පයිතගරස් ප්‍රමේය පරීක්‍ෂාකර බැලීම
 

සෘජුකෝණී ත්‍රිකෝණයක් ඇඳ, එහි පාදවල දිගට සමචතුරශ්‍ර තුනක් අඳින්න. මධ්‍යම ප්‍රමාණයේ සමචතුරශ්‍රය මත දක්වා ඇති පරිදි ඉරි ඇඳ කපාගන්න.


ඒවා රෑපයේ පෙන්වා ඇති පරිදි තබා බලන්න.


තවත් ක්‍රමයක් සලකා බලමු

a හා b ප්‍රමාණ දෙකකින් යුතු සමචතුරස්‍ර දෙකක් කපා එකලඟ තබන්න. කුඩාම පාදය b වනසේ සෘජු කෝණික ත්‍රිකෝණ දෙකක් ඇඳ කපාගන්න. .


ඒවා වමට සහ දකුණට කරකවා සෑදෙන සම චතුරස්‍රයේ වර්ගපලය බලන්න



තවත් ක්‍රමයක් සලකා බලමු
එකහා සමාන සෘජුකෝණී ත්‍රිකෝණ 4ක් කපාගෙන පහත පරිදි තබා
භ්‍රමණය කර c දිග පළල ඇති සමචතුරස්‍රයක් සදාගන්න


සෑම ත්‍රිකෝණයකම වර්ගපලය (axb)/2 වේ.

විශාල සමචතුරස්‍රය තුල ඇති කුඩා සමචතුරස්‍රාකාර
සිදුරේ දිග හා පළල (a-b) වේ.
එහි වර්ගපලය (a-b) ²

ත්‍රිකෝණ හතරේ වර්ගපලය 4 x (ab/2)
නැතහොත් 2ab වේ.

සම්පුර්ණ වර්ගපලය c² බැවින්

c² = (a-b)²+2ab වේ
c²= a²+b²-2ab+2ab වේ
c²= a²+b² වේ



 
(c) Shilpa Sayura Foundation 2006-2017