තෝරා ගැනිම
 

ආකර්ශණය කරන ලද ඉල්ලුම්කරුවන් අතුරින් ඉතා යෝග්‍යතම පුදුගලයා රැකියා ඇබැර්තුව පිරවිමට තෝරා ගැනිම මින් අදහස් කෙරේ. මෙම කාර්යයේ පරමාර්ථය වනුයේ,



  1. නිසි රැකියාවට යෝග්‍යතම පුදුගලයා ලබා ගැනිම.
  2. යහපත් සේවා යෝජක ප්‍රතිරූපයක් ගොඩනගා ගැනිම.
  3. තෝරා ගැනිමේ පිරිවැය අඩුකරලිම.

තෝරා ගැනිමේ ක්‍රම


1. ඉල්ලුම්පත් ඇගයිම
Application Evaluation


රැකියා අපේක්ෂකයින් විසින් එවන ලද ඉල්ලුම්පත් ඇගයිම තුලින් යෝග්‍යතාව තක්සේරු කිරිම හා ඒ ආශ්‍රයෙන් ඉතාම යෝග්‍ය පුදුගලයා රැකියාව සදහා තෝරා ගැනිම. ශ්‍රී ලංකාවේ මෙම ක්‍රමය එතරම් ජනප්‍රිය නැත. පුදුගලයා නොදැක හුදෙක් ඉල්ලුම්පත්‍රයේ තොරතුරු පදනම් කරගෙන කරනු ලබන තෝරා ගැනිමක් වන නිසා මෙම ක්‍රමය එතරම් භාවිතා නොවේ.


2. සම්මුඛ පරික්ෂණ
Interviews


මෙය ජනප්‍රිය තෝරා ගැනිමේ ක්‍රමයකි. මුහුණට මුහුණලා වාචිකව සාකච්චා කර යෝග්‍යතම අයදුම්කරු තෝරා ගැනිමේ අවකාශ මෙහි වේ. එමගින් අයදුම්කරුගේ පෙනුම, සන්නිවේදන කුසලතා, සමාජශීලි බව, සිරිත් විරිත් (Manners) යනාදී සාධක ඇගයිමට ලක්කල හැකිය.


ඉල්ලුම් පත්‍රයේ ඇතුලත් නොවු එහෙත් වැදගත් වෙනත් තොරතුරු සම්මුඛ පරික්ෂණයේදි ලබාගත හැකිය. ද්විපාර්ශික (Two Way) සාකච්ඡා තුලින් සේවක පක්ෂයට හා සේව්‍ය පක්ෂයට අදාල ගැටළු නිරාකරණය කර ගැනිමට මෙහිදි ඉඩකඩ ලැබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017