කොළඹ කොටස් වෙළෙද පොළෙහි ගණුදෙනු සියල්ලක්ම සිදුකරනුයේ ස්වයංක්‍රිය වෙළෙද ක්‍රමයක් (Automated Trading System) යටතේය මෙම ක්‍රමය 1997 වසරේදි හදුන්වා දෙන ලදි. ඊට පෙර පැවති ක්‍රමය වුයේ හඩගා ලංසු තැබිමේ ක්‍රමයයි. (Open Outcry System) මේ ක්‍රමය තුලදි තැරැව්කරුවන් වෙළෙද භූමියට පැමිණිය යුතුවිය. එහෙත් පරිගණක ගත කරන ලද නව ක්‍රමය යටතේ තැරැව්කරුවන්ට සිය කාර්යාලය තුල සිටිමින් ආයෝජකයන්ගේ ඇණවුම් ඉටුකළ හැකිය. නව ක්‍රමයට අනුව යම් ආයෝජකයෙකුට කොටස් මිලට ගැනිමට හෝ විකිණීමට අවශ්‍ය වන්නේ නම්, එම ඇණවුම දුරකථන මගින් හෝ ෆැක්ස් මගින් හෝ නැතිනම් තැරැව්කරුවෙකුගේ කාර්යාලයට පැමිණ හෝ භාරදිය හැකිය. මෙසේ ලැබෙන ඇණවුම් තැරැව්කරු විසින් පරිගණකය හරහා කොළඹ කොටස් වෙළෙද පොළෙහි වු මධ්‍යම පරිගණක ජාලය වෙත යොමු කරනු ලබයි.
මධ්‍යම පරිගණක ජාලයට ඇතුලත්කළ ගැනුම් ඇණවුමට හෝ විකුණුම් ඇණවුමට අදාල මිල සහ කොටස් සංඛ්‍යාව අනුව සැසදෙන තවත් විකුණුම් ඇණවුමක් හෝ ගැණුම් ඇණවුමක් එම ජාලය තුල තිබුනේ නම් වහාම එම ඇණවුම් දෙක සමාන වි ගණුදෙනුව සිදුවේ. ගණුදෙනුව සිදු වු විගසම මධ්‍යම තැන්පතු ක්‍රමයේ ඇති විකුණුම්කරුගේ සහ ගැණුම්කරුගේ ගිණුම් හර බැර වි ගණුදෙනුව නිරාකරණය වේ. මෙය සනාථ කිරිමට පරිගණක මගින් මුද්‍රණ ලියවිල්ලක්ද නිකුත් කරයි. ගණුදෙනුවේ සියලු විස්තර මෙම ලියවිල්ලේ ඇතුලත් වේ. ගණුදෙනුවට අදාල දේපාර්ෂවයටම පරිගණක මගින් මුද්‍රණය කරනු ලබන ගිවිසුම් සටහන් ලබාදේ. යම් හෙයකින් මධ්‍යම පරිගණක ජාලය තුල ඉහත ාකාරයට සැසදෙන ඇණවුම් පරිගණක ජාලය තුල ඉහත ආකාරයට සැසදෙන ඇණවුම් නොතිබුනහොත්, එවැන්නක් ලැබෙනතුරු එකි ඇණවුම් පරිගණක ජාලය තුල රදවා ගනි. සමාන ඇණවුම් ඇති වු වහාම ඉහත කි පරිදි ගණුදෙනුව ක්‍රියාත්මක වේ.