ඒකක භාරයක් යන්නේ සරල අදහස වන්නේ ආයෝජකයන්ට ප්‍රාග්ධනයේ කොටස් විකිණීමෙන් එක්රැස් කරගන්නා මුදල්වලින් සමන්විත වන ආයෝජන අරමුදලකි. මෙහි එක්රැස්කරගන්නා මුදල් ආයෝජකයන් වෙනුවෙන් කටයුතු කරන වෘත්තිය අරමුදල් කළමනාකරුවන් විසින් ආයෝජන කළඹක (Investment Portfolio) යොදවනු ලබයි. එමගින් ලැබෙන ප්‍රතිලාභ ඒකක භාරයේ කොටස් මිලට ගත් ඒකකභාර හිමියන් තර එකග වු ප්‍රතිපත්තියකට අනුව බෙදා හරිනු ලබයි. මේ අනුව ඒකක භාරයක පහත දැක්වෙන ලක්ෂණ දැකිය හැකිය.
- ආයෝජකයන්ගෙන් එකතු කරගත් මුදල් සංචිතයක් විම.
- ඒකකභාරයේ මුදල් එක්රැස්කර ගන්නේ ඒකක විකිණීමෙන් විම.
- ඒකකයක නාමික අගය රු. 10 ක් විම.
- ඒකකභාර අරමුදලක ආයෝජනය රු.1000 ගුණිතවලින් කළයුතුවිම.
- එකතු කරගත් මුදල් ආයෝජන කළඹක ආයෝජනය කිරිම.
ආයෝජන කළඹ
ආයෝජන කළඹක් යනු වත්කම් වර්ග සමුහයක කරන ලද ආයෝජනවල එකතුවකි.
ඒකකභාර අරමුදල්
සාමාන්‍ය කොටස්, ණයකර, භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැදුම්කර, වාණිජ පත්‍ර, ඒක්ෂණ තැන්පතු, ස්ථාවර තැන්පතු යන විවිධ වර්ගවල ඒකකභාර අරමුදල් ආයෝජනය කරනු ලබයි. ආයෝජන කළඹේ ඇති වත්කම්වල වෙළෙද පොළ අගය උච්චාවචයනය වන විට ඒකකවල මිලද උච්චාවචයනය වේ. ඒකකභාර අරමුදල විසින් උපයන ශුද්ධ ආදායමෙන් කොටසක් ඒකක හිමියන් අතර බෙදාහරිනු ලැබේ. මෙහි තවත් විශේෂයක් වන්නේ ඒකකයක පවතින වෙළෙද පොළ මිල අනුව තමන් සතු එුකක ප්‍රමාණය අරමුදලට විකුණා මුදල් ලබාගැනිමේ හැකියාව ඒකක හිමියන් සතු විමයි. මෙසේ ආපසු අරමුදලට ඒකක විකුණා ලැබෙන මුදල මුලදි ආයෝජනය කළ වටිනාකමට වඩා ඩු හෝ වැඩි විය හැකිය. ඒ අනුව ප්‍රාග්ධන පාඩු හෝ ප්‍රාග්ධන ලාභ විදිමට ආයෝජකයන්ට සිදුවේ.
ඒකකභාරයක සංවිධාන
ඒකකභාරයක් ප්‍රධාන පාර්ශවයන් තුනකින් සමන්විත වේ.
1.භාරකරු Trustee
2. අරමුදල් කළමනාකරණ සමාගම Fund Management Company
3.ඒකක හිමියන් හෙවත් ආයෝජකයින් Unit Holders
ඒකකභාරයක් පවත්වාගෙන යනු ලබන්නේ අරමුදල් කළමනාකාර සමාගම සහ භාරකරු අතර ඇතිකර ගනු ලබන ගිවිසුමක් මගිනි. (Trust Deed) මෙම ගිවිසුම මගින් භාරකරු කළමනාකරු සහ ආයෝජකයින් යන තෙපාර්ෂවයේ නෛතික අයිතිවාසිකම් සහ වගකිම් විස්තර කෙරේ. භාරකරු ලෙස සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ ස්ථාවරත්වයක් සහ කිර්තියක් ඇති ස්වාධීන මූල්‍ය ආයතනයන්ය. ඒකකභාර කළමනාකරණ සමාගම් ඒ විශේෂි සමාගම් වේ. දැනට ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ඒකකභාර අරමුදල් සහ ඒකකභාර කළමනාකරණ සමාගම් කිහිපයක් පහත දැක්වේ.
1. නැෂනල් වත්කම් කළමනාකරණ සමාගම් (නාමල්)
National Asset Management Ltd. (Namal)
මෙම ඒකකභාර කළමනාකරණ සමාගම යටතේ ඒකකභාර අරමුදල් තුනක් ක්‍රියාත්මක වේ.
නැෂනල් හිමිකම් අරමුදල National Equity Fund
නාමල් වර්ධන අරමුදල Namal Growth Fund
නාමල් ආදායම් අරමුදල Namal Income Fund
2. ඒකකභාර කළමනාකරණ (පෞද්ගලික) සමාගම
The Unit Trust Management Company Pvt Ltd.
මෙම කළමනාකරණ සමාගම යටතේ ඒකකභාර අරමුදල් දෙකක් ක්‍රියාත්මකව පවති.
සි බැන්ක් ආදායම් හා වර්ධන අරමුදල Cey Bank Income & Growth Fund
සි බැන්ක් සෙන්චරි වර්ධන අරමුදල Cey Bank Century Growth Fund
3. කොමර්ෂල් ආයෝජන කළමනාකරණ (පෞද්.) සමාගම Commercial Fund Management (Pvt) Ltd.
මෙම කළමනාකරණ සමාගම යටතේ දැනට ක්‍රියාත්මක වන එක් අරමුදලක් වන්නේ,
කොමිට්‍රස්ට් හිමිකම් අරමුදල
Comtrust Equity Fund
4. ඊගල් එන් ඩී බි ආයෝජන කළමනාකරණ සමාගම Eagle NDB Fund Management Company Ltd.
මෙම කළමනාකරණ සමාගම යටතේ අරමුදල් හතරක් ක්‍රියාත්මක වේ.
පිරමිඩ ඒකකභාරය Pyramid Unit Trust
ඊගල් සුරක්ෂිත Egale Gilt Edged Fund
ඊගල් ආදායම් අරමුදල Egale Income Fund
ඊගල් වර්ධන අරමුදල Egale Growth Fund
5. වණික් වත්කම් කළමනාකරණ සමාගම Vanik Assest Management Company
මෙම සමාගම යටතේ අරමුදල් දෙකක් ක්‍රියාත්මක වේ.
වනික් සශ්‍රීක දර්ශක අරමුදල Vanik Sashika Index Fund
වනික් සශ්‍රික ආදායම් අරමුදල Vanik Sashika Income Fund
ඒකකභාර අරමුදලක ආයෝජන කිරිමේ ප්‍රතිලාභ
ඒකකභාරවල ආයෝජනය කිරිමෙන් ලැබෙන ප්‍රතිලාභ කිහිපයකි.
- විවිධාංගීකරණය වු ආයෝජනයන් තුල මුදල් යොදවන බැවින් ආයෝජකයන්ගේ අවදානම අඩුකර ගතහැකි විම.
- සුළු ආයෝජනයකින් විශාල ප්‍රාග්ධන ආයෝජනයක් අවශ්‍ය මහා පරිමාණ ව්‍යාපාරවල ප්‍රතිලාභ ලබා ගැනිමට අවස්ථාව ලැබීම.
- ආයෝජන කළමනාකරණය සදහා වාත්තිය කළමනාකරුවන්ගේ සේවය ලබාගත හැකිවිම.
- ආයෝජකයන්ට තම ආයෝජන අරමුණු සහ අවදානම් මට්ටම් අනුව ගැලපෙන අරමුදලක් තෝරා ගත හැකිවිම.
- ආයෝජන ආපස් මුදල් බවට පරිවර්තනය කර ගැනීමේ අවකාශ ලැබීම.