කොටසකනාමික අගය :- සමාගම ලියාපදිංචි කිරිමේ දි නිශ්චිත ලෙස දක්වා ඇති කොටසක අගය නාමික අගය ලෙස සැලකේ.
කොටස් නිකුත් කළ හැකි විවිධ මිල :-
- සම මිල
- අධි මිල
- අව මිල
සම මිලට නිකුත් කිරිම යනු, නාමික අගයටම නිකුත් කිරිමය. නිද. රු. 10කු වු කොටසක් රු.10ටම නිකුත් කිරිම.
අධිමිලට නිකුත් කිරිම යනු, නාමික අගයට වඩා වැඩි මිලකට කොටස් නිකුත් කිරිමය. නිද. රු.10 ක් වු කොටසක් රු. 12 කට නිකුත් කිරිම මෙහි අධිමිල රු.2 කි.
අවමිල නිකුත් කිරිම යනු, නාමික අගයට වඩා අඩු මිලකට කොටස් නිකුත් කිරිමය. නිද. රු.10 ක් වු කොටසක් රු.9 කට නිකුත් කිරිම මෙහි අවමිල රු.1 කි.
විභාජන ලිපිය සහ කනගාටු ප්‍රකාශ කිරිමේ ලිපිය
සමාගම විසින් නිකුත් කිරිමට තිරණය කළ කොටස් වෙනුවෙන් ලැබුණු අයදුම්පත් අතරින් අධ්යක්ෂ මණ්ඩලය විසින් තෝරා ගත් අයදුම්කරුවන් වෙත කොටස් වෙන් කිරිම, කොටස් විභාජනය යනුවෙන් හැදින්වේ. කොටස් වෙන් කළ බව අයදුම්කරුවන් වෙත දන්වා යවන ලිපිය, විභාජන ලිපිය යනුවෙන් හැදින්වේ. කොටස් විභාජනය නොකළ එක් එක් අයදුම්කරුවන් වෙත ඔහු විසින් එවා තිබු මුදල සමග ලිපියක් ද යැවේ. එම ලිපිය කනගාටු ප්‍රකාශ කිරිමේ ලිපිය යනුවෙන් හැදින්වේ.
සමාගමක් විසින් කොටස් සදහා ලැබිය යුතු මුදල රැස් කර ගන්නා ක්‍රම
- කොටස් සදහා ලැබිය යුතු සම්පුර්ණ මුදල අයදුම්පත් සමග එකවර ලබා ගැනිම.
- කොටස් සදහා ලැබිය යුතු සම්පුර්ණ මුදල වාරික වශයෙන් අවස්ථා කිහිපයකදි ලබා ගැනිම.
කොටස් සදහා ලැබිය යුතු සම්පුර්ණ මුදල අයදුම්පත් සමග එකවර ලබා ගැනිම
කොටස් සදහා ලැබිය යුතු සම්පුර්ණ මුදල අයදුම්පත් සමග එකවර කැදවිමේ දි ඒවා සම මිලට හෝ අධි මිලට හෝ අවමිලට හෝ නිකුත් කළ හැකිය.
සම මිලට කොටස් නිකුත් කිරිම
1. ලැබුණු මුදල ගිණුම්ගත කිරිම
බැංකු ගිණුම හර
සාමාන්‍ය කොටස් අයදුම් හා විභාජන ගිණුම බැර
2. විභාජනය කළ කොටස් අගය ප්‍රාග්ධන ගිණුමට මාරු කිරිම
සාමාන්‍ය කොටස් අයදුම් හා විභාජන ගිණුම හර
සාමාන්‍ය කොටස් අවමිලට ප්‍රාග්ධන ගිණුම බැර
අධිමිලට සහ අවමිලට කොටස් නිකුත් කිරිම පිළිබදව පැහැදිලි කිරිම් ඉදිරියේ දි දැක්වෙනු ඇත.