ව්‍යාපාර සැලැස්ම පිළියෙළ කිරිම
 

“අද සැලසුම්කරණය හෙට දිනයේ අනාගතයයි.”
“Today’s Planning is Tomorrow’s Future”


ඔබට කුමක් කිරිමට අවශ්‍ය වන්නේද ? එය කළ යුත්තේ කෙසේද ? යන්න සැලසුමෙන් පෙන්නුම් කරයි.


ඔබගේ ව්‍යාපාරය පිළිබද චිත්‍රයක් ඔබ සිතතුල තිබේද ? එසේ නම් එය ලේඛණගත කරන්න. (ලියන්න) ලි‍යුදේ නොලියුදේ ගැන නැවත සිතන්න. නැවත නැවත ලියන්න. එය වඩා හොදින් කරන්න. ඔබගේ ව්‍යාපාරය ඇරඹිමට අවශ්‍ය ප්‍රබලතම උපකරණය සැලැස්ම බව වටහා ගන්න. ව්‍යාපාර සැලැස්මෙන් ඔබගේ අදහස් හා ඉලක්ක (Ideas & Goals) පැහැදිලිව පෙන්නුම් කරයි. ඔබගේ සැලැස්ම පුරාම ඔබ විසින් ආමන්ත්‍රණය කළ යුතු ප්‍රධාන කරුණු 4ක් සදහන් කළ හැකිය.


1. පැහැදිලි ඉම Focus


ඔබ කවුද ? ඔබ ඉදිරිපත් කිරිමට අදහස් කරන භාණ්ඩය හෝ සේවාව කුමක්ද ? ව්‍යාපාරය ආරම්භ කරන්නේ කෙසේද ? එය වර්ධනය කරන්නේ කෙසේද ?


2. ගනුදෙනුකරුවන් Customers


ඔබගේ ඉලක්ක ගනුදෙනුකරුවන් පැහැදිලිවම හදුනාගන්න. තේරුම්ගන්න. ඔවුන්කරා ලගාවන්නේ කෙසේද ? ඔබගේ භාණ්ඩ හෝ සේවා එම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හා වුවමනා සම්මුඛ කරන්නේ කෙසේද ? ඔවුන් ඔබගේ නිෂ්පාදිත මිලට ගන්නේ ඇයි ?


3. ඉලක්ක Gales


ඉලක්ක කරා ලගාවන්නේ කෙසේද ? සාර්ථකත්වය මනින්නේ කෙසේද ? යනාදිය පැහැදිලි කරගන්න. ඔබගේ ව්‍යාපාර ආදායම විස්තර කරන්න. වර්ධන ඉලක්ක නිෂ්චිතව පැහැදිලි කරන්න. වෙළෙද පොළට සාධාරණ කුමක්ද ? තරගය කෙබදුද ? යනාදිය හදුනා ගන්න.


4. ව්‍යාපාරය ආරම්භ කිරිමට අවශ්‍ය මූල්‍ය සම්පත් ලබා ගන්නේ කොතනකින්ද ?


ඉහත ප්‍රශ්නය සදහා පර්යේෂණාත්මකව පිළිතුරු සපයා ගත යුතුය. මේ සදහා පුසුතකාල, අන්තර්ජාල, වෙබ් අඩවි යනාදිය පරිශිලනය කළ යුතුය. නිරික්ෂණය කළ යුතුය.


අවශ්‍ය වන්නේ නම් ව්‍යාපාර සැලසුම්කරණය පිළිබද ප්‍රවීන පුදුගලයන්ගෙන් උදව් ලබාගත යුතුය. ඇත්තෙන්ම ව්‍යාපාර සැලසුම්කරණය තනිවම කළහැකි කාර්යයක් නොවේ. ඒ සදහා,


වාණිජ මණ්ඩල Chambers of Commerce


ව්‍යවසායක සංගම් Entrepreneurial Associations


රජය Government


කුඩා ව්‍යාපාර සංවර්ධන මධ්‍යස්ථානSmall Business Development Centers


යනාදි විශේෂ පුදුගලයන්ගෙන් හා ආයතනවල සහාය ලබාගත යුතුය.


ව්‍යාපාර සැලැස්මක කොටස්


සඵලදායක ව්‍යාපාර සැලැස්මක් පිළියෙළ කිරිම Jigsaw Puzzle එකක් සැකසිමට සමාන කළ හැකිය. ඒ ඒ කොටස් නිසි පරිදි ඒකරාශි කළ යුතුයි. එකට සම්බන්ධ කළ යුතුයි. ඒ ඒ කොටස් ගැන හොද අවබෝධයක් තිබේ නම් සම්බන්ධ කිරිමද පහසුය. ගැටළු සහිත නම්, තේරුම්ගත නොහැකි නම් සැකසිමට දිගුකාලයක් යනු නිසැකය.


කොටස්වලට බෙදනු නැතිනම් පරිච්ඡේදවලට බෙදුනු ව්‍යාපාර සැලැස්ම අවශ්‍යයෙන්ම ඒකිය ලියවිල්ලකි. සෑම කොටසක්ම එකසේම වැදගත්ය.


ව්‍යාපාර සැලැස්මක අන්තර්ගතය


ව්‍යාපාර සැලැස්මක අන්තර්ගත කරනු ලබන කොටස් පිළිබද පිළිගත් එක් රාමුවක්ම දැකිය නොහැකිය. එහෙත් යොදාගැනෙන අන්තර්ගතයන් පහත දක්වමු.


1. පටුන Table of Contents


2. විධායක සාරාංශය Executive Summary


3. ව්‍යාපාර විස්තරය Business Description


4. වෙළෙද පොළ සහ කර්මාන්තය පිළිබද විශ්ලේෂණය Market and Industry Analysis


5. තරගය The Competition


6. අලෙවිකරණ උපායමාර්ග Marketing Strategy


7. මෙහෙයුම් සැලැස්ම Operation Plan


8. කළමනාකරණ කණ්ඩායම The Management Team


9. අරමුදල් අවශ්‍යතා Funding Needs


10. අතිරේක තොරතුරු Appendixes


1. පටුන


මෙය අවශ්‍යම අංගයක් නොවේ. නමුත් සැලැස්ම කියවන්නාට ඉදිරි පිටුවල ඇතුලත් දැ පිළිබද තොරතුරු දෙයි. එය සැලැස්මේ මුල් පිටුවයි.


2. විධායක සාරාංශය


මෙම කොටසින් ප්‍රකාශ කරනුයේ ඔබ විස්තර වශයෙන් කියන්නට යන කරුණුවල සංක්ෂිප්තයයි.


“Tell what you are going to Tell”


මෙය ව්‍යාපාර සැලැස්මේ මුල් කොටස වුවද සෙසු කොටස් ලිවිමෙන් පසුව මෙය ලිවිම වඩා පහසුය. සෙසු කොටස්වලදි ඔබ ප්‍රකාශ කරනුයේ ඔබ කරනදේය. ඒ සවිස්තරවය.


“Tell what you are wanted to tell”


සැලැස්මේ ඒ ඒ කොටසේ ප්‍රකාශ වු කරුණු ගැන එක් පරිච්ඡේදයක් ලිවිම ප්‍රමාණවත්ය. අනතුරුව අවශ්‍ය අරමුදල් ප්‍රමාණය, ආයෝජන ප්‍රතිලාභ, තරගකාරි ව්‍යාපාරවලට වඩා ඔබගේ ව්‍යාපාරයේ ඇති වාසිදායක තත්ත්වය ගැන තොරතුරු එකතු කරන්න.


විධායක සාරාංශය පිටු දෙකක් පමණ විම සුදුසුය. විභව ආයෝජකයින් ප්‍රථමයෙන්ම මෙම සාරාංශය කියවනු ඇත.ඒ අනුව ඉදිරිපිටු කියවනවාද ? නැද්ද ? තිරණය කරයි. නොකියවන්නේ නම් විභව ආයෝජකයෙකු ඔබට නැතිවේ. මේ නිසාම සාරාංශය ආකර්ශණීය විය යුතුය. කියවන්නා ඇදබැද තබාගැනිමට හැකි ශෛලියකින් මෙය ලිවිය යුතුය. විධායක සාරාංශය කෙටි විය යුතුය. ව්‍යාපාර සංකල්පය විස්තර විය යුතුය. (It is shot and describes the concept of business)


3. ව්‍යාපාර විස්තරය


ඔබගේ ව්‍යාපාරයේ භාණ්ඩ හෝ සේවාව ගැන විස්තර මෙහි අන්තර්ගතය. වෙළෙද පොළ අවශ්‍යතා සපුරාලන ආකාරය මෙහි විස්තර කෙරේ. (How it Meet Needs) ඔබගේ භාණ්ඩ / සේවා මිලට ගන්නේ ඇයිදැයි මෙහි විස්තර විය යුතුය. වෙළෙද පොළේ ඇති තරගකාරි භාණ්ඩ / සේවා වලින් ඔබගේ නිෂ්පාදිතය වෙනස් වන්නේ කෙසේදැයි විස්තර විය යුතුය. ඔබගේ නිෂ්පාදිතයේ විශේෂත්වය, අපුර්වත්වය විස්තර විය යුතය. (It is a New Breakthrough) ඔබගේ නිෂ්පාදිත භාවිතා කරන්නන්ට ලැබෙන සුවිශේෂි ප්‍රතිලාභ විස්තර විය යුතුය. ගෙවන මිලට වැඩි ප්‍රතිලාභ ලැබෙන බව තරගකාරි භාණ්ඩවලට වඩා ගුණාත්මක බව පෙන්නුම් කළ යුතුය. මේ සියල්ල විස්තර කළ යුත්තේ අවංකමය. (Be Honest) ඉහත සියල්ල සදහා ඔබ සංවිධාන වි ඇති ආකාරයද මෙහි සදහන් කළ යුතුය. සංවිධාන ක්‍රමය, සංවිධාන ව්‍යුහය, මුල්‍යනය කරන ආකාරය, කොටස් නිකුත් කරන්නේද ? ණයකර නිකුත් කරන්නේද ? එසේ දැනටමත් නිකුත් කර ඇත්ද ? යනාදි තොරතුරු මෙහි අන්තර්ගත විය යුතුය.


4. වෙළෙද පොළ හා කර්මාන්ත විශ්ලේෂණය


වෙළෙද පොළ අවශ්‍යතා හා වුවමනා මෙහි විස්තර කෙරේ. වෙනළෙද පොළ ප්‍රමාණය, විභව හා ඉලක්ක ගණුදෙනුකරු සංඛ්‍යාව විස්තර කරයි. වෙළෙද පොළ විශ්ලේෂණයේදි විවිධ අපකල්පන භාවිතා කිරිමට සිදුවේ. උදා:- විභව වෙළෙද පොළ, විභව විකුණුම් හා ආදායම්


මේ සදහා පර්යේෂණවලින් තොරතුරු ලබාගත යුතුය. තරගකාරි ව්‍යාපාරවල තොරතුරු භාවිතා කළ යුතුය. විශේෂඥයන්ගේ (Expert) උදව් ලබාගන්න. දිගුකාලයකට ඇස්තමේන්තු සකස් කිර්මේදි (වර්ෂ 3 – 5) විද්‍යාත්මක පර්යේෂණ ක්‍රම භාවිතා කරන්න. කර්මාන්තයේ වර්ධන අනුපාත (Growth Rate) දේශිය හා විදේශිය වශයෙන් විශ්ලේෂණය කළ යුතුය.


5. තරගය


ඔබගේ ව්‍යාපාරයට සමාන දැනට පවත්නා තරගකාරි ව්‍යාපාර මොනවාද ? ඔවුන්ගේ ප්‍රතිචාර කුමක් විය හැකිද ? දැනට තරගයක් නොමැති වුවද ඉදිරියේදි එය ඇතිවිය හැකිය. තරගයට බියවිය යුතු නැත. තරගය ඇති බව පිළිගෙන සෑම විටම එය අධ්‍යනය තළයුතුය. තරගකරුවන්ගේ ශක්තිය කවරේද? ඔවුන්ගේ දුර්වලතා කවරේද ? මෙහි විසුතර විය යුතුය. තරගයට මුහුණ දෙන ආකාරය, තරගය ජයගන්නා ආකාරය (How You Beat the Competition) විස්තර කළ යුතුය. තරගය හමුවේ ඔබ වඩා සාර්ථක වන්නේ කෙසේද ? තරගය අභිබවා යන්නේ කෙසේද ? තරගකාරි නිෂ්පාදිත, මිල, සේවාවන් අවංකව දක්වා ඒවා අභිබවා යන ආකාරය විස්තර කළ යුතුය.


6. අලෙවිකරණ උපක්‍රම


කිසිවකුත් ඔබගේ නිෂ්පාදිත මිලට නොගන්නේ නම් ව්‍යාපාරයෙන් ඉවත්විමට ඔබට සිදුවේ. (Nothing ends a business faster than no customers) ව්‍යාපාරයක් වේගයෙන් අවසාන විමට ගණුදෙනුකරුවන් නොමැතිවිම හේතුවේ.


මෙම කොටසේදි ඔබ විස්තර කළ යුත්තේ ගණුදෙනුකරුවන් ලබාගන්නේ කෙසේද ? යන්නයි. (What you intend to do to get customers) ඔබ ව්‍යාපාරය තුල සිටින බව ජනතාවට දැනුම්දිමට යොදාගන්නා උපාය මාර්ග කවරේද ?


විකුණුම් පිවිසුම Sales Approach


(උදා:- සෘජු අලෙවිය - සිල්ලර වෙළෙදුන් මගින් ආදි වශයෙන්) ගනුදෙනුකරුවන් අුාවරණය (Distribution Method) කරන ක්‍රම සහ ප්‍රවර්ධන උපක්‍රම (Promotional Strategies) මෙහි පැහැදිලි කළ යුතුය.


7. මෙහෙයුම් සැලසුම


නිෂ්පාදන ක්‍රියාපටිපාටි, නිෂ්පාදන යන්ත්‍ර සහ උපකරණ, අවශ්‍ය නිෂ්පාදන මට්ටම, කර්මාන්ත ශාලාව ස්ථානගත කිරිම, බලපත්‍ර ලබාගන්නා ආකාරය, ජාතික හා අන්තර්ජාතික ප්‍රමිති ලබාගන්නා ආකාරය මෙහි සවිස්තරව ඇතුලත් කළ යුතුය.


පළමු වර්ෂය තුළ අවශ්‍ය වන මෙහෙයුම් සේවක සංඛ්‍යාව ඉදිරි වර්ධන අදියරවලදි එම අවශ්‍යතා පුළුල් වන ආකාර පැහැදිලි කළ යුතුය. දක්ෂ දිගුකාලින පළපුරුදු අය සිටින බව සදහන් වන්නේ ඔබගේ ව්‍යාපාරයේ පිළිගැනිම (Credibility) වැඩි වේ.


ඔබට මෙහෙයුම් කටයුතු සදහා උපදේශකයෙකු (Advisor or Consultant) සිටි නම් ඔහු පිළිබද තොරතුරු සදහන් කරන්න. ප්‍රධාන රුකියා (Key Jobs) දරන අය පිළිබද විස්තර සදහන් කරන්න. ඒ තුලින් ගණුදෙනුකරුවන්ගේ පිළිගැනිම, විශ්වාසය වැඩි වේ.


8. කළමනාකරණ කණ්ඩායම


ඔබ ව්‍යාපාරයේ කළමනාකරුවන් වන්නේ කවුරුන්ද ? එවුන්ගේ සුදුසුකම්, පළපුරුද්ද, ශක්තින් විස්තර විය යුතුය. ප්‍රධාන කළමනාකරණ තනතුරු (Key Management Position) හොඹවන අය වෙන් වෙන්ව හදුන්වා දිය යුතුය. කළමනාකරණ මණ්ඩලය විශාල පිරිසකගෙන් සමන්විත විම අවශ්‍යම නොවේ. සුදුසුකම් ලත් සුළු පිරිසක් වුවද සෑහේ. තනතුරු, එහි බලතල හා වගකිම් විස්තර විම අවශ්‍යය. කළමනාකරණ මණ්ඩලේ ජිව දත්ත (Resumes) Appendix හි ඇතුලත් කිරිම වඩා යෝග්‍යය. මෙම කොටසේදි එක්නෙක කළමනාකරුවන් ගැන ඡේදයක් ලිවිම වැදගත්ය. (Write a Paragraph about Each Person) දිග විස්තර අවශ්‍ය නැත. (Nothing too Lengthy)


9. අරමුදල් අවශ්‍යතා


මෙම කොටස පහළ සිමාවට (Bottom Line) අදාලයි. මිට ඉහතින් විස්තර කෙරුණු සැම කොටසකින්ම අරමුදල් අවශ්‍යතා සදහා පදනමක් විය. මෙම කොටසේ දැන් ඇතුලත් විය යුත්තේ සත්‍ය වශයෙන්ම අවශ්‍ය වන මුල්‍ය ආයෝජනයයි. එසේම කවදා කෙසේ ඒවා ආපසු ගෙවන්නේද ? යන්නත් පැහැදිලි කළ යුතුය. කොපමණ මුදලක් ආයෝජනය කළ යුතුද ? එමගින් ලැබෙන ප්‍රතිලාභ කවරේද ? මුල් මුදල ආපසු ලැබිමට ගතවන කාලය කොපමණද ? යන්න ආයෝජකයින්ට මෙහිදි පැහැදිලි විය යුතුය. සමච්ඡේද ලක්ෂණයද මෙහි පෙන්නුම් කළ යුතුය. මේ සියල්ල සනාථ කිරිමට අදාල වන


ආදායම් ප්‍රකාශන Income Statement
ශේෂ පත්‍ර Balance Sheet
මුදල් ප්‍රවාහ ප්‍රකාශන Cash Flow Analysis


මෙහි අන්තර්ගත විය යුතුය. මේවා සාමාන්‍යයෙන් නාමමාත්‍ර ආදායම් ප්‍රකාශන, නාමමාත්‍ර ශේෂ පත්‍ර, නාමමාත්‍ර මුදල් ප්‍රවාහ ලෙසද හදුන්වයි. අඩු වශයෙන් ඉදිරි වර්ෂ 3ක් සදහාවත් මේවා සැකසිය යුතුය.


ආදායම් ප්‍රකාශනය මගින් සාරාංශගත කර පෙනුවනුයේ ඉදිරි නිශ්චිත කාලය තුල (සාමාන්‍යයෙන් වර්ෂයක් තුල) කොපමණ මුදලක් අපයන්නේද ? කොපමණ මුදලක් වියදම් කරන්නේද ? යන්නයි. ශේෂ පත්‍රයෙන් පෙන්නුම් කරන්නේ ඉදිරි දිනයකදි ඔබ සතු වත්කම්වල අගය හා වගකිම් (ණයතුරුස්) ප්‍රමාණයයි.


ණය සැපයුම්කරුවන් ශේෂ පත්‍රය හා ආදායම් ප්‍රකාශන ගැන උනන්දු වන්නේ නිශ්චිත දිනකදි ව?්‍යාපාරයේ අගය හා නියමිත කාලය තුල ව්‍යාපාරයේ ලාභය පිළිබදව දැනගත හැකි බැවිනි.


මුදල් ප්‍රවාහයෙන් පෙන්වන්නේ නියත වශයෙන් මුදල් අවශ්‍ය වන වකවානුව හා ප්‍රමාණයයි. එසේම අතිරික්ත මුදල් පවත්නා වකවානුව හා එමගින් ගෙවිම කළ හැකි ආකාරයන්ය. ද්‍රවශිලතාව රැකගනිමින් ව්‍යාපාරය නුබුන්වත්ව පවත්වා ගෙන යාමේ හැකියාව මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙන් පෙන්නුම් කරයි. මේ සියල්ල අරමුදල් සපයන්නන්ගේ දැඩි අවධානයට ලක්වන බව සැලකිය යුතුය.


10. අතිරේක තොරතුරු Appendixes or Supplementary Material


ගොඩනැගිල්ලක් ඉදිකිරිමට අදාල සියලු කාර්යයන් ගොඩනුගිල්ලෙන් දෘෂ්‍යමාන නොවේ. අත්තිවාරම, බිත්ති සමහර විට නොපෙනේ. එහෙත් අදෘෂ්‍ය කොටස් නොමැතිව ගොඩනැගිල්ල රදා නොපවතිනු නියතය. ව්‍යාපාර සැලැස්මකට ඇමුණුම වශයෙන් යොදනු ලබන අතිරේක තොරතුරුද ගොඩනැගිල්ලේ අදෘෂ්‍යමාන යෙදවුම්වලට සමානය. ව්‍යාපාර සැලැස්ම ගොඩනුගිමට මේවා උපකාරි වුවද පැහැදිලිවම නොදක්නා නිසා අතිරේක තොරතුරු වශයෙන් සැලසුම අවසානයේදි ඉදිරිපත් කරයි. මේවා නම්,


රූප සටහන් Charts
ප්‍රස්තාර Graphs
දත්ත Extrapolations
ජිව දත්ත Resumes
සාහිත්‍ය Literature


යනාදියයි. මේවා තුලින් පෙන්නුම් කරනුයේ ඔබ (Homework අමතර වැඩ රාශියක් කර ඇති බවයි.


ව්‍යාපාර සැලැස්මක ප්‍රමාණය (Size) කුමක් විය යුතුද ?


ඇත්තෙන්ම ව්‍යාපාර සැලැස්මක පිටුගණන වැදගත් නොවේ. (Size Doesn’t Matter) ඔබ කුමක් ඉදිරිපත් කළේද ? යන්න නොව වැදගත් එය කෙසේ ඉදිරිපත් කළේද යන්නයි. පැහැදිලිව හා සංක්ෂිප්තව සෑම ප්‍රධාන කරුණක්ම ආමන්ත්‍රණය කර ඇති කෙටි සැලැස්මක් එසේ නොවන දිගු සැලැස්මකට වඩා වටි. අදාල නැති තොරතුරුවලින් පිරුණු පිටු රාශියක් සහිත සැලැස්මක අගයක් නොමැත. ව්‍යාපාර සැලැස්මේ පිටු සංඛ්‍යාවට ප්‍රසාද ලකුණු නොලැබේ.


කාර් බහුල ආයෝජකයෝ ව්‍යාපාර සැලැස්මක් කියවිමට වැඩි කාලයක් වැයකිරිමට අකමැතිය. එබැවින් ව්‍යාපාර සැලැස්ම අනවශ්‍ය ලෙස දිගු එකක් නොවිය යුතුය. සාමාන්‍යයෙන් පිටු 40 – 50 ක් අතර තිබිම ප්‍රමාණවත් වේ. ව්‍යාපාර සැලැස්ම දියමන්ති මෙන් පැහැදිලි විය යුතුය. උචිත වු සුමට වු සරල වු භාෂාවක් යොදා ගත යුතුයි. පියවරෙන් පියවරට ඔබගේ ව්‍යාපාර අදහසත්, එය ක්‍රියාත්මක කරන ආකාරයත් විස්තර විය යුතුයි.


ආරම්භයේ සිට අවසානය දක්වා ක්‍රමවත්ව අඛණ්ඩව ගලායන තොරතුරු සහිත විය යුතුයි. මෙහිලා පහත දැක්වෙන කරුණු ඔබගේ අවධානයට යොමු කරනු කැමැත්තෙමි.


තහවුරු කිරිමේ තොරතුරු නොමැතිව අදහස් ඉදිරිපත් නොකරන්න. ආයෝජකයින් ඇසිමට කැමති (Facts) සත්‍ය කරුණු මිස ඔබගේ විශ්වාසයන් නොවේ.


වැදගත් සිද්ධීන් පහසුවෙන් තේරුම් යන ආකාරයට ඉදිරිපත් කිරිමට කාලය ගන්න.


මුල්‍ය අවශ්‍යතා පෙන්නුම් කිරිමේදි රුප සටහන් හා ලේඛණ මගින් පැහැදිල් කරන්න.


තොරතුරු හා සංඛ්‍යා සාරාංශගත හා තේරුම් යන ආකාරයට ඉදිරිපත් කරන්න. ආයෝජකයන් සැලකිලිමත් වන දැ ඉදිරිපත් කරන්න.


මතභේදයට තුඩු දෙන තොරතුරු ඉදිරිපත් නොකරන්න.


තරගය සුළුකොට නොසලකන්න.


වේගයෙන් වෙනස්වන වෙළෙද පොළ විශ්ලේෂණය සදහා යල්පැන ගිය දත්ත භාවිතා නොකරන්න.


ව්‍යාපාර ඉලක්ක හා පරමාර්ථ කෙරෙහි දක්වන අවධානය ලිහිල් නොකරන්න.


අත්‍යවශ්‍ය තාක්ෂණික ප්‍රකාශන භාවිතා නොකරන්න. Don’t use a Lot of Technical Jargon නැතිනම් සංකිර්ණ නොවන්න, සරලවන්න.


ඔබගේ අදහස නිතැතින්ම ගණුදෙනුකරුවන් මිලට ගනිවියැයි නොසිතන්න. ඔබගේ සිතුගි නොව ගණුදෙනුකරුවන් මිලට ගන්නේ මිල, ගුණය, පහසුව හා ඉදිරිපත් කිරිමක් බව (Offering) සිතාගන්න.


ව්‍යාකරණ දෝෂ, භාෂාමය වැරදි නොවැලැක්විය හැකි දෑ බැවින් වෘත්තිමය පලපුරුදු ඇති කෙනෙකුගේ සහාය සංස්කරණ කටයුතු සදහා ලබා ගන්න.


පළමු හැගිම දෙවැනි වරට ලබාගත නොහැක. You Newer Get a Second To Mark a First Impression. ඒ නිසා ව්‍යාපාර සැලැස්ම දැකුම්කළු ලෙස, ආකර්ෂණිය ලෙස නිර්මාණය කරගන්න.


Printing it on Bond Paper
Creating a Nice Cover
Well Binding
යන කරුණු කෙරෙහි සැලකිලිමත් වන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017