ශ්‍රමික සම්බන්ධතා / කාර්මික සම්බන්ධතා
 

ශ්‍රමිකයන් හා කළමනාකරණය අතර ඇති අඛණ්ඩ සම්බන්ධතාව ශ්‍රමික සම්බන්ධතා ලෙස හැදින්වේ. ශ්‍රමිකයන් වෘත්තිය සමිති ලෙස සංවිධානය වන බැවින්, වෘත්තිය සමිති නියෝජිතයන් හා කළමනාකරණය අතර ඇති සම්බන්ධතාව බවට මෙය පරිවර්තනය වි ඇත. ඒ අනුව මෙහි ඇතිතේ සමුහ සම්බන්ධතාවකි. (Collective Relations) ඒ ඒ සේවකයා හා සේවකයන්, හා කළමනාකරුවන් අතර ඇති සම්බන්ධතාව සේවක සම්බන්ධතාවය (Personnel Relation) ලෙස සැලකේ. මෙහි ඇත්තේ පුද්ගල සම්බන්ධතාවයකි. (Individual Relation)


ශ්‍රමික සම්බන්ධතාවයේ පරමාර්ථ


කාර්මික සාමය ඇතිකිරිම
කාර්මික ප්‍රජාතන්ත්‍රවාදි බව තහවුරු කිරිම
වෘත්තීය සමිති හා කළමනාකරණය අතර සුහද සම්බන්ධතා වර්ධනය
ඵලදායකත්වය නංවාලිම


ශ්‍රමික සම්බන්ධතා ක්‍රමයක ප්‍රධාන පාර්ශව තුනක් වේ.



  1. සේවක හා වෘත්තිය සමිති නියෝජිතයින්
  2. ස්වාමියා හෝ නියෝජිතයින්
  3. රජය

යහපත් ශ්‍රමික සම්බන්ධතාවයක වාසි


සේවක හා කළමනාකරණය යන දෙපාර්ශව අතර සුහදතාවය (Harmony) නැතිනම් සාමකාමි බව වර්ධනය.


සේවක පිරිවැය අඩුවිම.


ව්‍යාපාර ක්‍රියාවලිය සුමට ලෙස පවත්වා ගැනිම.


ඵලදායිතාවය හා ගුණාත්මකභාවය වර්ධනය.


වෙනස්විම් සමග ව්‍යාපාරයට ගැලපිමට අවකාශ ලැබිම.


අයහපත් ශමික සම්බන්ධතාවයක අනිසි ප්‍රතිඵල


ඵලදායකත්වය අඩුවිම.


සේවක අර්බුද, වැඩ වර්ජන පැන නැගිම නිසා ව්‍යාපාර ක්‍රියාවලිය අඩපනවිම.


ග්‍රණාත්මක භාවය පහත වැටිම.


සේවක අසහනය වර්ධනය.


ගණුදෙනුකරුවන් අහිමිවිම.


අනාගත ගණුදෙනුකරුවන් හා සේවකයින් අධෛර්යමත් විම.


සේවකයින් වාත්තිය සමිති ඇති කර ගැනිමට හේතු


අසාධාරණ කළමනාකරණයට එරෙහි විමට නායකත්වය භාවිතා කිරිමට.


වෘත්තිය සමිති ක්‍රියාකාරකම්වලට සහභාගිවිමට සමාජිය බලපෑම්.


වෘත්තීය සංගම් ගතවිම අනිවාර්යය විම.


සාමුහික කේවල කීරිම Collective Bargaining


නියමිත කාලසිමාවක් තුල රැකියා කොන්දේසි පිළිබදව වෘත්තිය සමිති හා කළමනාකරණය අතර ඇතිකරගන්නා එක/තාවය සාමුහික කේවල කිරිම් ලෙස හදුන්වයි. සාමුහික කේවල කිරිම තුලින් දෙපාර්ශවය අතර ඇතිකරගන්නා එක/තාවය සාමුහික ගිවිසුම (Collective Agreement) නම් වේ.


සාමුහික කේවල කිරිමේ ක්‍රියාවලියේ අදියර පහත සටහනින් පැහැදිලි කෙරේ. කළමනාකරණය සහ වෘත්තිය සමිති අතර බොහෝ විට යම් යම් ගැටළු සම්බන්ධව සාමුහික කේවල කිරිම් සිදුවේ. එහිදි දෙපාර්ශවයම උත්සාහ කරනුයේ තම තමාට වාසිදායක වන අයුරින් ඒවා විසදිමයි. මේ නිසා එකගතාවයකින් තොරව සාකච්ඡා බිද වැටෙන අවස්ථා උදාවේ. සාකචිඡා තුලින් විසදිමකට එළඹෙන්නේ නම් එය විධිමත් ලිඛිත ගිවිසුමකින් (Collective Agreement) නිමාවට පත්වේ. එවැනි එකගතාවයක් නොමැති අවස්ථාවක කාර්මික ආරවුල් පනත යටතේ එම ගැටළු විසදිමට පියවර ගනි. එය කාර්මික ක්‍රියාවක් (Industrial Action) ලෙස හදුන්වයි. එවිට අදාල ප්‍රශ්නය කම්කරු විනිශ්චය සභාවට යොමු කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017