ඇබැර්තු වු රැකියාවකට නැතිනම් තනතුරට තෝරා ගත් සේවකයන් පත්කිරිමේ ක්‍රියාවලිය මෙයයි. පත්වීම් ලිපියක් (Appointment Letter) පිළියෙල කිරිම මෙහිදි අවශ්‍යය. රැකියාවට පත්කිරිමෙන් පසු රැකියා ගිවිසුමකට එළඹිය යුතුය. එයට සේවක - සේව්‍ය දෙපාර්ශවයම අත්සන් තබා පිළිගැනිමට ලක්කළ යුතුය. එහි රැකියාවට අදාල කොන්දේසි අන්තර්ගතය. ස්ථිර තනතුරකට බදවාගන්නා විට පරිවාස කාලසිමාවක් (Probationary Period) නියම කිරිම සාමාන්‍ය පිළිවෙතයි.
පරිවාස කාලය Probationary Period
තනතුරකට බදවා ගත් නව සේවකයෙකු තනතුරෙහි ස්ථිර කිරිමට පෙරාතුව සේවය කළ යුතු කාලපරිච්ඡේදය පරිවාස කාලය ලෙස හැදින්වේ. මෙම කාලය තුල නව සේවකයා රැකියාව සාර්ථකව ඉටුකිරිමට තමාට ඇති හැකියාව ප්‍රදර්ශනය කළ යුතුය. සමහර අවස්ථාවල පරිවාස කාලය තුලදි යම් යම් සුදුසුකම් සපුරාගැනිමද සිදුකළ යුතුවේ.
පරිවාස කාලය සතුටුදායක ලෙස නිමකළ පසු සේවකයා තනතුරෙහි ස්ථිර කරනු ඇත. එතෙක් ස්ථිර සේවකයෙක් ලෙස නොසැලකේ. පරිවාස කාලය තුලදි සේවකයා අසතුටුදායක නම් ඉවත් කිරිමේ බලය සේව්‍යාට හිමිය. එසේම සේවකයාටද රැකියාව නොගැලපේ නම් ඉවත් වි යා හැකිය.