සමාගමක කොටස් ප්‍රාග්ධන ව්‍යුහය ඊට සම්බන්ධ යෙදුම් ඇසුරින් සලකා බැලිය හැකිය.
අනුදත් ප්‍රාග්ධනය :- සමාගමකට නිකුත් කිරිමට බලය ඇති මුළු කොටස් ප්‍රාග්ධනය මෙයින් අදහස් වේ. ලියාපදිංචි ප්‍රාග්ධනය යනාදි යෙදුම්වලින් ද මෙය හැදින්වේ.
නිකුත්කළ ප්‍රාග්ධනය :- සමාගම විසින් කොටස් හිමියන්ට නිකුත් කර ඇති මුළු කොටස් ප්‍රාග්ධනය මෙයින් අදහස් වේ.
නිකුත් නොකළ ප්‍රාග්ධනය :- අනුදත් ප්‍රාග්ධනයෙන් කොටස් හිමියන්ට නිකුත් කර නැති ප්‍රාග්ධනය මෙයින් අදහස් වේ.
ඇරයු ප්‍රාග්ධනය :- කොටසක් සදහා ගෙවිය යුතු මුළු මුදලින් මුදල් ගෙවන ලෙස කැදවා ඇති ප්‍රමාණය මෙයින් අදහස් වේ.
නොඇරයු ප්‍රාග්ධනය :- නිකුත් කළ ප්‍රාග්ධනයෙන් අනාගතයේ දි ඇරයුම් කිරිමට තබා ගන්නා ප්‍රාග්ධනයයි.
ගෙවා නිමි ප්‍රාග්ධනය :- ඇරයු ප්‍රාග්ධනයෙන් කොටස් හිමියන් විසින් ගෙවා ඇති මුළු ප්‍රමාණයයි.
හිග හිටි ප්‍රාග්ධනය :- කොටස් සදහා කැදවා ඇති ප්‍රමාණයෙන් නියමිතදින වන විටත් කොටස් හිමියන් විසින් ගෙවා නැති ප්‍රමාණය මෙයින් අදහස් වේ.
කලින් ලද ඇරයුම් ප්‍රාග්ධනය :- ගෙවිමට නියමිත ඇරයුම් ප්‍රමාණයට අමතරව අනාගතයේ දි ගෙවිය යුතු ඇරයුම සදහා ද ඒවා ඇති මුදල් ප්‍රමාණය මෙයින් අදහස් වේ.
සංචිත ප්‍රාග්ධනය :- නොඇරයු ප්‍රාග්ධනයෙන් හදිසි අවස්ථාවකදි කැදවිමට බලාපොරොත්තු වන ප්‍රමාණය මෙයින් අදහස් වේ.
3.1 නිදසුන
සිමාසහිත සුමාලි සමාගම රු.10 සාමාන්‍ය කොටස් 200,000 ක් සහිතව සංස්ථාපනය කරන ලදි. ඒවායින් කොටස් 150,000 සම මිලට නිකුත් කර කොටසකට රු.8 බැගින් කැදවා ඇත. කොටස් 30,000 ක් හිමි පුද්ගලයෙකු කොටසකට රු.9 බැගින් ගෙවා ඇති අතර කොටස් 10,000 ක් හිමි පුද්ගලයෙකු ගෙවා ඇත්තේ කොටසකට රු.7 බැගිනි. අනෙකුත් අයදුම් කරුවන් නියමිත පරිදි ගෙවා ඇත. කොටසක් සදහා මෙතෙක් කැදවා නැති රුපියල් දෙකෙන් රු 1 ක් පමණක් විශේෂ අවස්ථාවකදි කැදවිම සදහා වෙන් කර ඇත.
මෙම තොරතුරු ඇසුරෙන් සමාගමක ප්‍රාග්ධනයට අදාළ විවිධ යෙදුම් හදුනා ගනිමු.
3.1 විසදුම
රු.
අනුදත් ප්‍රාග්ධනය 200,000 × 10 = 2,000,000
නිකුත් කළ ප්‍රාග්ධනය 150,000 × 10 = 1,500,000
නිකුත් නොකළ ප්‍රාග්ධනය 50,000 × 10 = 500,000
ඇරයු ප්‍රාග්ධනය 150,000 × 8 = 1,200,000
නොඇරයු ප්‍රාග්ධනය 150,000 × 2 = 300,000
ගෙවා නිමි ප්‍රාග්ධනය
150,000 – 10,000 = 140,000
140,000 × 8 = 1,120,000
10,000 × 7 = 70,000
වැඩිපුර ලද මුදල 30,000 × 1 = 1,190,000
කලින් ලද ඇරයුම් 30,000 × 1 = 30,000
හිග හිටි ප්‍රාග්ධනය 10,000 = 30,000
සංචිත ප්‍රාග්ධනය 150,000 × = 150,000