තොග වෙළෙන්දෙකු හෝ නිෂ්පාදකයෙකු .තමා සතු භාණ්ඩ තොග කොමිස් ගෙවීමේ ක්‍රමයට භාහිර පාර්ශ්වක් ලවා අගෙවි කරවා ගනීමේ ක්‍රියාවලිය, නියෝඩන වෙළදාම යනුවෙන් හැදින් වේ.
නියෝජන වෙළදාමට සම්බන්ධ පාර්ශ්ව
- නියෝජකයා හෙවත් ප්‍රධානියා :- තමන් සතු භාණ්ඩ විකිණීම සදහා අන් අයෙකු වෙත එවන පුද්ගලයා.
- නියෝජ්‍යයා හෙවත් නියෝජිතයා :- භාණ්ඩ විකිණීමට භාරගන්නා පුද්ගලයාය
නියෝජන වෙළෙද කටයුතු සම්බන්ධයෙන් නියෝජ්‍යත්ව නීතිය යටතේ වැදගත් වන කරුණු
- නියෝජන බඩු තොගය නියෝජ්‍යයා විසින් විකුණනතෙක් එහි අයිතිය ප්‍රධානියා සතුය. ඒ අනුව නියෝජ්‍යයා ලග ඉතිරිව ඇති නියෝජන භාණ්ඩ ප්‍රධානියාගේ වත්කමකි.
- නියෝජන කටයුත්තට අදාළ ආදායම ප්‍රධානියාට අයිති වන අතර පොරොන්දු වී ඇති ආකාරයට යම් ෙකාමිස් ප්‍රමාණයක් පමණක් ප්‍රධානියා විසින් නියෝජ්යයාට ගෙවිය යුතුය.
- විශේෂ එනගතාවයක් නොමැති විට, නියෝජනයට අදාල සියළු වියදම් හා අලාභ ප්‍රධානියා විසින් දැරිය යුතුය.
ඉහත කරුණු සාමාන්‍ය තත්ත්වය යටතේ වලංගු වන අතර ප්‍රධානියා සහ නියෝජ්යා අතර ඇති කර ගන්නා නියෝජන ගිණුම අනුව ඉහත කරුණු වෙනස් විය හැකිය.