ලාභ අරමුණු කර නොගත් සංවිධාන සදහා ගිණුම් තැබීම අවශ්‍ය වන්නේ ඇයි?
 


  • මෙවැනි සංවිධන වල මූලික අරමුණ ලාභ ඉපැයීම නොවුවත් මෙම සංවිධාන ද මුදල් හා වෙනත් වත්කම් ඇතුළු ආර්ථික සම්පත් භාවිත කරයි. එම් ආර්ථික සම්පත් භාවිතය පිළිබද ගණුදෙනු සහ මූල්‍ය තත්වය පිළිබද නිවරදි තොරතුරු සාමාජිකයින් වෙත ඉදිරිපත් කළ යුතුය. මේ සදහා ගිණුම්කරන ක්‍රියාවලියක් පවත්වාගෙන යාම අවශ්‍ය වේ.
  • ලාභ අරමුණු කර නොගත්තද කාලපරිච්චේදයක් අවසානයේදී අවසාන ගිණුම් පිළියෙල කිරීම පහසු වීම සදහා ක්‍රමවත් ගිණුම් කරන ක්‍රියාවලියක් අනුගමනය කර ද්විත්ව සටයහන් ක්‍රමයට ගිණුම් තැබීම අවශ්‍ය වේ.
  • සංවිධානයේ කටයුතු පාලනයකින් යුතුව පවත්වා‍ෙගන යාම සදහා ද ගිණුම් තැබීම ප්‍රයොජනවත් වේ.
  • සංවිධානයේ ආර්ථික කටයුතු වල ක්‍රියාකාරීත්වය සම්බන්දයෙන් බාහිර පාර්ශ්වයන් දැනුවත් කිරීම සදහා ද ගිණුම් තැබීම ප්‍රයෝජනවත් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017