ලාභ අරමුණු කර නොගත් සංවිධන විසින් කිසියම් කාලච්චේදයක් තුළදී කරන ලද මෙෙහයූම් ප්‍රතිඵලය ගණනය කිරීම සදහා පිළියෙල කෙරෙන ගිණුම ආදායම් සහ වියදම් ගිණුම යනුවෙන් හැදින් වේ. මෙය සාමාන්‍ය වෙළෙද ව්‍යාපාරයක මෙහෙයුම් ප්‍රතිඵලය ගණනය කිරීම සදහා ගණනය කෙරෙන ලාභ ලාභ ගිණුමට සමාන ගිණුමක් ලෙස සැලකේ.
ලාභාලාභ ගිණුම පිළියෙල කිරීෙම් දී අනුගමනය කෙරෙන නීතිරීති ආදායම් සහ වියදම් ගිණුම් පිළියෙල කිරීමේ දී ද අනුගමනය කෙරේ. මෙම ගිණුමේ සටහන් කෙරෙන්නේ, අයභාර වියදම් සහ අයභාර ආදායම් පමණි. ඒ අනුව ලාභාලාභ ගිණුමේ දී මෙන් ගිණුම් කාලච්චේදයට අදාල ගෙව්වා හෝ නොගෙව්වා හෝ සියළුම අයභාර වියදම් සහ ආදායම් ගිණුමට හර කරන අතර ගිණුම් කාලච්චේදයට අදාළ ලැබූනා හෝ නොලැබුනා හෝ සියලුම අයභාර ආදායම් මෙම ගිණුමට බැර කෙරේ.
ආදායම් වියදම් ගිණුම තුලනය කිරීමේ එහි මුළු වියදම් ප්‍රමාණය ඉක්මවා පවතින ආදායම් ප්‍රමාණය හදුන් වන්නේ, අතිරික්තය යනුවෙනි. ආදායමට වැඩි වියදම් හදුන්වන්නේ, ඌනතාව යනුවෙනි. ගිණුම් කාලච්චේදය අවසානයේ දී මෙම අතිරික්තය හෝ ඌනතාව සංවිධානයේ සමුච්චිත අරමුදලට මාරු කෙරේ. අතිරික්තය බැර කෙරෙන අතර (එනම්, ශේෂ පත්‍රයේ දී සමුච්චිත අරමුදලට එකතු කරන අතර) ඌනතාවක් වෙතොත් එය සමුචිත අරමුදලට හර කෙරේ. (එනම් ශේෂ පත්‍රයේ දී සමුචිත අරමුදලෙන් අඩු කෙරේ.
ලැබීම් සහ ගෙවීම් ගිණුම, ආදායම් වියදම් ගිණුම යන ගිණුම් දෙක අතර පවත්නා ප්‍රධාන අසමානකම්
ලැබීම් සහ ගෙවීම් ආදායම් සහ වියදම් ගිණුම
1.මුදල් පොතට බෙහෙවින් සමානය. 1.ලාභාලාභෘ ගිණුමට බෙහෙවින්
සමානය.
2.ප්‍රාග්ධන හො අයභාර භේදයකින් 2.අයභාර ස්වභාවයේ ආදාම් සහ වියදම්
තොරව සියලුම මුදල් ලැබීම් සහ පමණක් සටහන් කෙරේ.
ගෙවීම් සටහන් කෙරේ.
3.කාලච්චේදයට අදාළ සියළුම මුදල 3.කාළච්චේදයට අදාල සියලුම අයභාර
ලැබීම් හර පැත්තේ ද සියළුම මුදල් වියදම් හර පැත්තේ ද සියලුම අයභාර
ගෙවීම් බැර පැත්තේ ද ආදායම් බැර පැත්තේ ද සටහන්
සටහන් කෙරේ. කෙරේ.
4.අවසාන ශේෂයෙන් කාලච්චේදය 4.අවසාන ශේෂයෙන් අතිරික්තය හෝ
අවසානයේ ඇති මුදල් ශේෂයේත්, ඌනතාව පෙන්නුම් කෙරේ.
බැංකු ශේෂයෙත් එකතුව දැක්වේ.
ආදායම් සහ වියදම් ගිණූම පිළියෙල කිරීමේ දී අවධානය යොමු කළ යුතු අවස්ථා කිහිපයක්
- සාමාජික මුදල්
- යාවජීව සාමාජික මුදල්
- ඇතුළත් වීමේ ගාස්තු
- පරිත්‍යාග සහ විශේෂ පරිත්‍යාග
- බාහිර ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල