යාවජීව සාමාජික මුදල්
 

ලාභ අරමුණු කර නොගත් ඇතැම් සංවිධාන වල සාමාජිකත්වය එකවරම මුදලක් ‍ෙගවා, තම ජීවිත කාලය පූරාම විහිදී යන පරිදි පුද්ගලයන් හට ලබා ගත හැකිය. මෙවැනි සාමාජික මූදල යාව ජීව සාමාජි මුදල් යනුවෙන් හැදින් වේ. මෙවැනි යාව ජීව සාමාජික මුදලක සම්පූර්ණ ප්‍රමාණයම එය ලැබූ වර්ෂයේ ආදායම් වියදම් ගිණුමට ඇතුලත් නොකෙරේ. එම මුළු යාවජීව සාමාජික මුදල යාවජීව සාමාජික මුදල් ගිණුමට බැර කර සංවිධ‍ානයේ විධ‍ායක මණ්ඩලය මගින් තීරණය කරන යම්කිසි ප්‍රමාණයක් පමණක් වාර්ෂිකව එම ගිණුමෙන් ආදායම් හා වියදම් ගිණුමට මාරු කෙරේ. යාව ජීව සාමාජික මුදල් ගිණුමේ ශේෂය ශේෂ පත්‍රයේ වගකීමක් ලෙස පෙන්නුම් කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017