ද්විත්ව සටහන් ක්‍රමය
 

ලාභ අරමුණු කර නොගත් බෙ‍ාහෝ කුඩා සංවිධාන වල ගණුදෙනු සටහන් කිරීම සදහා ද්විත්ව සටහන් ක්‍රමය අනුගමනය නොකෙරෙන්නේ ඇයි?


ලාභ අරමුණු කර නොගත් සංවිධා‍න සදහා ගිණුම් තැබීම මගින් ඉහතින් දැක්වූ ආකාරයේ ප්‍රයෝජන ලබාගත හැකි වුවත් ලාභ අරමුණු කර නෝගත් ‍ෙබාහෝ කුඩා සංවිධාන විසින් ගණුදෙනු සටහන් කිරී‍ම සදහා ද්විත්ව ස‍ටහන් ක්‍රමය අනුගමනය නොකරන බව බොහෝ විට දකනට හැකිය. මීට ප්‍රධාන හේතුව එම සංවිධාන වල මුදල් පරිපාලන කාර්‍යයන් වල නියුතු පුද්ගලයන් හට ගිණුම් තැබීම පිළිබදව විධිමත් දැනුමක් නොතිබීම ය. මේ නිසා එවැනි සංවිධාන වල ගණුදෙනු වාර්ථා කිරීම බොහෝ විට සිදුවන්නේ තනි සටහන් ක්‍රමයට හෝ අසම්පූර්ණ ලෙස වාර්තා තැබීමේ ක්‍රමයටය.


එබැවින් මෙවැනි ගණුදෙනු වාර්තා වලින් අවසාන ගිණුම් පිළියෙල කිරීමේ දී තනි සටහන් වලින් හෝ අසම්පූර්ණ වාර්තා වලින් අවසාන ගිණුම් පිළියෙල කරන ක්‍රමයට සමාන ආකාරයට අවසාන ගිණුම් පිළියෙල කිරීම කල යුතුය.


ලාභ අරමුණු කර නොගත් සංවිධාන සදහා පිළියෙල කරන ප්‍රධාන ගිණුම් සහ මූලය වාර්තා



  1. ලැබීම් ගෙවීම් ගිණුම
  2. ආදායම් සහ වියදම් ගිණුම
  3. ශේෂ පත්‍රය

(c) Shilpa Sayura Foundation 2006-2017