මිනිස් බල සැලසුම්කරණය ලෙසින්ද මෙය හදුන්වයි. (Human Power Planning)
“සංවිධානයේ ඉලක්ක හා පරමාර්ථ ලගාකර ගැනිමේ අරමුණින් අනාගත සේවක අවශ්‍යතා නිගමනය හා එම අවශ්‍යතා සපුරා ගැනිමට සුදුසු උපායමාර්ග තිරණය මා. ස. සැලසුම්කරණයයි.”
මෙහි පරමාර්ථය වන්නේ සංවිධානයේ ඉලක්ක සපුරාගැනිමට අදාල රැකියාව ඉටුකිරිමට ඉතාමත් යෝග්‍ය සේවකයින් නිසි කලට හා වේලාවට ලබා ගැනිමයි. ඒ අනුව HRP වලට අදාල කාර්යයන් වන්නේ,
අනාගත සේවක අවශ්‍යතා නිගමනය කිරිම.
මානව සම්පත කාර්යක්ෂම හා සඵලදායිව භාවිතා කිරිම.
සේවක පිරිවැය පාලනය.
උසස් දක්ෂතාවලින් හෙබි සේවකයන් සංවර්ධනය.
උපක්‍රමික සැලසුම් පිළියෙල කිරිම.
ඉහත කාර්යයන්ට අදාලව HRP ක්‍රියාවලිය පහත සටහනින් පෙන්නුම් කෙරේ.
මානව සම්පත් සදහා වු ඉල්ලුම පුරෝකථනයේදි පහත සදහන් සාධක සැලකිල්ලට ගත යුතුය.
- ආයතනයේ භාණ්ඩ / සේවා සදහා ඇති ඉල්ලුම
- ආයතනයේ ඉලක්ක හා සැලසුම්
- නිෂ්පාදන ක්‍රමය (ශ්‍රම සුක්ෂමද ? ප්‍රාග්ධන සුක්ෂමද ? ආදි වශයෙන්)
- විශ්‍රාම යාම
- අස්වි යෑම
- මරණ
- නිවාඩු
- සේවා ඈවර කිරිම්
මානව සම්පත සදහා වු සැපයුම ඇස්තමේන්තු කිර්මේදි පහත සදහන් සාධක සැලකිල්ලට ගත යුතුය.
අභන්තර සාධක -අස්විම් ලැබිමට යෝජිත සේවක සංඛ්‍යාව, ස්ථාන මාරුවීම් ලැබිමට යෝජිත සේවක සංඛ්‍යාව, ඉවත් කිරිමට යෝජිත සේවක පිරිස යනාදිය.
බාහිර සාධක -ශ්‍රම වෙළෙද පොළේ ස්වභාවය, විරැකියාවේ ප්‍රතිශතය, වර්තමාන ශ්‍රම හමුදාව, තරගකාරි ආයතනවල ශ්‍රමික ඉල්ලුම යනාදිය.