රැකියාවක් (Job) යනු කාර්ය (Tasks) කාර්ය භාරය (Duties) සහ වගකිම් (Responsibilities) එක්වු සංවිධාන ඒකකයකි. කාර්ය, කාර්යභාරය හා වගකිම් පැහැදිලි ලෙස දැක්විම රැකියා නිර්මාණය වේ. රැකියා නිර්මාණයේ මුලිකාංග දෙකක් වේ.
1.කාර්යක්ෂමතාව -මෙයට වැඩ බෙදිම, ප්‍රමිතිය හා විශේෂිකරණය ඇතුලත්ය.
2. චර්යාත්මක බව -විවිධ කුසලතා, කාර්ය අන්‍යනයතාව සහ ප්‍රතිචාර මෙයට ඇතුලත්ය.
රැකියා නිර්මාණය සදහා පහත උපක්‍රම භාවිතා කරයි.
1. විද්‍යාත්මක ක්‍රම උදා:- කාර්ය අධ්‍යනය
2. රැකියා පුළුල් කිරිම උදා:- නව කාර්යභාරයක් එක්කිරිම
3. රැකියා වර්ධනය උදා:- බලතල හා වගකීම් වැඩිපුර දිම
4. රැකියා මාරු කිරිම උදා:- එක් රැකියාවකින් තවත් රැකියාවකට මාරු කිරිම
5. කාණ්ඩ ගත කිරිම උදා:- කිහිප දෙනෙකු එක් වි කටයුතු කිරිම
