මූල්‍ය අනුපාත විෂ්ලේෂණය
 

මූල්‍ය අනුපාත, ව්‍යාපාර ක්‍රියාකාර්ත්වයන්හි සම්බන්ධතාවය පිළිබිඹු කරන දර්ශනයක් ලෙස කෙටියෙන් හැදින්විය හැක. ව්‍යාපාරයක ජංගම වත්කම් හා ජංගම වගකිම් අතර පවත්නා සම්බන්ධතාවය අනුපාතිකව පෙන්නුම් කිරිම මිට නිදසුනකි. කාලපරිච්ඡේද කිහිපයක් අතර ව්‍යාපාර ක්‍රියාකාරීත්වය සැසදීම හෝ වෙනත් සමාන ගණයේ ව්‍යාපාර සමග සැසදිමට හෝ මූල්‍ය විශ්ලේෂකයින්ට මූල්‍ය අනුපාත උපකාරි වේ. කෙසේ වුවද එක් තනි මූල්‍ය අනුපාතයකට පමණක් ව්‍යාපාරයක සමස්ථ මූල්‍ය ක්‍රියාකාරිත්වය විශ්ලේෂණය කිරිම අපහසුය. එහිලා විවිධ වර්ගයන්හි අනුපාත රාශියක් භාවිතා කළයුතු වේ.


මූල්‍ය අනුපාත වර්ග


1. ද්‍රවශීල අනුපාත Liquidity Ratios


කෙටිකාලින මූල්‍ය බැදිම්වලට මුහුණදීමට ඇති ව්‍යාපාර හැකියාව මෙම අනුපාතයෙන් පෙන්නුම් කරයි.


2. ක්‍රියාකාරි අනුපාත Activity Ratios


විකුණුම් ජනිත කිරිම සදහා ව්‍යාපාරයේ වත්කම් කොතෙක් කාර්යක්ෂම ලෙස භාවිතා කරන්නේද යන්න මෙම අනුපාතවලින් පෙන්නුම් කරයි.


3. තෝලන අනුපාත Leverage Ratios


කෙටිකල් හා දිගුකල් මුල්‍ය වගකිම්වලට මුහුණ දිමට ව්‍යාපාරයකට ඇති හැකියාව මෙමගින් පෙන්නුම් කරයි.


4. ලාභදායකත්ව අනුපාත Profitability Ratios


ව්‍යාපාරයේ කළමනාකාරීත්වය කොතෙක් කාර්යක්ෂම ලෙස, කොටස්කරුවන්ගේ ප්‍රාග්ධනය, වත්කම් හා විකුණුම් මත ලාභ උපයන්නේද යන්න මෙමගින් පෙන්නුම් කරයි.


5. වෙළෙද පොළ අනුපාත Market - Based Ratios


මූල්‍ය වෙළෙද පොළ තුල ව්‍යාපාරයේ කොටස්හි වටිනාකම ඇගයිමට මෙම අනුපාත භාවිතා කරයි.


ද්‍රවශීලතා අනුපාත


ගෙවිය යුතු ණය, ගෙවිමේ කාලය එළඹවිට පියවා දැමිමට ප්‍රමාණවත් මුදල් සැමවිටම ව්‍යාපාරයක් සතුව තිබිය යුතුය. නොඑසේ නම් ව්‍යාපාරය නිරන්තරව ප්‍රමාණවත් ද්‍රවශීලතාවයකතින් යුක්ත විය යුතුය. මෙම ස්වභාවය පරීක්ෂා කිරිමට උපයෝගිකර ගනු ලබන අනුපාත ද්‍රවශීල අනුපාත නම් වේ. ව්‍යාපාරයේ ජංගම වත්කම් හා ජංගම වගකිම් අතර පවත්නා සම්බන්ධතාව එමගින් දැක්වේ. නොඑසේ නම් ඉදිරි කෙටි කාලයක් තුල ව්‍යාපාරයේ ද්‍රවශීලතාව මැන බැලිමට යොදා ගනිනා ක්ෂණික ක්‍රමයකි ද්‍රවශීලතා අනුපාත. බහුලව භාවිතා කරනු ද්‍රවශීලතා නුපාත වන්නේ,


1. ජංගම අනුපාතය Current Ratio


2. ක්ෂණික අනුපාතය Quick Ratio


ජංගම අනුපාතය පහත දැක්වෙන ආකාරයෙන් ගණනය කළ හැකිය.

          ජංගම අනුපාතය  = ජංගම වත්කම් 
                               ජංගම වගකිම්

ජංගම වත්කම්


අතැති මුදල් + බැංකුවේ මුදල් + ක්‍රියාකාරි කෙටිකාලයක් තුල මුදල් බවට පරිවර්තනය කළ හැකි වෙනත් වතිකම්.


මෙම වෙනත් වත්කම් ගණයට ඇතුළත් වන්නේ කෙමිකාලින සුරැකුම්පත්, ණය ගැතියන්, වෙළෙද බඩු තොග සහ ඉදිරි ගෙවිම්ය.


ජංගම වගකිම්


ලෙස සැලකෙන්නේ එළඹෙන වර්ෂය තුළ ගෙවිමට සිදුවන මුල්‍යමය බැදිම්ය.


උදා:-විවිධ ණය හිමියන් + ගෙවිය යුතු බිල්පත් + දිගුකාලීන ණය සදහා ගෙවිය යුතු වර්තමාන වාරික + වෙනත් ගෙවිය යුතු වගකීම් එනම් බදු, වැටුප්, කුලි වැනි ගෙවිය යුතු වියදම්.


ක්ෂණික අනුපාතය පහත දැක්වෙන අයුරින් ගණනය කළ හැක.


          ක්ෂණික අනුපාතය  =  ජංගම වත්කම් - බඩු තොගය
                                                   ජංගම වගකිම්


මෙම අනුපාතය ඇසිඩ් පරික්ෂාව (Acid Test) යනුවෙන්ද හදුන්වයි. ජංගම අනුපාතයට වඩා ද්‍රවශීලතාව මැනිමේ සෘජු ක්‍රමයකි මෙය. ජංගම වත්කම් තුල ඉතා අඩුම ද්‍රවශීලතාවය ඇති වත්කම වු බඩු තොග වටිනාකම කුෂණික අනුපාතයේදි ඉවත් කෙරේ. බඩු තොගයේ පොත්වල සදහන් අගය කෙටි කාලයක් තුළදි ඒ ආකාරයෙන්ම මුදල් බවට පරිවර්තනය කිරිම සාමාන්‍යයෙන් දුෂ්කර බැවින්, මෙසේ බඩු තොග ජංගම වත්කම්වලින් අඩු කෙරේ.


ක්‍රියාකාරි අනුපාත


ව්‍යාපාරයේ වත්කම් අතර මුල්‍ය සම්පත් බෙදාහැරිය යුතු අන්දම තීරණය, මුල්‍ය කළමනාකාරිත්වයේ වැදගත් කාර්යයකි. නැතහොත් සඵලදායි විකුණුම් ආදායමක් ලබාදෙන මුදල් + ණයගැතියෝ + තොග + අපකරණ + යන්ත්‍රාගාර + ඉඩම් හා ගොඩනැගිලි යන ප්‍රශස්ථ වත්කම් මිශ්‍රය තිරණය මුල්‍ය කළමනාකාරිත්වයේ වගකිමකි. කිසියම් වත්කමකින් හෝ වත්කම් කණ්ඩායමකින් හෝ ජනිත කරන ඉපයිම්වලට සාපේක්ෂව වත්කම් හා ආයෝජනයේ ඇති සම්බන්ධතාව ක්‍රියාකාරි අනුපාත පිළිබිඹු කරයි. බහුලව භාවිතා කෙරෙන ක්‍රියාකාරි අනුපාත කිහිපයක් පහත දැක්වේ.


සාමාන්‍ය එකතු කිරීමේ කාලය
Average Collectition Period


ණයගැති ගිණුම් එකතු කර ගැනිමට ගතවන සාමාන්‍ය කාලය මෙම අනුපාතයෙන් පෙන්වයි. මෙම අනුපාතය පහත දැක්වෙන අයුරු ගණනය කෙරේ.


සාමාන්‍ය එකතු කිරිමේ කාලය  =             ණයගැතියෝ         
                                             දෛනික ණයට විකුණුම්


නැතිනම්                                  =              ණයගැතියෝ              
                                                වාර්ෂික ණයට විකුණුම්  ÷  365


මෙම අනුපාතය ඉහල මට්ටමක එනම් වැඩි ද්න ගණනක රැදේ නම්, ඉන් පෙන්නුම් කරන්නේ ණය එකතු කර ගැනිමේ අසාර්ථකත්වයයි. ණය ප්‍රතිපත්තියේ දුර්වලභාවයයි. විකුණුම් ආදායම අනවශ්‍ය ලෙස ණයගැති ගිණුම්වල හිරවි ඇති බව මෙයින් පෙන්නුම් කරයි. නැතිනම් නිසි කාලය තුල ණයගැතියන් ණය මුදල් පියවිමට පසුබට වන බවයි. අනික් අතට මෙම අනුපාතය ඉහළ මට්ටමක නැතිනම් අඩු දින ගණනක රැදේ නම් ඉන් පැහැදිලි වන්නේ දැඩි ණය ප්‍රතිපත්තියක් ව්‍යාපාරය අනුගමනය කරන බවයි. එවැන්නක්ද කාලෝචිත නොවිය හැකිය. ඵලදායි ගණුදෙනුකරුවන් වෙනත් තරගකාරි ව්‍යාපාර කරා ඉවත් වි යාමට දැඩි ණය ප්‍රතිපත්තියක් හේතු විය හැකිය. විකුණුම් ආදායම පහත වැටි ලාභ අඩුවිමට මෙම තත්ත්වය සෘජුවම බලපායි.


තොග පිරවුම් අනුපාත Inventory Turnover Ratio


          තොග පිරවුම් අනුපාතය  =  විකුණුම් පිරිවැය
                                       සාමාන්‍ය තොගය


මෙහිදි සාමාන්‍ය තොගය ගණනය කරනුයේ වර්ෂයේ ආරම්භක තොගය හා අවසාන තොගයේ එකතුව 2න් බෙදිමෙනි.


ව්‍යාපාරයේ විකුණුම් කාලිනව දැඩි ලෙස විචල්‍ය වන්නේ නම් සාමාන්‍ය තොගය ගණනයේදි වර්ෂයේ සාමාන්‍ය තොග ශේෂ 12 එකතු කර 12න් බෙදිම වඩා යෝග්‍ය බව ප්‍රකාශ වේ. පුර්ණ මට්ටමින් ලාභදායකත්වය රදවා ගැනිම සදහා ප්‍රශස්ථ තොග පිරිවැටුම් අනුපාතයක් පවත්වා ගත යුතුය.


          සාමාන්‍ය තොගය  = ආරම්භක තොගය + අවසාන තොගය 
                                                    2


ස්ථාවර වත්කම් පිරිවැටුම් නුපාතයFixed – Asset Turnover Ratio


මෙම අනුපාතය පහත අයුරින් ගණනය කෙරේ.


ස්ථාවර පිරිවැටුම් අනුපාතය   =           විකුණුම්          
                                      ශුද්ධ ස්ථාවර වත්කම්


ව්‍යාපාරය සතු දේපොළථ යන්ත්‍රසුත්‍ර, උපකරණ යනාදි ස්ථාවර වත්කම්, විකුණුම් ජනිත කිරිමට උපයෝගි කරගෙන ැති ආකාරය මෙම අනුපාතයෙන් පෙන්නුම් කෙරේ. වාර්ෂික ස්ථාවර වත්කම් පිරිවැටුම් අනුපාත අතර සැසදිමක් තුළින් ස්ථාවර වත්කම්වල ආයෝජනයේ කාර්යක්ෂමතාව විශ්ලේෂණය කළ හැකිය.


මුළු වත්කම් පිරිවැටුම් අනුපාතය Financial Leverage Ratio


          මුළු වත්කම් පිරිවැටුම් අනුපාතය  =    විකුණුම් 
                                               මුළු වත්කම්


විකුණුම් ජනිත කිරිමට ව්‍යාපාරයේ මුළු වත්කම් හෙවත් මුළු වත්කම් කොතෙක් දුරට සඵලදායි ලෙස යොදාලන්නේද යන්න මෙම අනුපාතයෙන් පෙන්නුම් කෙරේ.


මුල්‍ය තෝලන අනුපාතය Financial Leverage Ratio


වරණ කොටස්, උගස්කර වැනි ස්ථාවර අයකිරිම් සහිත මුල්‍ය මාර්ගයන්ගෙන් ව්‍යාපාර වත්කම්වලින් කොටසක් මුල්‍යනය කිරිම මුල්‍ය තෝලනය භාවිතා කිරිමක් ලෙස සැලකේ. වෙනත් අයුරින් සදහන් කරන්නේ නම් අයිතිකරු ප්‍රාග්ධනය සහ ණය ප්‍රාග්ධනය අතර ඇති සම්බන්ධතාව මුල්‍ය තෝලනය ලෙස හැදින්වේ. මුල්‍ය තෝලන අනුපාත මගින් ව්‍යාපාරය කොතෙක් දුරට මුල්‍ය තෝලනය යොදා ගෙන ඇත්ද යන්න මැනිය හැකිය. මුල්‍ය තෝලන අනුපාත ණයහිමියන්ට මෙන්ම අයිතිකරුවන්ට වැදගත්වේ. දිගුකල් හා කෙටිකල් ණයහිමියන්ට තෝලන අනුපාත ප්‍රයෝජනවත් වන්නේ ණය සේවා ගාස්තු පියවිමට ව්‍යාපාරයට ඇති හැකියාව පිළිබද අවබෝධයක් බන් ලැබිය හැකි බැවිනි.


ණය මගින් වැඩිපුර මුල්‍යනය වි ඇත්නම් ණයහිමියන් මුහුණ දෙන අවදානම ඉහළය. එනම් ව්‍යාපාරය බංකොලොත් විම වැනි තත්ත්වයකට පත්වුවහොත් ණය හිමියන්ට මුහුණ පෑමට සිදුවිය හැකි පාඩුව වැඩිය. අයිතිකරුවන් තෝලනය කෙරෙහි සැලකිලිමත් වන්නේ එය ඔවුන්ගේ ප්‍රතිලාභ අනුපාතයට සෘජුව බලපාන බැවිනි. නිදසුනක් ලෙස පැහැදිලි කරන්නේ නම් 9% පොළියට ණයට ගත් මුදල් 12% ක ඉපයිමක් මත යොදාගෙන ඇත්නම් අයිතිකරුවන්ට ලැබෙන ඉපයිම 3% කි. (12 – 9 = 3%) මෙම තෝලනය යිතිකරුවන්ට වාසිදායකය. අතින් අතට මෙම ණය මුදලින් 3% ක ඉපයිමක් ලැබෙන්නේ යැයි උපකල්පනය කලොත් අයිතිකරුවන්ට ලැබෙන්නේ (3% - 9%) – 6% ක අවාසියකි.


ශේෂ පත්‍රයේ ලාභ අලාභ ප්‍රකාශනයේ දත්තයන්ගෙන් තෝලනය මැනිය හැකිය. ශේෂ පත්‍රයේ දත්ත ස්ථාවර ස්වභාවයක් උසුලයි. එනම් නිෂ්චිත දිනකට ව්‍යාපාරයේ පවත්නා මුල්‍ය තෝලන ශේෂ පත්‍රයේ පෙන්නුම් කරයි. ලාභ අලාභ ප්‍රකාශයේ දත්ත වැඩි විචලන ස්වභාවයකින් යුක්තය. ණය ප්‍රාග්ධනය සදහා වු පොළි ගෙවිමේ හැකියාව ලාභ අලාභ ප්‍රකාශයෙන් පෙන්නුම් කරයි. ප්‍රධාන වශයෙන් භාවිතා කරන මූල්‍ය තෝලන අනුපාත කිහිපයක් පහත දැක්වේ.


ණය වත්කම් අනුපාතය Debt Ratio


ණය හා හිමිකාරිත්ව අනුපාතය Debt to Equity Ratio


පොළි ඉපයිමේ වාර අනුපාතය Time Interest Earned Ratio


ස්ථාවර ගෙවිමේ ආවරණ අනුපාතය Fixed Changes Coverage Ratio


ණය වත්කම් අනුපාතය = මුළු ණය ÷ මුළු වත්කම්


මුළු වත්කම්වලට අනුපාතිකව මුළු ණයවල කොටස ණය අනුපාතමගින් පිළිබිඹු කෙරේ. මුළු ණයවලට සියළුම කෙටිකල් සහ දිගුකල් ණය ගැනිම් ඇතුලත් කෙරේ.


ණය අනුපාතය කෙරෙහි වඩා සැලකිලිමත් වන්‍නේ ණය සැපයුම්කරුවන්ය. අඩු ණය අනුපාතයකට ණය සැපයුම්කරුවන් වැඩි කැමැත්තක් දක්වන බව පෙනි යයි. අඩු ණය අනුපාතයක් තුළ ණය මුදල් ආපසු ලැබිම හා පොළි ලැබිම පිළිබද වැඩි ආවරණයක් පැවතිම ඊට හේතුවයි. ණය අනුපාතය ඉහළ මට්ටමක රැදි ඇත්නම් පොළි සදහා පිටත ගලායන මුදල් ප්‍රමාණයද ඉහල යනු ඇත. ව්‍යාපාර අවපාත තත්ත්වයක් තුල ණය නුපාතය ඉහල මට්ටමක පවතින්නේ නම් ස්ථාවර පොළි ගෙවිම්වලට ප්‍රමාණවත් මුදල් ප්‍රවාහයක් නොතිබිමට බොහෝ විට ඉඩ තිබේ. ඉහළ ණය අනුපාතයක් පවතින විට අළුතින් ණය ලබා ගැනිමද ගැටළුවක් විමට ඉඩ තිබේ. ආයෝජකයන්ගේ සංජානනය ඉහල මට්ටමක පවතින්නේ නම් අයිතිකරු ප්‍රාග්ධනයට ලැබෙන ඉපයිම්ද අඩුවිය හැක.


ණය හිමිකාරිත්ව අනුපාතය


මෙම අනුපාතය පහත දැක්වෙන අයුරින් ගණන් බැලේ.


ණය හිමිකාරිත්ව අනුපාතය =       මුළු ණය           =   Total Debt
                                        මුළු හිමිකාරිත්වය  Total Equity


මෙයද බොහෝ දුරට ණය නුපාතයට සමානය. හිමිකාරිත්වය මත ණයවල ප්‍රමාණය මැනබැලිම මෙයින් සිදුවේ බොහෝමයක් පොළි ගෙවිම් කෙරෙන්නේ වසරකට වැඩි කල්පිරිම් සහිත දිගුකල් ණය සදහා වන බැවින් මුල්‍ය විශ්ලේෂකයින් මෙම අනුපාතය දිගුකල් ණය හා හිමිකාරිත්ව අනුපාතය ලෙස හැදින්විමට කැමැත්ත දක්වති. (Long – Term Debt to Equity Ratio)


පොළි ඉපයිම් වාර අනුපාතය


මෙම අනුපාතය පහත ආකාරයෙන් ගණනය කෙරේ.


පොළි ඉපයීම් අනුපාතය  = පොළි හා ඉදුවලට පෙර ඉපයිම් (EBIT)
                                          පොළි ගෙවිම්

EBIT = Earnings before Inyerest and Taxes


මෙම අනුපාතයෙන් පෙන්නුම් කරන්නේ වත්කම් ඉපයිම්වලට වත්කම් පොළි ගෙවිම්වලට මුහුණ දීමට ඇති හැකියාවයි. පොළි ගෙවිම් මෙන් වාර කිහිපයක ඉපයීම් තිබේද යන්න මෙයින් පෙන්නුම් කරයි.


ස්ථාවර ගෙවිම් ආවරණ අනුපාතය
Fixed – Charges Coverage Ratio


FCCR =   (EBIT) + උගස්කර ගෙවිම් 
              පොලී + උගස්කර ගෙවිම් + බදුපෙර - වරණීය ලාභාංශ + බදු පෙර නිදන්
                  අරමුදල්


ස්ථාවර ගෙවිම් ආවරණ කිරිමට හැකි වාර ගණන මෙම අනුපාතයෙන් දැක්වේ. ස්ථාවර වගකිම්වලට මුහුණ දීමට ව්‍යාපාරයට ඇති ශක්තිය මෙම අනුපාතයෙන් මැනිය හැකිය.


ලාභදායකත්ව අනුපාත Profitability Ration


ආයෝජනයේ ස්ථාවරත්වයත්, මුල්‍ය කළමනාකාරීත්වයේ සඵලදායකත්වයත් ප්‍රධාන වශයෙන් ප්‍රදර්ශනය වන්නේ ලාභය තුලිනි. කොටස් හිමියන්ට තරගකාරි මට්ටමක ලාභාංශ ගෙවිමට ප්‍රමාණවත් ඉපයිමක් ලබාදිමට අපොහොසත් වුවහොත් කොටස් මිල වර්ධනය අඩාල වි යනු ඇත. ව්‍යාපාරය පවත්වා ගෙන යාම ගැටළු සහිත වනු ඇත.


වත්කම්, කොටස් ආයෝජන හා විකුණුම් මත ව්‍යාපාරය උපයන ලාභය කොපමණද යන්න ලාභදායකත්වය අනුපාත පෙන්නුම් කරයි. ආර්ථික වශයෙන් ව්‍යාපාරයේ දිගුකල් පැවැත්ම කෙරෙහි උනන්දුවක් දක්වන සැම කෙනෙක්ම ලාභදායකත්ව අනුපාත ගැන විශේෂ උනන්දුවක් දක්වති. බහුලව භාවිතා කරන ලාභදායකත්ව අනුපාත කිහිපයක් පහත දැක්වේ.


දළ ලාභ ආන්තික අනුපාතය Gross Profit Margin Ratio


ශුද්ධ ලාභ ආන්තික අනුපාතය Net Profit Margin Ratio


ආයෝජන ප්‍රතිලාභ අනුපාතය Return on Investment Ratio


හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය Return on Stockholders Equity Retio


දළ ලාභ ආන්තික නුපාතය
Gross Profit Margin Ratio


දළ ලාභ ආන්තික අනුපාතය = විකුණුම් - විකුණුම් පිරිවැය
                                       විකුණුම්


විකුණුම්වලට අනුව දළ ලාභයේ ප්‍රමාණය මෙම අනුපාතයෙන් පෙන්වයි. විකුණුම්වලින් එහි පිරිවැය අඩුකල විට දළ ලාභය දැක්වේ. එය විකුණුම් වල ප්‍රතිශතයක් වශයෙන් ගණනය කෙරේ. නිෂ්පාදන පිරිවැය පාලනය, මිල ප්‍රතිපත්ති හා උපාය මාර්ග පිළිබද වු කළමනාකාරිත්ව ක්‍රියාවලියේ සඵලදායකත්වය දළ ලාභ අනුපාතයෙන් පිළිබිඹු වේ.


ශුද්ධ ලාභ අනුපාතය


        ශුද්ධ ලාභ අනුපාතය = බදු පසු ලාභ (EAT) 
                                  විකුණුම්
         

EAT = Earnings after Taxes


විකුණුම්වලට අනුව බදු සහ පොළි අඩුකිරිමෙන් පසු ශුද්ධ ලාභය ප්‍රතිශතයක් වශයෙන් ගණනය කිරිම මෙහිදි සිදුවේ. සමහර මුල්‍ය විශ්ලේෂකයෝ ක්‍රියාකාරි ලාභදායකත්ව අනුපාතයද (Operating Profit Margin Ratio) ගණනය කර දැක්විමට කැමැත්ත දක්වති.


          ක්‍රියාකාරි ලාභදායකත්ව අනුපාතය =  EBIT 
                                                 විකුණුම්


EBIT = Earnings before Interest ans Taxes


ආයෝජනයේ (මුළු වත්කම්) ප්‍රතිලාභ අනුපාතය
Return on Investment (Total Assets) Ratio


R.O.I. = බදු පසු ඉපයිම් (EAT)
                 මුළු වත්කම්


මුළු ආයෝජනයට අනුපාතිකව ව්‍යාපාරයේ ඉපයුම්වල සම්බන්ධතාවය මෙම අනුපාතයෙන් පෙන්නුම් කරයි. සමහර මුල්‍ය විශ්ලේෂකයින් මෙම සම්බන්ධතාවය පහත දැක්වෙන අයුරින්ද විමසිල්ලට ලක් කෙරෙති.


R.O.I. = EBIT
            වත්කම්

EBIT = Earnings before Interest ans Taxes


මෙහිදි පොළිවලට පෙර හා බදුවලට පසු ව්‍යාපාරයේ ඉපයිම් වත්කම්වලට අනුපාතිකව ගණනය කෙරේ.


කොටස් හිමිභාරය මත ඉපයීම් අනුපාතය
Return on Stockholders Equity Retio


          R.S.E. =     EAT
                     කොටස් හිමි භාරය


EAT = Earning After Tax


කොටස්කරුවන්ගේ හිමිකාරිත්වය මත බදු පසු ඉපයිම් අනුපාතය ගණනය කෙරේ. ණය ප්‍රාග්ධනය සදහා වු ණය සේවා ගෙවිම්වල ප්‍රමාණය මෙම අනුපාතය කෙරෙහි සෘජුව බලපායි.


වෙළෙද පොළ අනුපාත Market – Based Rations


ඉහතින් සදහන් කරන ලද සියළුම මුල්‍ය අනුපාත ශේෂ පත්‍රයේ හා ලාභ අලාභ ප්‍රකාශයේ තොරතුරු හා දත්ත මත ගණනය කෙරේ. එහෙත් ව්‍යාපාරයේ ක්‍රියාකාරිත්වය වෙළෙද පොළ පදනම් කරගෙන ඇලයිමට සමහර මූල්‍ය විශ්ලේෂකයින් උනන්දුවක් දක්වා ඇත. මේ සදහා යොදා ගනු ලබන අනුපාත කහිපයක් පහත දැක්වේ.


මිල ඉපයුම් අනුපාත Price Earnings (P/E) Ratio


P.E = කොටසක වෙළෙද පොළ මිල
            කොටසක වත්මන් ඉපයිම්


මෙම අනුපාතය ඉහළ මට්ටමක පවති නම් ව්‍යාපාර අවදානම පහත මට්ටමක රැදෙනු ඇත.


වෙළෙද පොළ මිල හා පොත් වටිනාකම් අනුපාතය Market (Price) to Book (P/BV) Ratio


   &nb