සිමාසහිත සමාගමක කොටස් ප්‍රාග්ධනය
 

ප්‍රාග්ධනය කුඩා කොටස්වලට බෙදා එම කොටස් පුද්ගලයනට හා ආයතනවලට නිකුත් කරමින් සිමාසහිත සමාගමක් විසින් සම්පාදනය කර ගන්නා ප්‍රාග්ධනය, කොටස් ප්‍රාග්ධනය යනුවෙන් හැදින්වේ.


සිමාසහිත සමාගමක කොටස් වර්ග


කොටස්වලට හිමි අයිතිවාසිකම් අනුව, සිමාසහිත සමාගමක කොටස් ප්‍රධාන වශයෙන් වර්ග 3 ක් යටතේ දැක්විය හැකිය.



  1. සාමාන්‍ය කොටස්
  2. වරණීය කොටස්
  3. ආදී කර්තා කොටස් (විලම්බිත කොටස්)

සාමාන්‍ය කොටස්


සමාගමක කොටස් ප්‍රාග්ධනයෙන් වැඩි ප්‍රමාණයක් සමන්විත වන්නේ, සාමාන්‍ය කොටස්වලින්ය. බොහෝ විට සාමාන්‍ය කොටස් හිමියන්ට සමාගමේ ඡන්ද බලය හිමි වේ. වරණීය කොටස් සදහා ලාභාංශ ගෙවු පසු ඉතිරි වන ලාභයෙන් අධ්‍යක්ෂකවරුන්ගේ තිරණය අනුව තිරණය කරනු ලබන ලාභ ප්‍රතිශතයක් සාමාන්‍ය කොටස්වලට හිමිවේ. සමාගම ඈවර තිරිමේ දි සාමාන්‍ය වශයෙන් අවසාන ගෙවිම් කරනු ලබන්නේ සාමාන්‍ය කොටස් හිමියන්ට ය.


වරණීය කොටස්


වරණීය කොටස් සදහා ස්ථිර වාර්ෂික ලාභාංශයක් හිමි වේ. සාමාන්‍ය කොටස් හිමියන්ට ගෙවිමට පෙර වරණීය කොටස්වලට ලාභාංශ ගෙවනු ලැබේ. වරණීය කොටස් සාමාන්‍යයෙන් සමුච්චිත වරණීය කොටස් ලෙස සැලකේ. මෙයින් අදහස් වන්නේ, එම වරණිය කොටස්වල හිග ලාභාංශ ඉදිරි වර්ෂවල ලාභවලින් ලබා ගත හැකි බවය. මෙම හිග ලාභාංශ ලබා ගැනිමට හිමිකමක් නොමැතිව නිකුත්කෙරෙන වරණීය කොටස් අසමුචිචිත වරණීය කොටස් යනුවෙන් හැදින්වේ.


වරණීය කොටස්වලට ඡන්ද බලය සාමාන්‍යයෙන් හිමි නොවේ. සමාගමක් ඈවර කිරිමේ දි සාමාන්‍යයෙන් නාමික අගය ගෙවිමේ ප්‍රමුඛත්වය වරණීය කොටස් සදහා හිමි වේ.


සහභාගි වරණීය කොටස් සහ නිදහස් කළ හැකි වරණීය කොටස් යනුවෙන් හදුන්‍වන වරණිය කොටස් වර්ග ද සිමාසහිත සමාගම් විසින් නිකුත් කරනු ලැබේ.


විලම්බ්තය හෙවත් ආදි කතෘ කොටස්


මේවා නිකුත් කෙරෙන්නේ සමාගමේ ප්‍රවර්ධනයක් සදහා ය. සාමාන්‍යයෙන් සදාගම් විසින් මෙම කොටස් නිකුත් කරන්නේ ඉතාමත් කලාතුරකිනි. මේවාට ඡන්ද බලය ඇතුළු විශේෂ වරප්‍රසාද හිමිවේ. සාමාන්‍ය කොටස් හිමියන්ට ලාභාංශ ගෙවිමෙන් පසු මෙම කොටස් සදහා ලාභාංශ ගෙවනු ලැබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017