පරිත්‍යාග සහ විශේෂ පරිත්‍යාග
 

මෙවැනි සංවිධාන වලට ලැබෙන පරිත්‍යාග, ප්‍රධ‍ාන වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වීමට පුළුවන. එනම්, සාමාන්‍ය පරිත්‍යග සහ විශේෂ පරිත්‍යාග යනුවෙනි.


සාමාන්‍ය පරිත්‍යාග සංවිධානයේ අවශ්‍යතාව පරිදි ඔනෑම කාර්‍යයක් සදහා යොදාගත හැකි අතර විශේෂ පරිත්‍යග යොදා ගත හැක්කේ එම පරිත්‍යාග ලැබී ඇති විශේෂ කාර්‍යයක් සදහාම පමණි.


පත්‍යාග සම්බන්දයෙන් ගිණුම් තැබීමේ දී සාමාන්‍ය පරිත්‍යාග සදහා ලැබූ මුදල් ප්‍රමාණයන් ඒවා ලැබූ වර්ෂයේ ආදායම් සහ වියදම් ගිණුමට බැර කරණු ලැබේ. එහෙත් වීශේෂ පරිත්‍යග සදහා ලැබූ මුදල් එම විශේෂ පරිත්‍යාග සම්බන්ධ විශේෂිත අරමුදලකට (නිදසුන් වශ‍ෙයන් ගොඩනැගිලි අරමුදල, පුස්තකාල අරමුදල යනාදී වශයෙන්) බැර කරනු ලැබේ. එම විශේෂ කාර්‍යය සදහ‍ා මුදලක් වැය කරන විට එම මුදල් ප්‍රමාණය මුදල් පොතට බැර කර අදාල වත්කම් ගිණුමට හර කෙරේ. එම මුදලින් ප්‍රයෙජන ගත් වට්නාකමට සමාන ප්‍රමාණයක් අදාල අරමුදලකට හර කර සමුච්චිත අරමුදලට බැර කරනු ලැබේ. විශේෂ පරිත්‍යාග වලට අදාල විශේෂ අරමුදල් ගිණුමේ ශේෂය වගකීමක් ‍ෙලස ශේෂ පත්‍රයේ දක්වනු ලැබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017