සාමාජික මුදල්
 

ලාභ අරමුණු කර නොගත් සංවිධාන වල ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ, එහි සාමාජිකයන් ගේ සාමාජික මුදල්ය. සාමාජික මුදල මාසික හෝ වාර්ෂික හෝ යනාදී කාල ඒකකයක් සදහා අය කෙරේ. ගිණුම් කාලපරිච්චේදයට අදාළ සාමාජික මුදල් ප්‍රමාණ‍ය ආදායම් හා වියදම් ගිණුමට බැර කෙරේ.


සාමාජික මුදල් අයකර ගැනීමේ දී සාමාජික මුදල් සියල්ලම ප්‍රවර්තන වර්ෂය තුලදී නොලැබී යන්නට පූළුවන. ඇතැම් විට සාමාජික මුදල් කලින් ගෙවීමත්, හිග වීමත් සිදුවිය හැකිය. මේ නිසා ගිණුම් කාලච්චේදයට අදාල සාමාජික මුදල් ගිණුමක් පවත්වා ගෙන යාමට සිදුවේ. මෙවැනි සාමාජික මුදල් ගිණුමක් සකස් කිරීමේ දී සාමාජික මුදල් අය කර ගැනීම සම්බන්දයෙන් පහත සදහන් අවස්ථා සැලකිල්ලට ගැනීමට සිදුවේ.



  • ප්‍රවර්තන වර්ෂයේ හිග හිටි සාමාජික මුදල්
  • ඉදිරි වර්ෂ සදහා ප්‍රවර්තන වර්ෂය තුළදී ලද සාමාජික මුදල් (කලින් ලද සාමාජික මුදල්)
  • ප්‍රවර්තන වර්ෂ තුළ ලද පසු ගිය වර්ෂ වල හිග සාමාජික මුදල්
  • ප්‍රවර්තන වර්ෂය වෙනුවෙන් පසුගිය වර්ෂය තුළදී ලැබි ඇති සාමාජික මුදල්

උපචිත සංකල්පයට අනුව සාමාජික මුදල් ගිණුම සකස් කිරීමේ දී හිග සාමාජික මුදල වත්කමක් ලෙස ද සලකනු ලැබේ.


1.2 නිදසුන


“පිපි‍න මල්” ක්‍රීඩා සමාජයේ 2003 වර්ෂයේ සාමාජික මුදල් පිළිබද තොරතුරු පහත සදහන් වේ. සාමාජික මුදල් ගිණුමක් මගින් ආදායම් සහ වියදම් ගිණුමට මාරු කල යුතු සාමාජික මුදල පෙන්වන්න.


2003 වර්ෂය තුළ ලැබී ඇති මුළු සාමාජික මුදල රු. 12,000 කි.


2002 වර්ෂයේ දී 2003 වර්ෂය වෙනුවෙන් ලැබූ සාමාජික මුදල රු. 1,500 කි.


2004 වෙනුවෙන් ලැබූ සාමාජික මුදල රු. 1,100 කි. මෙය 2003 සාමාජික මුදල් වල ඇතුළත් වේ.


2003 වර්ෂයට හිග සාමාජික මුදල රු. 2,000 ක් විය.


2002 වර්ෂය සදහා ලැබිය යුතු හිග සාමාජික මුදල රු. 1,600 ක් වූ අතර මෙය 2003 වර්ෂය තුළ දී ලැබී ඇත. එය 2003 ලැබූ මුදල් වල ඇතුළත් කර ඇත.



  1. විසදුම

2003 සාමාජික මුදල් ගිණුම











 


2003.01.01


 


2003.12.31


 


ශේෂය (ලැබිය යුතු සාමාජික මුදල්)
ආදායම් වියදම් ගිණුම
ශේෂය (කලින් ලද සාමාජික මුදල්)


 


ශේෂය (ලැබිය යුතු සාමාජික මුදල්)


රුපියල්
1,600


 


12,800
  1,100


15,500


2,000


 


2003.01.01


 


2003.12.31


 


 


2004.01.01


 


ශේෂය(කලින් ලද සාමාජික මුදල්)
මුදල්
ශේෂය (ලැබිය යුතු සාමාජික මුදල්)


 


ශේෂය(කලින් ලද සාමාජික මුදල්)


රුපියල්
1,500


12,000
  2,000


 


15,000


  1,100


ලැබිය යුතු සාමාජික මුදල් සදහා වෙනම ගිණුමක් ද කලින් ලැබු සාමාජික මුදල් සදහා වෙනම ගිණුමක් ද යනාදි වශයෙන් වෙන් වෙන් ව ගිණුම් සකස් කිරිමට ද පුළුවන.


                        ලැබිය යුතු සාමාජික මුදල්ගිණුම


















 


2003.01.01


2003.12.31


 


2004.01.01


 


ශේෂය ඉ/ ගෙ


සාමාජික මුදල් ගිණුම


 


ශේෂය ඉ/ ගෙ


රුපියල්
1,600


2,100


3,700


2,000


 


2003.01.01


2003.12.31


 


සාමාජික මුදල් ගිණුම
ශේෂය ප / ගෙ


රුපියල්
1,700


2,000


3,700


 


2003.01.01


2003.12.31


 


සාමාජික මුදල් ගිණුම
ශේෂ‍ය ප / ගෙ


 


රුපියල්


1,500


1,100


2,600


 


2003.01.01


2003.12.31


 


2004.01.01


 


ශේෂය ඉ / ගෙ


සාමාජික මුදල් ගිණුම


 


ශේෂය ඉ /ගෙ


 


රුපියල්


1,500


1,100


2,600


1,100


                             2003 සාමාජික මුදල් ගිණුම











 


 


2003.12.31


 


ලැබිය යුතු සාමාජික මුදල් ගිණුම
ආදායම් සහ වියදම් කලින් ලද සාමාජික මුදල් ගිණුම


රුපියල්
1,700


12,800
1,100


 


15,600


 


 


2003.12.31


 


කලින් ලද සාමාජික මුදල් ගිණුම
මුදල්
ලැබිය යුතු සාමාජික මුදල් ගිණුම


රුපියල්
1,500


 


12,000
2,100


15,600


සාමාජිකයන් විසින් හිග සාමාජික මුදල් නොගෙවා හැරිම සහ එවැනි හිග සාමාජික මුදලක් පසු කලෙක ආපසු ලැබිම


සාමාජික මුදල් හිග තබා සාමාජිකයන් සංවිධානයෙන් ඉවත් ව යන අවස්ථාවලදි එම හිග මුදල් අය කර ගැනිමට නිතිමය පියවරක් ගැනිම මෙවැනි සංවිධානවලින් සාමාන්‍යයෙන් සිදු නොවේ. හිග සාමාජික මුදල් වත්කමක් වුවත් විචක්ෂණ සංකල්පයට අනුව මුදලක් පසු කාලයකදි ලැබු විට එම හිග කාල පරිච්ඡේදය නොසලකා එය ම්දලින් ලැබු වර්ෂයේ ආදායමක් ලෙස ආදායම් සහ වියදම් ගිණුමට බැර කෙරෙන සාමාජික මුදල් ප්‍රමාණයේ ඓක්‍යය, එම වර්ෂය වෙනුවෙන් මුදලින් ලැබි ඇති සාමාජික මුදල් ප්‍රමාණය, පසුගිය වර්ෂ වෙනුවෙන් එම වර්ෂය තුළදි ලැබි ඇති සාමාජික මුදල් ප්‍රමාණය යන කොටස් දෙකේ එකතුවෙන් සමන්විත වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017