාද කොටස් නිකුත්කිරිමට.
- ආරම්භක වියදම්, කොටස් හා ණයකර නිකුත් කිරිමේ වියදම්,අවමිල,කපා හැරිමට.
- ප්‍රාග්ධන අවකරණයේ දි ගෙවා නිමි ප්‍රාග්ධනයේ කොටසක් ලෙස සැලකිමට
- නිදහස් කළ හැකි වරණීය කොටස් සහ ණයකර නිදහස් කිරිමේ දි අවශ?්‍ය වන අධිමිල සපයා ගැනිම.
- ප්‍රසාද කොටස් නිකුත්කිරිමට.
අවමිලට කොටස් නිකුත් කිරිමේ දි කොටස් සදහා ලැබිය යුතු සම්පුර්ණ මුදල වාරික වශයෙන් අවස්ථා කිහිපයකදි ලබා ගැනිම.
3.4 නිදසුන
සිමාසහිත අරලිය සමාගම විසින් රුපියල් 10ක් වු සාමාන්‍ය කොටස් 5,000ක් පහත සදහන් පරිදි රු.1ක අවමිලකට නිකුත් කරන ලදී.
අයදුම රු.4 විභාජනය රු.3 ඇරයුම රු.2
කොටස් 5,000 ම සදහා අයදුම්පත් ලැබුණු අතර විභාජන හා ඇරයුමු මුදල් ද නිසි පරිදි ලැබුණි. අදාළ ජ’නල් සටහන් (මුදල් ද ඇතුළුව) දක්වන්න.
3.4 විසදුම
සිමාසහිත අරලිය සමාගම පොදු ජ’නලය
දිනය | විස්තරය | හර | බැර |
| බැංකු ගිණුම | රු. | රු. 20,000 |
| සාමාන්‍ය කොටස් අයදුම් හා විභාජන ගිණුම හර | 35,000 |
40,000 |
| බැංකු ගිණුම හර | 15,000 |
15,000 |
| සාමාන්‍ය කොටස් ඇරයුමගිණුම හර | 10,000 |
10,000 |
සැ.යු. :- අවමිල සාමාන්‍යයෙන් විභාජන අවස්ථාවේ දි ගිණුම්ගත කරනු ලැබේ.
සමානුපාතික විභාජනය සහිත කොටස් නිකුත් කිරිමක් ගිණුම්ගත කිරිම
සමාගම නිකුත් කළ කොටස් ප්‍රමාණය ඉක්මවා අයදුම්පත් වැඩිපුර ලැබි ඇති විටෙක සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යම් පදනමක් මත අයදුම්කරුවන් හට කොටස් විභාජනය කිරිමට පුළුවන.
නිකුත් කළ කොටස් ප්‍රමාණය සියලුම අයදුම්කරුවන් සදහා හෝ තෝරාගත් අයදුම්කරුවන් කොටසක් සදහා හෝ කිසියම් අනුපාතිකයකට අනුව බෙදා දිම, සමානුපාතික විභාජනය යනුවෙන් අදහස් වේ.
3.5 නිදසුන
සිමාසහිත විජය සමාගම රු. 10 සාමාන්‍ය කොටස් 2,000ක් සම මිලට නිකුත් කර පහත සදහන් පරිදි මුදල් ලබා ගනි.
අයදුම රු.5
විභාජනය රු.3
ඇරයුම රු. 2
කොටස් 3,000ක් සදහා පහත සදහන් පරිදි අයදුම්පත් ලැබි තිබිණි.
මුල්‍ය සමාගමක් - කොටස් 500
සේවකයෝ - කොටස් 1,500
සමුපකාර සමිතියක් - කොටස් 1,000
මුල්‍ය සමාගම විසින් ඉදිරිපත් කළ අයදුම්පත් ප්‍රතික්ෂේප කර මුදල් ආපසු යවන ලදි. සේවකයන්ට අයදුම් කළ කොටස් සියල්ලක්ම ද සමිතියට අයදුම් කළ සැම සේවකයනට අයදුම් කළ කොටස් සියල්ලම ද සමුපකාර සමිතියට අයදුම් කළ සෑම කොටස් 5ක් සදහා කොටස් 4ක් බැගින් ද කොටස් විභාජනය කරන ලදි.
අයදුම්පත් සමග ලද අතිරික්ත මුදල විභාජනය හා ඇරයුම සදහා හිලව් කරන ලදි. විභාජනය හා ඇරයුම් මුදල් නිසි පරිදි ලැබුණි.
ඉහත ගනුදෙනුවලට අදාළ ජ’නල් සටහන් (මුදල් ද ඇතුළුව) දක්වන්න.
3.5 විසදුම
සිමාසහිත විජය සමාගම පොදු ජ’නලය
දිනය | විස්තරය | හර | බැර |
| බැංකු ගිණුම හර | රු. | රු.
15,000 |
| සාමාන්‍ය කොටස් අයදුම් හා විභාජන ගිණුම හර | 16,000 |
16,000 |
| සාමාන්‍ය කොටස් අයදුම් හා විභාජන ගිණුම හර | 2,500 |
2,500 |
| බැංකු ගිණුම හර | 5,900 |
5,900 |
| සාමාන්‍ය කොටස් ඇරයුම් ගිණුම හර | 4,000 |
4,000 |
| බැංකු ගිණුම හර | 4,600 |
4,600 |
ඉහත පොදු ජ’නලයේ හතර වන ද්විත්ව සටහන පිළිබද පැහැදිලි කිරිමක්
සේවකයන්ගෙන් ලැබිය යුතු විභාජන මුදල් = 1,500 × 3 = 4,500
සමුපකාර සමිතියෙන් දැනට ලැබි ඇති මුළු අයදුම් මුද = 100 × 5 = 5,000
සමුපකාර සමිතියට විභාජනය කළ කොටස් ප්‍රමාණය = 1,000 × 4/5 = කොටස්800
මේ අනුව සමුපකාර සමිතියෙන් ඉතිරි වන අයදුම් මුදල් = 800 × 5 = 4,000
සමුපකාර සමිතියෙන් කොටස් 800ට ලැබිය යුතු විභාජන මුදල් = 800 × 3 = 2,400
සමුපකාර සමිතියේ ඉතිරි මුදල් හිලව් කළ පසු = 2,400 – 1,000 = 1,400
මේ අනුව ලැබිය යුතු මුළු විභාජන මුදල
සේවකයන්ගෙන් 4,500 + සමුපකාර සමිතියෙන් 1,400 = 5,900
හිග හිටි විභාජන මුදල් සහ හිග හිටි ඇරයුම් මුදල්
විභාජනයේ දි කොටස් සදහා හිග හිටි මුදල්, හිග හිටි විභාජන මුදල් යනුවෙන් ද ඇරයුමේ දි හිග හිටි ඇරයුම් මුදල් යනුවෙන් ද හැදින්වේ.
හිග හිටි විභාජන මුදල් අයදුම් හා විභාජන ගිණුමේ හර ශේෂයක් ලෙස ද හිග හිටි ඇරයුම් මුදල් හිග හිටි ඇරයුම් ගිණුමේ හර ශේෂයක් ලෙස ද ඉදිරියට ගෙන යනු ලැබේ. හිග මුදල්වල එකතුව ශේෂ පත්‍රයේ දි ගෙවා නිමි කොටස් ප්‍රාග්ධනයෙන් අඩු කර දක්වනු ලැබේ.