නොවිකිණි ඇති නියෝජන තොග වලට අදාළ සමානුපාතික වියදම් ගණනය කිරීම
 

නියෝජන තොගය යනු‍ෙවන් දරන ලද මුළු වියදම් අතරින් විකුණූ භාණ්ඩ වලට පමණක් නිශ්චිතවම අදාළ වන වියදම් ප්‍රමාණය ඉතිරි තොගයට සමානුපාතිකව ගණනය කිීමෙන් තීරණය කෙරෙන වියදම් ප්‍රමාණය, සමානුපාතික වියදම් යනුවෙන් අදහස් වේ.


සමානුපාතික වියදම් ගණනය කිරීමේ දී විතුණුම් වලට සෘජුවම අදාළ වන වියදම් සැලකිල්ලට නොගැනේ. එවැනි වියදම් කිහිපයකට නිදසුන් ලෙස. ප්‍රචාරණ වියදම්, බෙදාහැරීමේ වියදම්, විකුණුම් කොමිස් ඇතුළු විකුණුම් වියදම්, දුන් වට්ටම්, බොල් ණය, භාණ්ඩ ආපසු එවීමේ වියදම් යනාදී විකුණුම් වලට සෘජුවම අදාළ වීයදම් දැක්විය හැකිය.


පැටවීමේ ගාස්තු, බෑමේ ගාස්තු, ප්‍රවාහන ගාසිතු, රක්ෂණ ගාස්තු, ගුදම් ගස්තු යනාදී වියදම් සමානුපාතික වියදම් ගණන් බැලීමේ දී සාමාන්‍යයෙන් සැලකිල්ලට ගනු ලබන වියදම් වලට නිදසුන් ලෙස දැකිවිය හැකිය.


නියෝජකයාගේ පොත් වල ගණුදෙනුවලට අදාළද්විත්ව සටහන්


නියොජ්‍යයා වෙත යැවූ භාන්ඩ වල පිරිවැය
          නියෝජන ගිණුම                                 හර
            නියෝජන පිට යැවූ ගිණුම                                     බැර


භාණ්ඩ තොග යැවීම සදහා නියොජකයා දරන ලද වියදම්
          නියෝජන ගිණුම                                 හර
            මුදල් පොත / නය හිමි ගිණුම                        බැර


නියෝජන භාණ්ඩ වෙනුවෙන් නියෝජ්‍යයා විසින් දරන ලද වියදම්
          නියොජන ගිණුම                                 හර
            නියෝජ්‍යයාගේ ගිණුම                                බැර


නියොජ්‍යයාගේ අත්පිට විකුණුම්
          නියෝජ්‍යයාගේ ගීණුම                        හර
            නියෝජන ගිණුම                                        බැර


නියෝජ්‍යයාගේ ණයට විකුණුම් 
          නියෝජන ණය ගැති ගිණුම                           හර
            නියෝජන ගිණුම                                        බැර


නියෝජන ණය ගැතියා‍ගෙන් නියෝජ්‍යයාට මුදල් ලැබීම
          නියෝජ්‍යයාගේ ගිණ්ම                        හර
            නියෝජන ණය ගැති ගිණුම                         බැර


නියෝජන ණයගැතියාගෙන් නියෝජකයාට සෘජුවම මුදල් ලැබුණු විට
          මුදල් පොත                                         හර
            නියෝජන ණයගැති ගිණුම                       බැර


නියෝජ්‍යයා විසින් අත්තිකාරම් ලෙස මුදල් එවීම හෝ විනිමය බිල්ප්‍රතිග්‍රහනය කිරීම
          මුදල් පොත / ලැබිය යුතු විනිම‍ය බිල්    හර
            නියෝජ්‍යයාගේ ගිණුම                                බැර


නියෝජන ණයගැතියන් මත ඇති වන බොල් ණය හා දුන් වට්ටම්
         
නියෝජ්‍යයා විසින් දැරිය යුතු නම්, (එනම්, කැපකරු කොමිස් ගෙවයි නම්)
          නියෝජ්‍යයාගේ ගිණුම                        හර
            නියෝජන ණයගැති ගීණුම                          බැර


නියෝජකයා විසින් දැරිය යුතු නම්, (එනම්, කැපකරු කොමිස් නොගෙවයි නම්)
          නියෝජන ගිණුම                       හර
            නියෝජන ණයගැති ගිණුම                 බැර


නියෝජකයා විසින් නියෝජ්‍යයාට ගෙවිය යුතු සියලුම වර්ග වලට අයත් කොමිස්
          නියෝජන ගිණුම                                 හර
            නියෝජයයාගේ ගිණුම                                බැර


නියෝජ්‍යයාගෙන් නියෝජකයාට මුදල ්ලැබුණු විට
          මුදල් පොත                                         හර
            නියෝජ්‍යයාගේ ගිණුම                                බැර


නියෝජ්‍යයා විසින් යහපත් තත්වයෙන් හරවා එවු භාණ්ඩ (නිද- ඇනවුම් කල වර්ගයට වෙනස් භාණ්ඩ එවීම)
         
          එම භාණ්ඩ වල පිරිවැය,
         
නියෝජන පිට යැවූ භාණ්ඩ ගිණුම                  හර
            නියෝජන ගිණුම                                        බැර


          මෙම බඩු සදහා ඒ අවස්තාව දක්වා දරා ඇති වියදම්,
         
ලාභාලාබ ගිණුම                                  හර
            නියෝජන ගිණුම                                        බැර


හානි වූ භාණ්ඩ නියෝජ්‍යයා විසින් ආපසු එවීම


හානි වූ තොගයේ මුළු වටිනාකම (මුල් පිරිවැය + සෘජු වියදම් + සමානුපාතික වියදම්)


හානි වූ තොග ගිණුම                                     හර
  නියෝජන ගිණුම                                        බැර


හානි වූ තොගයේ උපලබ්ධි අගයක් තිබෙන විට තොගයේ මුළු වටිනාකමින් එම උපලබ්ධි අගය අඩු කල පසු ලැබෙන අලාභය,


ලාභලාභ ගිණුම                                   හර
  හානි වූ තොග ගිණුම                                   බැර


නියෝජ්‍යයා විසින් ප්‍රචාරණය සදහා කනාමිලේ බෙදා හරින ලද භාණ්ඩ
          එම භාණ්ඩවල පිරිවැයට අදාළ සමානුපාතික වියදම් කොටසද එකතු කොට,
          නියෝජන ගිණුම                                 හර
            නියෝජන ගිණුම                                        බැර

(c) Shilpa Sayura Foundation 2006-2017