- නියෝජන ගිණුම්
- නියෝජ්‍යාගේ ගිණුම
- නියෝජන පිට යැවු බඩු ගිණුම
- නියෝජන ණය ගැති ගිණුම
නියෝජන ගිණුම :- මෙම ගිණුම පිළියෙල කිරීමේ මූලික අරමුණ නියෝජන ලාභය හෝ අලාභය සොයා ගැනීමය. නියෝජනයට අදාළ වියදම් හර කරන අතර ආදායම් මෙම ගිණුමට බැර කරනු ලැබේ. කාලච්චේදය අවසානයේ දී නියෝජන ලාභය හෝ අලාභය පොදු ලාභ ගිණුමට මාරු ෙකරෙන අතර අවසාන තොගයක් ඉතිරිවී ඇත් නම් එය මෙම ගිණුමේ හර ශෙෂයක් ලෙස ඉදිරියට ගෙන යන අතර ශේෂ පත්‍රෙය් ජංගම වත්කමක් ලෙස දක්වනු ලැබේ.
නියෝජ්‍යාගේ ගිණුම :- නියෝජ්‍යාෙගන් නියෝජකයාට අයවිය යුතු මුදල් ප්‍රමාණය ගණනය කිරීම සදහා මෙම ගිණුම පිළියෙල කෙරේ. නියෝජ්‍යාගෙන් නියෝජකයට අය විය යුතු සියළුම මුදල් මෙම ගිණුමේ හර කෙරෙන අතර නියෝජකයා විසන් නියෝජකයාට ගෙවිය යුතු සියලුම මුදල් ද නියෝජ්‍යා වාසින් ප්‍රේෂනය කළ මුදල් ද මෙම ගිණුමට බැර කෙරේ. නියෝජයාගෙන් නියෝජකයාට තවදුරටත් අයවිය යුතු මුදල් ප්‍රමාණය මෙම ගිණුමේ ශේෂයෙන් දැක්වෙන් අතර එය ෙශ්ෂ පත්‍රයේ ජගම ගිණුමක් ලෙස දක්වනු ලැබේ.
නියෝජන පිට යැවු බඩු ගණුම :- නියොජකයා විසින් නියෝජ්‍යයා වෙත යැවූ භාණ්ඩ වල පිරිවැය ගණනය කිරීම සදහා මෙම ගිණුම පිළියෙල කෙරේ. මෙම ගිණුමේ ශේෂය කාලච්චේදය අවසානයේ වෙළෙද ගිණුමට මාරු කෙරේ. ඒ අනුව, එම ශේෂ ෙවළෙද ගිණුමේ හර පැත්තේ ආරම්භක තොගය හා ගැණුම් යන කොටස් වල එකතුවෙන් අඩු කර දක්වනු ලැබේ.
නියෝජන ණය ගැති ගිණුම :- නියෝජ්‍යයා විසින් කරන ලද ණයට විකුණුම් සම්බන්ද ගණුදෙනු මෙහි සටහන් කෙරේ. කාලච්චේදය අවසානයේදී තව දුරටත් නියෝජන ණයගැතියාගෙන් අය විය යුතු ප්‍රමාණය මෙම ගිණුමේ ශේෂයෙන් දැක්වේ. එය ශේෂ පත්‍රයේ ජංගම වත්කම් යටතේ දක්වනු ලැබේ.