ව්‍යාපාරයක් ආරම්භ කිරිමට ව්‍යාපාර සැලැස්මක් අත්‍යවශ්‍යය. ව්‍යාපාර ගොඩනැගිමේ විවිධ අධියර දැක්වෙන මාර්ග සිතියම එයයි. ඔබ දැන් සිටින්නේ කොහිද ? ඔබට යාමට අවශ්‍ය කොතැන්නටද ? යන්න, සිතිමට ඔබ කාලය ගතකර ඇති බව සැලසුමෙන් තහවුරු කරයි. හොද ව්‍යාපාර සැලැස්මක් සැකසිමේ අවශ්‍යතාවය බොහෝ ව්‍යවසායකයෝ තේරුම්ගෙන නැත. ඔබ බොහෝ විට අසා ඇති, ව්‍යාපාර සැලැස්මක එකම අරමුදල් සපයා ගැනිමටය කියා. ඇත්තෙන්ම එය එසේ නොවේ. එය එක් ප්‍රධාන අරමුණක් පමණි.
ලිඛිත ව්‍යාපාර සැලැස්මක් විවිධ කාර්යයන් සදහා මහෝපකාරි වේ. ඉන් කිහිපයක් පහත දැක්වේ.
1. ව්‍යාපාර සැලැස්මකින් ඔබගේ ව්‍යාපාරයේ දැක්ම (Vision) හා නිෂ්ඨාව (Mission) විස්තර කරයි. හුදෙක් ව්‍යාපාර සැලැස්මක් අංකිත එකක්ම නොවේ. ව්‍යාපාරය ගැන ඔබෙග් විශ්වාසය, ව්‍යාපාරය ගැන ඇති අවබෝධය, වෙළෙද පොළ පිළිබද අවබෝධය ඉන් තහවුරු කරයි.
2. “To Sell Yourself on the Business” ඕනෑම ව්‍යාපාරයක වැදගත් පාර්ශවය වනුයේ ආරම්භකයාය. ප්‍රවර්ථකයාය. ප්‍රථමයෙන්ම ඔබ මනා සිහිබුද්ධියෙන් තහවුරු කරගත යුතු වන්නේ ව්‍යාපාරය තමාට ගැලපෙනවාද ? යන්නයි. පුදුලග දෘෂ්ටියෙන් මෙන්ම ආයෝජන දෘෂ්ටියෙන් එය විග්‍රහ කළ යුතුය.
3. ඔබගේ අරමුණු සහ අදහස් ලිඛිතව දැක්විමෙන් ඒවා ක්‍රමානුකුලව සංවිධානය කර ගැනිමට සැලසුම උදව්වේ.
4. ඔබගේ සැලැස්ම ලිඛිතව දැක්විමෙන්ම ව්‍යාපාරය කෙරෙහි ඇති ඔබගේ කැපවිම ප්‍රදර්ශනය කෙරේ. විභව ආයෝජකයින්, සැපයුම්කරුවන්, සේවකයින් හොද ආකල්ප ඇතිකර ගැනිමට සැලැස්ම අදාවේ.
5. සිය අරමුණු හා පරමාර්ථ ලිඛිතව තැබිමෙන් ඒවා සපුරා ගැනිමට ආශාවක් ඇති වේ. එයින් ඔබට මග පෙන්විමක් ලැබේ නිතර නිතර විමර්ශනය කිරිමට, ඒ ඔස්සේ හඹායාමට උනන්දුවක් ඇති වේ.
6. ව්‍යාපාරයේ නිෂ්ඨාව (Mission) කෙරෙහි සිත් යොමු කරන නිසා (Focus) අනවශ්‍ය ලෙස වැරදි මාර්ගවලට ප්‍රවිශ්ඨවිමට ඇති ඉඩකඩ දුරුකරයි.
එසේම ව්‍යාපාර කටයුතු සිදුවන ආකාරය සැලැස්මේ අන්තර්ගත වේ. ඔබගේ අදහස් (Ideas) අන් අය පිළිගන්නේ ඔබ කරන්න බලාපොරොත්තු වන දෑ අනුවයි. ඒ සියල්ල ව්‍යාපාර සැලැස්මෙන් විද්‍යාමාන වේ. එපමණක් නොව විවිධ බාහිර පාර්ශව ඔබගේ ව්‍යාපාර සැලැස්ම ගැන විමසිලිමත් වේ.
7. බැංකු ණය ලබා ගැනිමට To Obtain Bank Financing
බැංකුකරුවන් හා වෙනත් මුල්‍ය ආයතන ණයදිමේදි වඩා වැදගත් උපකරණය ලෙස සැලකෙනුයේ ව්‍යාපාර සැලැස්මයි. එහෙත් බැංකුකරුවන්ගේ තිරණයට එකම සාධකය ව්‍යාපාර සැලැස්මද නොවේ. කෙසේ වුවද ණය ඉල්ලුම් පත්‍රය සමග ව්‍යාපාර සැලැස්ම ඉල්ලා සිටි. බැංකු ණයක් ලබා ගැනිම පහසු කාර්යයක් නොවේ. ණය ආපසු ගෙවිමට හැකියාවක් ඇති බව ඔබ ඔප්පු කළ යුතුයි. ව්‍යාපාර සැලැස්ම ඒ සදහා හොදම සාක්ෂියයි.
8. ආයෝජන අරමුදල් ලබාගැනිමට To Obtain Investments Funds
විභව ආයෝජකයින් සිය ආයෝජනයේ අවදානම තක්සේරු කිරිමට ඔබගේ ව්‍යාපාර සැලැස්ම යොදා ගනි. ඔවුන් ඔබ ව්‍යාපාරයේ අනාගත වර්ධනයට ඇති ඉඩකඩ සැලැස්මෙන් සොයා බලති. ව්‍යාපාර අරමුණු, වෙළෙද පොළ තරගය, කළමනාකරණ හැකියාව, අයිතිකරුගේ හැකියා සැලැස්මෙන් ඔවුන් දකි.
9. උපක්‍රමික කණ්ඩායම්වල සහය ලබාගැනිමට To Arrange Strategic Alliances
අලෙවි, මූල්‍ය, මානව, පර්යේෂණ හා සංවර්ධන යනාදි අවශ්‍යතා සපුරා ගැනිම උදෙසා විවිධ කණ්ඩායම්වල සහාය ලබාගැනිමට ව්‍යාපාර සැලැස්ම උපකාරිවේ.
10. විශාල කොන්ත්‍රාත් ලබා ගැනිමට To Obtain Contracts
ලාභදායි කොන්ත්‍රාත් අත්පත් කර ගැනිමට නම් ඔබ කවුද ? යන්න පෙන්නුම් කළ යුතුයි. (Every one Knows Who We are But No – One Knows Who You are) එනිසා ඔබ (You) ගේ ඉදිරි ව්‍යාපාර ශක්තිය පෙන්විමට සැලැස්ම උපකාරි වේ.
11. ප්‍රධාන තනතුරු සදහා සේවකයන් ආකර්ෂණය කර ගැනිමට To Attract Key Employees
ආරම්භක ව්‍යාපාර සදහා දක්ෂ, සුදුසුකම් ලත් සේවකයින් බදවා වගැනිම දුෂ්කරය. හේතුව විශ්වාසය නොතැබිමයි. විශ්වාසය තහවුරු කිරිමට ව්‍යාපාර සැලැස්ම උපකාරි වේ.
12. කළමනාකරණ කණ්ඩායම අභිප්‍රේරණයට හා අවධානයට To Motivate and Focus Your Management Team
ඉලක්ක හා පරමාර්ථ (Goals & Objectives) පැහැදිලිවම සැලැස්මේ අන්තර්ගතය. සෑම කෙනෙක්ම ඒ දෙසට ක්‍රියාත්මක විය යුතුයි. විශේෂයෙන්ම කළමනාකරුවන්ට මගපෙන්වන සිතියම (Road Map) ව්‍යාපාර සැලැස්මයි.
13. ව්‍යාපාරයේ කාර්යසාධනය ඇගයිම සදහා To Measure the Performance
ව්‍යාපාරයේ අන්තර්ගත වර්ධනය, විකුණුම්, ලාභය යනාදි සියල්ලක්ම ව්‍යාපාර සැලැස්මෙන් දැක්වේ. ව්‍යාපාරයේ සාර්ථක අසාර්ථක භාවයද ඒ අනුව විමර්ෂණය කළ හැකි වේ. සිය ඉලක්ක සපුරා ගැනිම සදහා ලමා සිටින්නේ කොතැනකද ? යන්න විග්‍රහ කළ හැකිය. අවශ්‍ය වන්නේ නම් ඒ අනුව සැලැස්ම යාවත්කාලීන කළ හැකි වේ.
14. ව්‍යාපාර බද්ධ කිරිමට සහ මිලට ගැනිම සම්පුර්ණ කිරිමට To Complete Mergers and Acquisitions
ඔබගේ ව්‍යාපාරය වෙනත් ව්‍යාපාරයකට බද්ධ කිරිම හෝ වෙනත් ව්‍යාපාරයක් අත්පත් කරගැනිම වැනි අවස්ථාවකදි ව්‍යාපාර සැලැස්ම වැදගත් වේ.