ව්‍යාපාර කළමනාකරණයට අදාල ඉතා වැදගත් එමෙන්ම සුවිශේෂිත ශ්‍රිතයකි මානව සම්පත් කළමනාකරණය. (HRM) මෙය තවත් විකල්ප නම්වලින්ද හදුන්වයි.
පිරිස් කළමනාකරණය Personnel Management
මිනිස් බල කළමනාකරණය Manpower Management
මිනිස් කළමනාකරණය People Management
සේවක කළමනාකරණය Staff Management
නිර්වචනය
“සංවිධානයක ඉලක්ක ලගාකර ගැනිම සදහා මානව සම්පත් කාර්යක්ෂමව හා සඵලදායිව ප්‍රයෝජනයට ගැනිම මානව සම්පත් කළමනාකරණයයි.”
සංවිධානයේ කටයුතුවල නිරතවන සේවකයින් මානව සම්පත් වේ. මුල්‍ය හා භෞතික සම්පත්වලට සාපේක්ෂව බලන විට මානව සම්පත විශේෂිත ලක්ෂණවලින් යුක්තය. එනම්,
සජීවියි = Animate or Living
සිතිමට, ප්‍රතිචාර දැක්විමට ඇති හැකියාව
Think – Feel & React
කාලය ගතවිම සමග පුහුණුව හා පලපුරුද්ද නිසා අගය වැඩිවිම = Appreciates
ශ්‍රමයේ පිරිවැයට (වැටුපට) බලපෑම් කිරිමට හැකියා තිබිම.
සංවිධාන විමට ඇති හැකියාව.
චර්යාව සංකිර්ණයි - පුරෝකථනය කළ නොහැක.
නිර්මාණාත්මක කුසලතා තිබිම.
අනෙකුත් සියළුම සම්පත් පිළිබද තිරණ ගැනිම.
ඉහත ගතිලක්ෂණවලින් යුත් මානව සම්පත කොටස් දෙකකට බෙදිය හැකිය.
1. කළමනාකාරිත්ව සේවකයින් Managerial Employees
2. කළමනාකාරිත්ව නොවන සේවකයින් Non – Managerial Employees