කොටස් වෙළෙද පොළ දර්ශක
 

සමස්ථයක් වශයෙන් හෝ කේෂ්ත්‍ර (Sectors) වශයෙන් කොටස් වෙළෙද පොළ කාර්ය සාධනය (Performance) පිළිබද අවබෝධයක් ලබා ගැනිමට කොටස් වෙළෙද පොළ දර්ශක භාවිතා කරයි. ප්‍රධාන මිල දර්ශක දෙකක්ද කේෂ්ත්‍ර මිල දර්ශක 20ක්ද කොළඹ කොටස් හුවමාරුව සතුව ඇත.


ප්‍රධාන කොටස් මිල දර්ශක


1. සියළු කොටස් මිල දර්ශක All Share Price Index (ASPI)


වෙළෙද පොළේ සියළුම ලැයිස්තුගත සමාගම් මෙයට සම්බන්ධ කෙරේ.


2. මිලංකා මිල දර්ශකය Milbank Price Index (MPI)


තෝරාගත් සමාගම් 25ක් මෙයට සම්බන්ධ කෙරේ.


කේෂ්ත්‍ර මිල දර්ශක


වෙළෙද පොළ කේෂ්ත්‍ර 20ට බෙදා ඇත. එම බෙදිම ඉහතදි සදහන් කරන ලදි. ඒ ඒ කේෂ්ත්‍රය සදහා පෙන්වු මිලදර්ශක දෛනික පදනමක් යටතේ ගණනය කෙරේ.


සියළු කොටස් මිල දර්ශකය


කොටස් වෙළෙද පොළ ලැයිස්තුගත සියළුම සමාගම්වල කොටස් සංචලනය පදනම් කරගෙන මෙය ගණනය කරයි. මෙහි පදනම් වර්ෂය 1985 වේ.


සියළුම ලැයිස්තුගත සමාගම්වල


සි. කො. මි. ද. =  වෙළෙද පොළ ප්‍රාග්ධනිකරණය       × 100
                      පදනම් වර්ෂයේ වෙළෙද පොළප්‍රාග්ධනීකරණය


                       Market Capitalization of


ASPI             = All Listed Companies              × 100
                        Base Market Capitalization


වෙළෙද පොළ ප්‍රාග්ධනීකරණය = සමාගමක නිකුත්කල කොටස් සංඛ්‍යාව × වෙළෙද මිල


මිලංකා මිල දර්ශකය


මෙම මිල දර්ශකය 1999 ජනවාරි සිට හදුන්වා දෙන ලදි. මිලංකා මිල දර්ශකය ගොඩනැගිමේ නිර්ණායක වනුයේ,


1. සමාගම් ප්‍රමාණය (Size)


එය නිර්ණය කරනුයේ වෙළෙද පොළ ප්‍රාග්ධනිකරණය පදනම් කරගෙනය.


2. සමාගම් ද්‍රවශීලතාව


කොටස් වෙළෙදාමේ අගය සාමාන්‍ය වෙළෙද පොළ ප්‍රාග්ධනීකරණයට ප්‍රතිශතයක් ලෙස ද්‍රවශීලතාවය ගණනය කරයි.


කේෂ්ත්‍ර 8කින් තෝරාගත් සමාගම් 25ක් මිලංකා දර්ශකයට ඇතුලත් කරගනි. සියලුම ලැයිස්තුගත වෙළෙදාම්වලින් 10%කට වැඩි ප්‍රමාණයක් සහ මුළු වෙළෙද පොළ ප්‍රාග්ධනිකරණයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් මිලංකා දර්ශනයේ නියෝජනය වේ. මෙහි පදනම් වර්ෂය 1998 දෙසැම්බර් වේ.


තෝරාගත් සමාගම් 25 වෙළෙද

මිලංකා මි. ද.   වෙළෙද පොළ ප්‍රාග්ධනීකරණය          
                 තෝරාගත් සමාගම් 25 පදනම් වසරේ 
                   වෙළෙද පොළ ප්‍රාග්ධනිකරණය


 


                        Market Capitalization of 25
                        Selected Companies             × 100
MPI              = Base Market Cap: of Those
                         Selected 25 Companies


මුළු ඉපයුම් අනුපාත Total Return Index (TRI)


ලාභාංශ ආදායම සහ මිල වෙනස්විම් යන දෙඅංශයටම අනුව ඉපයුම් ප්‍රමාණය මුළු ඉපයුම් අනුපාතයෙන් නිරුපණය කෙරේ. මෙහිදි මුළු ඉපයුම් මත සියළු කොටස් මිල දර්ශකය ගණනය කිරිම සියළු කොටස් මුළු ඉපයුම් අනුපාතය (ASTRI) (All Share Tri) ලෙසත්, මුළු ඉපයුම් මත මිලංකා දර්ශකයේ ගණනය මිලංකා මුළු ඉපයුම් අනුපාතය (MTRI) ලෙසත් හැදින්වේ.


බැදුම්කර වෙළෙද පොළ Bond Market


දිගුකාලින එමෙන්ම ස්ථාවර ආදායමක් ලබාදෙන සුරැකුම්පත් විශේෂයකි බැදුම්කර. බැදුම්කර ඉදිරිපත් කරන සමාගම, බැදුම්කර ධාරකයාට නියමිත පොළී ප්‍රතිශතයක් වාර්ෂිකව ගෙවිමටත්, පරිනත කාලය අවසානයේදි හෝ තිරණය කරගත් කාලයකදි මුල් මුදල ගෙවන බවටත් බැදුම්කරයෙන් පොරොන්දු වේ. මෙහි දිගුකාලය ලෙස සැලකෙනුයේ වර්ෂයකට වඩා වැඩි කාලයකි.


සාමාන්‍යයෙන් බැදුම්කර නිකුත් කරනුයේ සිමිත සමාගම් විසිනි. එබැවින් මෙය සංඝමික බැදුම්කර වෙළෙද පොළ ලෙස හදුන්වයි. (Corporate Bon Market)


ශ්‍රී ලංකාවේ සංඝමික බැදුම්කර ලෙස දැනට භාවිතා වන්නේ,


ඇප සහිත ණයකර Secured Debentures
ඇප රහිත ණයකර Unsecured Debentures


බැදුම්කර වෙළෙද පොළ කොටස් දෙකකින් යුක්තය.


1. ප්‍රාථමික වෙළෙද පොළ


පෞද්ගලිකව හෝ ප්‍රසිද්ධියේ සමාගමක් විසින් ආයෝජකයන් වෙත නිකුත් කරන බැදුම්කර මෙයට අදාලය.


2. ද්විතියික වෙළෙද පොළ


සමාගමක් විසින් නිකුත් කළ බැදුම්කර කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කළ පස් ඒවා විවෘත වෙළෙද පොළ තුල මිලදි ගැනිම් හා විකිණීම්වලට භාජනය වේ. එම වෙළෙද පොළ ද්විතියික වෙළෙද පොළයි.


දැනට සිමා සහිත සමාගම් රාශියක් බැදුම්කර වෙළෙද පොළට විවිධ ගණයේ ණයකර රාශියක් නිකුත් කර ඇත. මේවාට ඉහල පොළි ප්‍රතිශතයක් හිමි වි ඇත. උදාහරණයක් ලෙස Venice Incorporation පහත සදහන් ගණයේ ණයකර නිකුත් කර ඇති අතර ඒවා කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කර ඇත.


Unsecured Redeemable Debentures ඇප රහිත නිදහස් කළ හැකි ණයකර වාර්ෂික පොළිය 15%කි.

(c) Shilpa Sayura Foundation 2006-2017