සීමාසහිත සමාගම් ගිණුම්
 

අවම වශයෙන් සාමාජික සංඛ්‍යාව 7 කට සිමා වන, උපරිම සාමාජික සංඛ්‍යාවෙහි සිමාවක් නැති, කොටස් හෝ ණයකර නිකුත් කිරිමට බලය ඇති, කොටස් හෝ ණයකර පැවරිමේ අයිතිය සමාගම් පනතින් සිමා නොකෙරෙන, වගකිම් සිමාසහිත වුද, නිතිමය පුද්ගලභාවයකින් යුක්ත වු ද, ව්‍යාපාර සංවිධාන විශේෂය, සිමාසහිත පොදු සමාගම් යනුවෙන් හැදින්වේ.


ශ්‍රී ලංකාවේ සමාගම් සම්බන්ධයෙන් අදාළ වන පනත් වන්නේ, 1982 අංක 17 දරන සමාගම් පනතය.


සමාගම් පනත අනුව සිමාසහිත පොදු සමාගමක් විස්න් පවත්වා ගත යුතු ගිණූම් පොත් හා වාර්තා



  • ගිණුම්කරණ පොත්

සමාගම් පනතේ 143 වගන්තිය අනුව පහත සදහන් තොරතුරු ඇතුළත් ගිණුම් පොත් පවත්වා ගෙන යා යුතුය.



  1. ලැබිම් සහ වියදම් පිළිබද විස්තර ද සහිතව සමාගමට ලැබුණු හා වියදම් කළ සියලුම මුදල් ප්‍රමාණයන්
  2. සාමාගම විසින් සිදු කළ සියලුම ගැනුම් හා විකුණුම්
  3. සමාගමේ වත්කම් හා වගකිම්


  • ව්‍යවස්ථාපිත පොත්

සමාගමේ කොටස්කරුවන්ගේ අයිතින් සුරැකිම සදහා පවත්වා ගෙන යා යුතු වාර්තා මෙයින් අදහස් වේ. ඉනු ප්‍රධාන ඒවා කිහිපයක් පහත දැක්වේ.




    1. සාමාජිකයන්ගේ ලේඛනය
    2. ණය හිමියන්ගේ ලේඛනය
    3. අධ්‍යක්ෂකවරුන්ගේ හා ලේකම්වරුන්ගේ ලේඛනය
    4. අධ්‍යක්ෂකවරුන් සතු කොටස් පිළිබද ලේඛනය
    5. සාමාජිකයන්ගේ හා අධ්‍යක්ෂකවරුන්ගේ රැස්විම් වාර්තා
    6. ගාස්තු ලේඛනය


  • වාර්ෂික වාර්තාව

සමාගමේ අධ්‍යක්ෂකවරුන් විසින් එහි සාමාජිකයන් වෙත වාර්ෂික ගිණුම් ඇතුළත් වාර්ෂික වාර්තාව ඉදිරිපත් කළ යුතුය. එය ප්‍රධාන වශයෙන් පහත සදහන් වාර්තාවලින් සමන්විත වේ.




    1. සමාගමේ ශේෂ පත්‍රය
    2. ලාභලාභ ගිණුම
    3. ඉහත ලේඛනවලට අදාළ සටහන්
    4. විගණක වාර්තාව
    5. අධ්‍යක්ෂකවරුන්ගේ වාර්තාව

(c) Shilpa Sayura Foundation 2006-2017