ලාභ අරමුණු කර නොගත් සංවිධානයක කිසියම් ගිණුම් කාලපරිච්චේදයක් තුළ සිදුවු සියලුම මුදල් ලැබීම් සහ සියළුම මුදල් ගෙවීම් සාරාංශ වශයෙන් සටහන් කෙරෙන ගිණුම, ලැබීම සහ ගෙවීම් ගිණුම ලෙස හැදින් වේ. ඒ අනුව සියළුම මුදල් ලැබීම හර පැත්තේ ද සියළුම මුදල් ගෙවීම් බැර පැත්තේ ද මෙම ගිණුමෙහි සටහන් කෙරේ.
ලැබීම් හා ගෙවීම් ගිණුම් බොහෝ දුරට මුදල් පොතක සාරාංශයකට සමාන වේ. එසේ වුවත් ගනුදෙනු සටහන් කිරීමේ දී ලැබීම් හා ගෙවීම් ගිණුමත් මුදල් පොතත් අතර වෙනස්කම් පවතී. මුදල් පොතේ ගණුෙදනු සටහන් කරන්නේ ඒ ඒ ගණුදෙනු සිදුවූ අවස්ථාවේ ම දින අනුපිළිවෙළටය. උදාහරණ වශයෙන් සංවිධානය විසින් මාසිකව ගෙවන විදුලි ගාස්තු එම ගෙවන දින ගණන් අනුව මුදල් පොතේ සටහන් කලද, ලැබීම් සහ ගෙවීම් ගිණුමේ දී විදුලි ගාස්තු සටහන් කරන්නේ, අදාළ ගිණුම් කාලපරිච්චේදය තුලදී ගෙවා ඇති විදුලි ගාසිතු වල මුළු එකතුව ගෙවන විදුලිය ගාස්තු යනුෙවන් තනි අයිතමයක් වශයෙනි. මුදල් පොතේ මුදලින් හා චෙක්පත් වලින් සිදුකල ගණුදෙනු වෙන වෙනම දක්වා ඇතත් ලැබීම් සහ ගෙවීම් ගිණුමේ එසේ වෙන් කිරීමක් නොකර යම්කිසි අයිතමයකට අදාල සියළු ලැබීම් හර පැත්තේ ද සියළු ගෙවීම් බැර පැත්තේ ද දක්වනු ලැබේ.
ලැබීම් හා ගෙවීම් ගිණුම සම්බන්දයෙන් විශේෂයෙන් සැලකිල්ලගෙත යුත්තක් නම්, මෙම ගිණුම ද්විත්ව සටහන් ක්‍රමයෙන් තොරව පිළියෙල කෙරෙන බවය. මෙම ගිණුම මගින් දැක්වෙන්නේ කිසියම් ගිණුම් කාලච්චේදයක් (ගිණුම් වර්ෂයෙන්) තුළ සිදු වූ මුදල් ගණුදෙනු වල සාරාංෂයක් පමණි.
1.1 නිදසුන් :-
“රන්තරු” ක්‍රීඩා සමාජයේ 2003 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය තුළ දී පහත සදහන් මුදල් ගනුදෙනු සිදු වී ඇත.
ජන. 01 දිනට මුදල් ශේෂය 3,000
ජන. දිනට බැංකු ජංගම ගිණුමේ ශේෂය 1,500
ලැබූ සාමාජික මුදල් 5,000
ලැබූ පරිත්‍යාග 2,000
ගෙවූ ගෙවල් කුලී 2,400
විදුලිය ගාස්තුව 900
ක්‍රීඩා උපකරණ මිලට ගැනීම 2,000
ලිපි ද්‍රව්‍ය වියදම් 500
තැපැල් හා දුරකථන 600
සංග්‍රහ වියදම් 1,500
2003.12.31 දිනට බැංකු ජගම ගිණුමේ ශේෂය 1,200
ඉහත තොරතුරු ඇසුරින් 2003 වර්ෂය සදහා රන්තරු ක්‍රීඩා සමාජයේ ලැබීම් හා ගෙවීම් ගිණුම පිළියෙල කරන්න.
- විසදුම
රන්තරු ක්‍රීඩා සමාජය
2003 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සදහා
ලැබීම් සහ ගෙවීම් ගිණුම
ලැබිම් 2003.01.01 දිනට ශේෂය සාමාජික මුදල් | රුපියල්
4,500 | ගෙවිම් | රුපියල් 2,000
3,600 |
සැ. යු. ඉහත නිදසුනේ වර්ෂය අවසානයට බැංකුවේ ශේෂයට රූ 1,200 වශයෙන් දී ඇත. එබැවින් ඒ අනුව අතැති මුදල් ශේෂය (රූ 1,200 වශයෙන්) ගණනය කර ඇති බව සැලකිය යුතුය.