කොළඹ කොටස් වෙළෙද පොළ කටයුතු අධීක්ෂණය සහ විධිමත් කිරිම පිණිස පාර්ලිමේන්තු පනතක් යටතේ පිහිටුවා ඇති ආයතනයකි මෙය. මෙම සභාවේ අරමුණු පහත දැක්වේ.
1. සුරැකුම්පත් විධිමත් හා සාධාරණ ආකාරයට නිකුත් කළහැකි වුතු, වෙළෙදාම් කළ හැකි වුත්, වෙළෙදාම් කළ හැකිවුත්, වෙළෙද පොළක් බිහිකිරිම සහ පවත්වා ගෙන යාම.
2. සුරැකුම්පත් වෙළෙද පොළ විධිමත් කිරිම සහ එහි වෘත්තිය ප්‍රමිතින් පවත්වාගෙනයාම.
3. ආයෝජකයින් ආරක්ෂා කිරිම.
4. තැරැව්කරුවෙකු තම ගිවිසුම්ගත වගකිම් ඉටුකිරිමට අසමත්විම හේතුකොට ගෙන ඇතිවන මුදල් අලාභ සම්බන්ධයෙන් ආයෝජකයින් ආරක්ෂා කිරිම පිණිස වු වන්දි අරමුදලක් ක්‍රියාත්මක කිරිම.