1 නිදසුන්
 

අජිත් නියෝජන පදනම මත පරිගණක 20ක් ටාෂි වෙත යැවීය. එක් පරිගණක පිරිවැය රු. 50,000 වූ අතර නියෝජනය ටාෂි වෙත යැවීම සදහා අජිත් ප්‍රවාහන වියදම් ලෙස රු.10,000ක් දැරීය. නියෝජනය භාර ගැනීමෙන් පසු අජිත් එවූ රු.500,000 විනිමය බිල්පත ප්‍රතිග්‍රාහණය කළ අතර, එම බිල්පත අජිත් වට්ටම් කර‍‍ෙගනු 570,000ක් ලබා ගත්තේය. ලැබුණු පරිගණක වලින් දෙකක් හොද තත්වයෙන් නොමැති බව ටාෂි හදුනා ගැනීමෙන් අනතුරුව රු. 2,000 ප්‍රවාහන වියදම් දරා ඒවා වහාම අජිත් වෙත යැවී ය. අජිත් රු. 5,000 ක වියදමක් දරා මෙම පරිගණක අලුත්වැඩියා කර මෙම පරිගණක දෙකම 98,000ක අගයකට තොගයට ගන්නා ලදී. අජිත් තමාගේ ගිණුම් කාලච්චේදය අවසානයේ දී ටාෂිගෙන් විකුණුම් විස්තරයක් ලබාගන්නා ලදී. එහි සදහන් වූ විස්තර මෙසේය.


විකුණුම් -


 පරිගණක 10 ක් අත්පිට - එකක් රු. 65,000ක් බැගින්
පරිගණක 05ක් ණයට - එකක් රු. 70,000ක් බැගින්


පරිගණක 01ක් ටාෂිගේ පෞද්ගලික පරිහරණයට තබා ගන්නා ලදී.



වියදම් -


 ගබඩාව වියදම් රු. 18,000යි.
විකුණුම් වියදම් රු. 32,000යි.


ගිණුම් ප්‍රකාර මුළු වියදම් මත 5% වෙළෙද කොමිස් ද ණය විකුණුම් වත 4%ක් කැපකරු තොමිස් ද, ටාෂිට හිමිය. ටාෂි විසින් පෞද්ගලික පරිහරණයට තබා ගත් පරිගණකය වෙනුවෙන් එහි පිරිවැය වූ රු. 50,000ක් ටාෂි ගෙන් අය කිරීමට අජිත් තීරණය කලේය.


අවශ්‍ය වන්නේ,


අජිත්ගේ පොත් වල පහත සදහන් ‍ෙලස ගිණුම්


1. නියෝජන ගිණුම්
2. ටාෂිගේ ගිණුම්
3. හානි වූ ගීණුම්
4. 2003 දෙසැම්බර් 31 දිනට පිළියෙල කරන ශේෂ පත්‍රයේ මෙම නියෝජනයට අදාළ අයිතම



  1. විසදුම

නියෝජන ගිණුම







                                                රුපියල්
නියෝජනය පිට යැවු බඩු         1,000,000
මුදල් (ප්‍රවාහන වියදම්)                  10,000
ලැබිය යුතු බිල් (වට්ටම්)               30,000
ටාෂි (ආපසු එවිමේ වියදම්)              2,000
ටාෂි (ගබඩා වියදම්)                      18,000
ටාෂි (විකුණුම් වියදම්)                   32,000
ටාෂි (වෙළෙද කොමිස්)                 50,000
ටාෂි (කැපකරු කොමිස්)               14,000
ලාභලාභ (ලාභය)                        100,000
                                               1,256,000
ශේෂය ඉ/ ගෙ                              103,000

                                                රුපියල්
ලැබිය යුතු බිල්                       103,000
ටාෂි - (අත්පිට විකුණුම්)          650,000
                                                        -
(ණයට විකුණුම්)                     350,000
                                                         -
ගැනිලි                                      50,000
ශේෂය ප / ගෙ (ඉතිරිය තොග) 103,000


 


                                               1,256,000


ටාෂිගේ ගිණුම







නියෝජන - (අත්පිට ගිණුම්)     650,000

  1. (ණයට විකුණුම්) 350,000
  2. (ගැනිලි)                50,000

ලැබිය යුතු බිල්                             600,000
නියෝජන - (ආපසු එවිමේ වියදම්)    2,000
                - (ගබඩා වියදම්)             18,000
                - (විකුණුම් වියදම්)          32,000
                - (වෙළෙද කොමිස්)        50,000
                - (කැපකරු කොමිස්)    334,000
 ශේෂය  ප / ගෙ                         1,050,000


හානි වු තොග ගිණුම







                                         රුපියල්
නියෝජන ගිණුම                 103,000
මුදල් (අලුත් වැඩියාව)              5,000
                                           108,000

                                           රුපියල්
තොග ගිණුම                     98,000
ලාභලාභ ගිණුම                 10,000
                                       108,000


2003.12.31 දිනට ශේෂ පත්‍ර අයිතම







                            රුපියල්
ජංගම වගකිම්
ටාෂි                     334,000

                                        රුපියල්
ජංගම වත්කම්
නියෝජන ඉතිරි තොගය     103,000


පෙර වැඩ
හානි වූ තොග    -    පිරිවැය                            50,000 × 2            100,000
                             සාමානුපාතික වියදම්        10,000 × 2                1,000
                                                                20   
                        ආපසු එවීමේ වියදම්  
                                                                                                       2,000
                                                                                                                       
                                                                                                    103,000  

ඉතිරි තොග ගණනය කිරීම
                        තොගය  20 – ( 2 + 10 + 5 + 1)  =  2 × 50,000  = 100,000
                        වියදම - අජිත් 10,000 × 2                                    1,000
                                                    20
                        වියදම - ටාෂි 18,000 × 2                                     2,000


 

(c) Shilpa Sayura Foundation 2006-2017