කොටස් වෙළෙද පොළෙහි කොටස් ගණුදෙනු නිෂ්කාෂණ මධ්‍යස්ථානය වශයෙන් කටයුතු කරනුයේ මධ්‍යම තැන්පතු ක්‍රමයයි. එය පෞද්ගලික සමාගමක් වන අතර එහි සම්පුර්ණ අයිතිය කොළඹ කොටස් හුවමාරුව සතුය.
කොටස් වෙළෙද පොළේ ගණුදෙනු කිරිමට බලාපොරොත්තු වන ආයෝජකයින් මධ්‍යම තැන්පතු ක්‍රමයේ තමා නමින් ගිණුමක් විවෘත කළ යුතුය. ගිණුමක් විවෘත කිරිමට ගාස්තුවක් අය නොකරයි. මේ සදහා අදාල ඉල්ලුම් පතුයක් සමග අනන්‍යතාවය සහතික කිරිමත් පමණි කළ යුත්තේ. කිසියම් ආයෝජකයෙක් කොටස් මිලට ගත් විටකදි එම කොටස්වල අගය මධ්‍යම තැන්පතු ක්‍රමයේ ඔහු නමින් ඇති ගිණුමට බැර කෙරේ. ඒවා වෙනත් පාර්ෂවයකට විකුණුවට ගිණුමට හරවේ. එසේම මිලට ගත් පුද්ගලයාගේ ගිණුමට බැරවේ. මෙම කටයුත්ත මධ්‍යම තැන්පතු ක්‍රමයේ ප්‍රධාන කාර්යය වේ. මෙම හර සහ බැර කිරිම් සිදුකරනුයේ කොටස් සහතික පත්‍ර රහිතවයි. මෙම පෝරම රහිත වෙනළෙදාම (Strapless Trading) ලෙස හැදින්වේ. මධ්‍යම තැන්පතු ක්‍රමය කොටස් තැන්පත් ආයතනයක් වශයෙන්ද ක්‍රියාකරයි.
එයින් අදහස් වන්නේ ආයෝජකයන්ගේ කොටස් හා ණයකර ද්විතියික වෙළෙද පොළ තුළ ගණුදෙනු කරන තෙක් ඔවුන් වෙනුවෙන් තම භාරයේ රදවා ගැනිමයි. සරලව සදහන් කරන්නේ නම් ඒ ඒ ආයෝජකයාගේ ගිණුම් පවත්වා ගෙන යාමයි. කිසියම් ලැයිස්තුගත සමාගමකට ඔවුන්ගේ කොටස් හිමියන්ගේ නාම ලේඛණයන් අවශ්‍ය වු විට CDS වලින් එය ලබාගත හැකිය. සමස්ථයක් වශයෙන් ගත්කල මධ්‍යම තැන්පතු ක්‍රමයේ කාර්යය පහත දැක්වේ.
- ගණුදෙනුකරුවන් ලියාපදිංචි කිරිම සහ ඔවුන් සදහා ගිණුම් ඇරඹීම.
- කොටස් තැන්පත් කිරිමට අදාල කටයුතු.
- කොටස් ආපසු ගැනිමට අදාල කටයුතු අවශ්‍ය නම් ගිණුම් හිමියෙකුට සිය කොටස් තැන්පතු ඉවත්කර ගැනිමට ක්‍රියාකල හැකිය.
- කොටස් පැවරිමට අදාල කටයුතු.
- කොටස් නිෂ්කාශණ.
- බේරුම් කිරිම.
- හිමිකම් නිකුතු හා ප්‍රකාශ නිකුතු සම්බන්ධ ගනුදෙනු.
කොටස් ගණුදෙනු කිරිමේදි ගෙවිය යුතු ගාස්තු
කොටස් ගණුදෙනුවකදි විකිණිමට හා මිලටගැනිමට සම්බන්ධ වු දෙපාර්ශවයම තැරැව්කාර ගාස්තුවක් තැරැව්කාර සමාගමට ගෙවිය යුතුය. එම ගාස්තු පහත පරිදිය.
රුපියල් මිලියන 1ක් දක්වා වු කොටස් ගණුදෙනු සදහා තැරැව්කාර ගාස්තුව 1.4%කි.
රුපියල් මිලියන 1ක ඉක්ම වු වටිනාකමකින් යුතු කොටස් ගණුදෙනු සදහා 1.15%කි.
ණයකර ගණුදෙනු කිරිමේදි තැරැව්කාර ගාස්තුව ගණුදෙනුවේ වටිනාකමින් 0.2%කි.
මෙම ගාස්තු ස්ථාවර වන අතර තැරැව්කාර ආයතනයෙන් ආයතනයට වෙනස් නොවේ.