හැදින්විම
 

ව්‍යාපාරයේ මග පෙන්වන මාර්ග සිතියමක් ලෙස ව්‍යාපාර සැලැස්ම හැදින්විය හැකිය. ආරම්භක හෝ පුළුල් කෙරෙන ව්‍යාපාරයකට අරමුදල් ලබා ගැනිම හා යෙදවිම පෙන්නුම් කරන ලිඛිත ලේඛණයක් ලෙසටද ව්‍යාපාර සැලැස්ම හැදින්වේ.


ව්‍යාපාර සැලැස්මක් නියත වශයෙන්ම ඔබේ ව්‍යාපාරය හදුන්වයි. (Introduce) ව්‍යාපාරයේ ඉලක්ක හා පරමාර්ථ එමගින් විස්තර කරයි. සරලව කිවහොත් ව්‍යාපාර සැලැස්මකින් ව්‍යාපාරය සාරංශ කර දක්වයි. (Resume) සම්පත් නිසි ලෙස භාවිතා කිරිමට ව්‍යාපාර සැලැස්ම උපකාරි වේ. නොදක්නා ගැටළුවලට මුහුණ දිමට, නිවැරදි තිරණ ගැනිමට එය උදව් වේ. නොදක්නා ගැටළුවලට මුහුණ දිමට, නිවැරදි තිරණ ගැනිමට එය උදව් වේ. ව්‍යාපාර සැලැස්මකින් ව්‍යාපාර පිළිබදව නිශ්චිත හා සංවිධිත තොරතුරු එළි දැක්වේ.


හොදින් සිතා මතා සකස් කරන අංග සම්පුරුණ ව්‍යාපාර සැලැස්මක් අති‍ශයෝක්තියක් නොවිය යුතුය. ඉලක්ක හා පරමාර්ථ ලගාකර ගැනිම, බාහිර මුල්‍යනය, සැලසුම්කරුවන්ගේ ණය කළමනාකරණය, අලෙවිකරණය හා මුල්‍යනය යනාදිය පිළිබද වු ඉගියක් ව්‍යාපාර සැලැස්මකින් ලබාදේ.


ව්‍යාපාර සැලැස්ම තිරණාත්මක එමෙන්ම වැදගත්කමකින් යුක්ත වුවක් බව පෙනි ගියද බොහෝ ව්‍යවසායකයින් එය ලිඛිත ලියවිල්ලක් ලෙසින් එළිදැක්විමට පසුබට වෙති. සමහරු පවසන්නේ ව්‍යාපාර සැලැස්මක් පිළියෙළ කිරිමට සුදුසු පරිසරයක් නොමැති බවයි. ව්‍යාපාර පිළිබදව නියත වශයෙන් ඇල්මක් දක්වන්නෝ නම් ව්‍යාපාරයට පිවිසිමට පෙර සැලැස්මක් පිළියෙළ කරගත යුතුය. එවැන්නක් නොමැතිව ව්‍යාපාරයකට අතගැසිම යෝග්‍ය නොවේ. ගොඩනැගිල්ලක් තනන්නෙකුට එහි ඉදිකිරිම් ඇරඹීමට පෙර ගොඩනැගිලි සැලැස්මක් (Blueprint) තිබිය යුතු සේම ව්‍යාපාරයකට ඇතුල්වන්නන්ටද ව්‍යාපාර සැලැස්මක් තිබිය යුතුය. එවැන්නක් නොමැතිව ව්‍යාපාර කිරිමට ඉක්මන් නොවිය යුතුය.


කිසියම් ව්‍යවසායෙකු සිය ව්‍යාපාරයට අවශ්‍ය මුල්‍ය සම්පත් ලබා ගැනිම සදහා බැංකුකරුවෙකු වෙත හෝ ප්‍රාග්ධන සමාගමක් වෙත යාමට අපේක්ෂා කරන්නේ නම්, අනිවාර්යයෙන්ම රැගෙන යායුතු ලියවිල්ල වන්නේ ව්‍යාපාර සැලැස්මයි. එවැන්නක් නොමැතිව මුල්‍යය ලබා ගැනිමට යාම නිෂ්ඵල ක්‍රියාවකි. බැංකු හා ව්‍යවසායක ප්‍රාග්ධන සමාගම්වල කළමනාකරුවන් යාවත්කාලින වු අංග සම්පුර්ණ ව්‍යාපාර සැලැස්මක් අනිවාර්යයෙන්ම ඉල්ලා සිටිති. ඇත්තෙන්ම හොද ව්‍යාපාර සැලැස්මක් සතු ව්‍යවසායකයා මුල්‍යය ඉල්ලා ඔබ මොබ යායුතු නැත. ව්‍යාපාර සැලැස්ම ඔහු වෙනුවෙන් එය ඉටුකරනු ඇත. මෙහි සදහන් කරුණුවලට අනුව ව්‍යාපාර සැලැස්ම මෙසේ නිර්වචනය කරමු.


“A Business Plan is a Selling Document that Conveys the Excitement and Promise of your Business to any Potential Bankers or Stakeholders”
By David E. Gampert


“ව්‍යාපාර සැලැස්මක් යනු, විභව බැංකුකරුවන්ට හෝ ඇල්මක් දක්වන පාර්ශවයන්ට ඔබගේ ව්‍යාපාරය පිළිබද පොරොන්දු හා විශ්මිතයන් අලෙවිකරණ ලියවිල්ලකි.”

(c) Shilpa Sayura Foundation 2006-2017