රැකියා විග්‍රහය
 

රැකියා පිළිබදව ක්‍රමවත් නිරික්ෂණයක් හා රැකියාව දරන්නා සතු විය යුතු ගති ලක්ෂණ විශ්ලේෂණයන් මෙයට අදාලය. මෙම කාර්යය මගින් මා. ස. කළමනාකරණයේ සෙසු කාර්යයන්ට අවශ්‍ය තොරතුරු සැපයේ. රැකියා විග්‍රහය මගින්,


රැකියා විස්තරය Job Description


රැකියා පිරිවිනරය Job Specification


සකස් කෙරේ. පහත සටහන ඇසුරින් මෙම ලේඛණවල අන්තර්ගතයන් පැහැදිලි කෙරේ.



















රැකියා විස්තරය
Job Description

රැකියා පිරිවිනරය
Job Specification


1. කිසියම් රැකියාවකට අයත් කාර්යය (Task), කාර්යභාරය (Duties) වගකීම් සහ සේවා කොන්දේසි විස්තර කරයි.


1. කිසියම් රැකියාවක් කාර්යක්ෂමව හා සඵලදායකව ඉටුකිරිමට රැකියා දරන්නා සතුවිය යුතු මුලික සුදුසුකම් සදහන් කෙරේ.


2. රැකියා විස්තර කරයි.


2. රැකියාවේ නියුක්ත විමට යෝග්‍ය පුද්ගලයා ගැන විස්තර කරයි.


3. රැකියාවේ ගති ලක්ෂණ පිළිබද ලේඛණයක් ඉදිරිපත් කරයි.


3. රැකියාව සාර්ථක කිරිමට අවශ්‍ය මානව ගති ලක්ෂණ ලේඛණයක් ඉදිරිපත් කරයි.


4. රැකියාවේ අරමුණු, කාර්යභාරය, සේවා කොන්දේසි ඇතුලත් කරයි.


4. රැකියාව දරන්නාට තිබිය යුතු අධ්‍යාපන, වාත්තිය සුදුසුකම්, පලපුරුද්ද, පුහුණුව යන හැකියා ඇතුලත් කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017