මානව සම්පත් කළමනාකරණයේ වැදගත්කම
 

මානව සම්පත් කළමනාකරණයේ ඇති වැදගත්කම, එහි අරමුණු (Purpose), ඉලක්ක (Goals) හා පරමාර්ථ (Objectives) වෙන් වෙන් වශයෙන් විමසා බැලිමෙන් පැහැදිලි කළ හැකිය.


අරමුණු Purpose


සංවිධානයේ සාර්ථකත්වය සදහා උපරිම දායකත්වයක් ලබාදෙන යෝග්‍ය හා තාප්තිමත් සේවක හමුදාවක් ඇතිකර ගැනිම හා රදවා ගැනිම මානව සම්පත් කළමනාකරණයේ පොදු අරමුණයි.


මෙහි යෝග්‍ය සේවකයින් ලෙසින් අදහස් කරනුයේ සේවක සංඛ්‍යාව සහ ගුණාත්මකභාවයයි. (Quantity and Quality) ගුණාත්මක යනු සංවිධානයේ ඉලක්ක මුදුන් පමුණුවා ගැනිමට අවශ්‍ය දැනුම (Knowledge) කුසලතා (Skills) සහ ධනාත්මක ආකල්ප (Positive Attitudes) සහිත විමයි. තාප්තිමත් සේවක පිරිස යනු හොදින් අභිප්‍රේරණය වු සේවකයෝ විමයි. ඔවුන් ඉහල සේවක සුළ සාධන භුක්ති විදින, සතුටට පත් වු අය විමයි.


ඉලක්ක Goals


ඉහත සදහන් පොදු අරමුණු මුදුන් පමුණුවා ගැනිම සදහා අවශ්‍ය ඉලක්ක පහත දැක්වේ.


අ). සේවක ඵලදායකත්ව වර්ධනය To Improve Employee Productivity


සේවක සංවර්ධනය යනු සේවක අභිමතාර්ථය ලගාකර ගැනිම, රැකියාවේ අසස්විම්, දැනුම, කුසලතා හා ආකල්පවල වර්ධනයක් ඇතිවිම යන අංශවල වර්ධනයයි.


ඇ). වැඩ ජිවිතයේ ගුණාත්මකභාවය වැඩි කිරිම. To Increase Quality of Work Life


සේවකයන්ට බලපාන තිරණවලදි සේවක අදහස් හා යෝජනා ඉදිරිපත් කිරිමට අවස්ථාවක් ලබාදිම මෙහි සාමාන්‍ය අර්ථයයි. එමගින් ආයතනයේ තිරණ ගැනිම සදහා සේවක දායකත්වය ලැබේ. තමන් පිළිගැනිමට භාජනය වුවාය යන හැගිම සේවකයින් තුල ඇතිවේ. වඩා හොද පරිසරයක් නිර්මාණය කර ගැනිම ගුළින්ද සේවකයින් තෘප්තිමත් වේ. මේ සියල්ල වැඩ ජිවිතයේ ගුණාත්මකභාවය ඉහල යාමට හේතු වේ.


ඈ). සේවකයින් සම්බන්ධ නිතිමය කොන්දේසි සපුරාලිම To Ensure Legal Compliance


සේවක කළමනාකරණයට අදාල රජය විසින් පනවා ඇති නිතිරිති නිසි ආකාරයෙන් පිළිපැදිය යුතුය. ශ්‍රී ලංකා රජය විසින් පනවා ඇති සේවක අග පනත් කිහිපයක් පහත දැක්වේ.


සාප්පු සහ කාර්යාලිය සේවක පනත


කාන්තාවන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවිම පිළිබද පනත


කාර්මික ආරවුල් පනත


සේවක නිවාඩු පනත


සේවක වන්දි පනත


වේතන මණ්ඩල අනුපතන


රැකියා නිමකිරිමේ (විශේෂ විධි විධාන) පනත


වෘත්තිය සමිති ආඥාපනත


පරමාර්ථ Objectives


මානව සම්පත් කළමනාකරණයේ පොදු අරමුණු ඉහත සදහන් කරන ලද ඉලක්ක ඉටුවිම තුලින් සහතික කෙරේ. ඒ ආකාරයෙන්ම පහත දැක්වෙන පරමාර්ථ ඉටුවිම තුලින් මානව සම්පත් කළමනාකරණ ඉලක්ක සාක්ෂාත් කෙරේ.


නිසි රුකියාව සදහා නියම වේලාවට නිවැරදි පුදුගලයින් බදවා ගැනිම.


  • ඉතාමත් යෝග්‍ය සේවකයික් ආයතනයේ රදවා ගැනිම.
  • සේවකයින්ගේ කැපවිම වර්ධනය කිරිම.
  • සේවක අභිප්‍රේරණය.
  • සේවක පිරිවැය පාලනය.
  • (c) Shilpa Sayura Foundation 2006-2017