ඇතුලත් වීමේ ගාස්තු
 

ඇතුලත් වීමේ ගාස්තු ගෙවිය යුත්තේ එක් වරක් පමණි. ඇතැම් සංවිධ‍ානවලට බැදීම සදහා සාමාජික මුදලට අමතරව ඇතුලත් වීමේ ගාස්තුවක්ද ගෙවිය යුතුය.

සාමාජික මුදල් හා සසදා බලන කල ඇතුළත් වීමේ ගාස්තුව ඉතා සුළු ප්‍රමාණයක් නම්, එය ආදායම් සහ වියදම් ගිණුමට බැර කළ හැකිය. එහෙත් සමාජික මුදල් සසදා බලන කල ඇතුළත් වීමේ ගාස්තුව වශාල අගයක් ගනී නම්, එය සෘජුවම ආදායම් සහ වියදම් ගිණුමට බැර නොකර ඇතුලත් වීමේ ගාස්තු ගිණුමට බැරකල හැකිය. ඉන් පසු සංවිධාන‍ෙය් විධායක මණ්ඩලය විසින් තීරණය කරනු ලබන ප්‍රම‍ාණයක් එම ඇතුලත් වීමේ ගාස්තු ගිණුමෙන් ආදායම් සහ වියදම් ගිණුමට වාර්ෂිකව බැර කල හැකිය. ඇතුළත් වීමේ ගාස්තු ගිණුමේ ශේෂය ශේෂ පත්‍රයේ වගකීමක් ලෙස දක්වනු ලැබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017