කොළඹ කොටස් හුවමාරුව යනු ලේඛනගත සමාගම්වල කොටස් මිලදි ගැනිම් සහ විකිණීම පරිපාලනය කරන ආයතනයයි. එය 1982 අංක 17 දරණ සමාගමු පනත යටතේ ඇපයෙන් සිමිත සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇත. දැනට මෙහි සමාජිකත්වය කොටස් තැරැව්කාර සමාගම් 15 පමණක් සිමා වි ඇත. ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙද පොළ ලෙස කටයුතු කිරිමේ බලය “ශ්‍රී ලංකා සුරැකුම්ලත් හා විනිමය කොමිෂන් සභාව” විසින් කොළඹ කොටස් හුවමාරුවට ලබාදි තිබේ. කොළඹ කොටස් හුවමාරුවේ සමාජිකත්වය දරණ තැරැව්කාර සමාගම් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධීක්ෂණයට යටත් වේ. එසේම තැරැව්කාර ආයතන ලෙස කටයුතු කිරිම සදහා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙන් වාර්ෂිකව බලපත්‍ර ලබාගත යුතුය.
දැනට කොළඹ කොටස් වෙළෙද පොළ මූලස්ථානය කොළඹ, කොටුවේ, ලේක වෙළෙද මධ්‍යස්ථාන ගොඩනුගිල්ලේ පිහිටුවා ඇති අතර, එහි ශාඛා දෙකක් මාතර හා මහනුවර පිහිටුවා තිබේ.
තැරැව්කාර සමාගම්
කොටස් හෝ ණයකර විකිණීම සහ මිලට ගැනිම පිළිබද ගණුිදනු තැරැව්කාර ආයතන හරහා සිදුකළ යුතුය. කොටස් වෙළෙද පොළ අතරමැදියන් ලෙස කටයුතු කරන තුරැව්කාර සමාගම් 15 පහත දැක්වේ.
- Asha Phillip Securities Ltd.
- Asia Securities (Pvt) Ltd.
- Bartlet Mallory Stockbrokers (Pvt) Ltd.
- C T Smith Stockbrokers (Pvt) Ltd.
- Ceylinco Stockbrokers (Pvt) Ltd.
- DFCC Stockbrokers (Pvt) Ltd.
- DP Global Securities (Pvt) Ltd.
- HNB Stockbrokers (Pvt) Ltd.
- JB Securities (Pvt) Ltd.
- John Keells Stockbrokers (Pvt) Ltd.
- Lanka Orix Securities (Pvt) Ltd.
- Lanka Securities (Pvt) Ltd.
- NDBS Stockbrokers (Pvt) Ltd.
- SC Securities (Pvt) Ltd.
- Somerville Stockbrokers (Pvt) Ltd.
කොටස් වෙළෙද පොළ ආයෝජකයින් වෙනුවෙන් මෙම තැරැව්කාර ආයතන සේවාවන් රැසක් ඉටුකරයි. ඉන් කිහිපයක් පහත දැක්වේ.
ආයෝජකයින්ගේ ගැනුම් ඇණවුම් හා විකුණුම් ඇණවුම් භාරගැනිම.
ආයෝජකයින් වෙනුවෙන් මධ්‍යම තුන්පතු ක්‍රමයේ ගිණුම් විවාත කිරිම.
කොටස් හා ණයකරවල ආයෝජනය සම්බන්ධ උපදෙස් ආයෝජකයින්ට සැපයිම.
කොටස් වෙළෙද පොළ විශ්ලේෂණය කිරිම හා වෙළෙද පොළ සමික්ෂණ වාර්තා සැකසිම මගින් ආයෝජකයින්ගේ ප්‍රතිලාභ උපරිම කිරිම සහතික කිරිම.
සමාගම් ලැයිස්තු ගත කිරිමට අනුග්‍රහය දැක්විම.
හිමිකම් නිකුතුවකදි සමාගම්වලට උපදෙස් සැපයිම.
සමාගම් ඒකාබද්ධ විමේදි අවශ්‍ය අපදෙස් හා සේවාවන් සැපයිම.
මිලකල / ලැයිස්තුගත සමාගම්
කොළඹ කොටස් හුවමාරුවේ අවසරය මත මහජනතාවට කොටස් හා ණයකර විවෘත වෙළෙද පොළේ හුවමාරු කිරිමට බලය ලැබි ඇති සිමිත පොදු සමාගම් මිලකල සමාගම් (Quoted) හෙවත් ලැයිස්තුගත සමාගම් (Listed) ලෙස හැදින්වේ.
කොළඹ කොටස් හුවමාරුවේ ගණුදෙනු වන සුරැකුම්පත් වර්ග
දැනට කොළඹ කොටස් හුවමාරුවේ පහත සදහන් සුරැකුම්පත් වර්ග ගණුදෙනු වේ.
1. සාමාන්‍ය කොටස්
සාමාගමක අයිතිය හෙවත් හිමිකාරිත්වය ලබාදෙන කොටස් සාමාන්‍ය කොටස් හිමියන් මත පැවරේ. මෙම කොටස්වලට නිෂ්චිත ලාභාංශ ප්‍රතිශතයක් ගෙවිමට සමාගම බැදි නොසිටි. එසේම සමාගම බංකොලොත් වුවහොත් සාමාන්‍ය කොටස් හිමියන්ට ගෙවිමක් කරන්නේ අනෙකුත් සියළුම වගකිම් ගෙවා දමා මුදල් ඉතිරි වුවහොත් පමණි.
2. වරණීය කොටස්
සාමාන්‍ය කොටස්වලට සාපේක්ෂව වරණීය කොටස්වල අවදානම අඩුය. මේවාට නිෂ්චිත ලාභාංශ ප්‍රතිශතයක් ලැබේ. එසේම සමාගම ඈවර කිරිමේදි සාමාන්‍ය කොටස් හිමියන්ට පෙර මුදල් ලබා ගැනිමේ ප්‍රමුඛතාවක් වරණීය කොටස් හිමියන්ට ලැබේ.
3. කොටස් බලපත්‍ර
Share Warrants
අනාගතයේදි ගිවිසගත් මිලකට කිසියම් සමාගමක කොටස් මිලදි ගැනිමේදි අයිතිය ලබා දෙමින් ආයතනයක් විසින් නිකුත් කරන ලියවිල්ලකි කොටස් බලපත්‍රය. වර්තමානයේදි සමාගමක් නිකුත් කරන කොටස් බලපත්‍රයක් මිලදි ගත් පුද්ගලයෙකුට අනාගතයේදිත් එම සමාගමේ කොටස් මිලදි ගත හැකිය.
4. නිෂ්ඡන්ද කොටස්
Non – Voting Shares
සාමාන්‍ය කොටස් සදහා වන සියළු වරප්‍රසිදවලට හිමිකම් කියන එහෙත් ඡන්ද බලය හිමි නොවන කොටස් මේ ගණයට අයත් වේ.
5. සංගමික ණයකර
Corporate Debenture
ණය ප්‍රාග්ධනය ලබා ගැනිම සදහා සමාගම් විසින් නිකුත් කරනු ලබන සුරැකුම්පත් විශේෂයකි සාංගමික ණයකර. මේවාට නිෂ්චිත පොළී නුපාතිකයක් හිමිවේ. එසේම නිෂ්චිත කල්පිරෙන දිනයක්ද වේ. එහෙත් පොළී අනුපාතයක් රහිත ණයකර හෝ විචල්‍ය පොළී අනුපාතයක් ඇති ණයකර හෝ කල් පිරෙන දිනයක් නොමැති සදාකාලික ණයකර හෝ නිකුත් කිරිමට සමාගමට හැකියාව තිබේ. සාංගමික ණයකර පහත දැක්වෙන ලක්ෂණ යටතේ විවිධ වර්ග වලට බෙදිය හැකිය.
1. පරිනතය
Maturity
ණයකරයක පරිනතභාවය දිගුකාලින වේ. එනම් වසරකට වැඩිවේ. සාමාන්‍යයෙන් කොළඹ කොටස් හුවමාරුවේ ලේඛණගත කොට ඇති ණයකර වසර තුනේ සිට දහය දක්වා පරිනත කාලයන්ගෙන් යුක්තය.
2. පොළී අනුපාතිකය
Coupon Rate
ණයකර පොළී සහිත සහ පොළි රහිත ණයකර වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. වඩාත්ම ප්‍රචලිත ණයකර වන්නේ පොළී සහිත ණයකරයි. නිෂ්චිත පොළියක් නිෂ්චිත කාලපරිච්ඡේදයකට වරක් ගෙවිමේ කොන්දේසියකට යටත්ව මේවා නිකුත් කෙරේ. පොළි සහිත ණයකර ස්ථාවර පොළි සහිත ණයකර (Fixed rate Debenture) සහ විචල්‍ය පොළි ණයකර (Floating rate Debenture) වශයෙන් වර්ග කළ හැක. ස්ථාවර පොළී ණයකරයක පොළි අනුපාතිකය එම ණයකරයේ මුළු පරිනත කාලය මුළුල්ලේම වෙනස් නොවි පවතී. විචල්‍ය පොළි හෙවත් පාවෙන පොළී ණයකරයක පොළී අනුපාතිකය කිසියම් පදනම් පොළි අනුපාතිකයක් අනුව උච්චාවචනය වේ. පදනම් පොළි අනුපාතිකය ඉහළ යන විට ණයකරයේ පොළි අනුපාතිකය පහළ යන විට ණයකරයේ පොළි අනුපාතිකයද පහළ යයි. සාමාන්‍යයෙන් විචල්‍ය පොළි අනුපාතිකයේ අවම සිමාවක් සහ අපරිම සිමාවක් සහිතවය. පදනම් පොළි අනුපාතිකය ලෙස දැනට භාවිතා කරන්නේ භාණ්ඩාගාර බිල්පත් පොළි අනුපාතිකයයි.
3. රක්ෂිත භාවය
සමාගමේ නිෂ්චිත භෞතික සම්පත් ඇප ලෙස තබා නිකුත් කරන ණයකර රක්ෂිත ණයකර හෙවත් ඇප සහිත ණයකර ලෙස හදුන්වයි. සමාගම විසින් ගෙවිමට පොරොන්දු වන පොළී සහ ණයකරයේ මුහුණත අගය ගෙවිමට අපොහොසත් වුවහොත් ඇපයට තබා ඇති වත්කම් විකුණා සිය මුදල් ලබාගැනිමට අයිතියක් ණයකර හිමියන්ට ලැබේ. එසේම නිශ්චිත භෞතික වත්කම් ඇප ලෙස නොතබා නිකුත් කරන ණයකරද වේ. ඒවා අනාරක්ෂිත ණයකර (Unsecured) ලෙස හැදින්වේ.
4. සහතිකභාවය
ණයකර නිකුත් කරන සමාගම ගිවිසගත් ණයකර පොළි සහ එහි මුහුණත අගය ගෙවිමට අපොහොසත් වු විටෙක එම වගකිම ඉටුකරන බවට (තෙවැනි පාර්ෂවයක්) පිළිගත් මුල්‍ය ආයතනයක් සහතික කරනු ලබන ණයකරද වේ. මේවා සහතික ණයකර (Guaranteed) ලෙස හැදින්වේ.
5. යටත්භාවය
සමාගමක් විසිරුවා හැරිමේදි රක්ෂිත ණයකර, අනරක්ෂිත ණයකර සහ පොදු ණය හිමියන්ට ගෙවිම් කිරිමෙන් අනතුරුව සමාගමේ ඉතිරිවන වත්කම්වලට අයිතියක් ලැබෙන ණයකර යටත් ණයකර (Subordinated) ලෙස හැදින්වේ. මෙවැනි යටත් භාවයකට ඇතුල් නොවන ණයකර (Unsubordinated) හෙවත් ජ්‍යෙෂඨ ණයකර (Senior) ලෙසයි. ජ්‍යෙෂ්ඨ ණයකරවලට සමාගම් විසුරුවා හැරිමේදි එහි වත්කම් සහ ආදායම්වලට පළමු අයිතිවාසිකම හිමිවේ.
6. කැදවුම්භාවය
සමාගමක් විසින් නිකුත් කරන ණයකරවල පරිනත කාලය ඉකුත්විමට පෙර නිෂ්චිත මිලකට ණයකර හිමියන්ගෙන් ඒවා ආපසු මිලට ගැනිමේ අයිතියක් ඇතුව නිකුත් කෙරෙන ණයකර ද වේ. මෙවා කැදවිය හැකි ණයකර (Callable) ලෙස හැදින්වේ.
කොළඹ කොටස් හුවමාරුවෙහි පොදු සමාගම් ලේඛණගත කිරිම
කොළඹ කොටස් වෙළෙද පොළෙහි සමාගම් ලේඛණගත කිරිම පුවරු දෙකක් යටතේ සිදුවේ.
- ප්‍රධාන පුවරුව = Main Board
- දෙවන පුවරුව = Second Board
මීට අමතරව ලේඛණගත නොකළ සමාගම්වල කොටස් ගණුදෙනු කිරිම සදහා OTC පුවරුව (Over the Counter) නමින් වෙනම පුවරුවක්ද වේ. මේ එක් එක් පුවරුවේ ලේඛණ ගතවීම සදහා පොදු සමාගම් විසින් සපුරාලිය යුතු සුදුසුකම් කෙටස් හුවමාරුව විසින් ප්‍රකාශ කර ඇත.
සාමාන්‍ය කොටස් ලේඛණ ගත කිරිම
1. ප්‍රධාන පුවරුව
ප්‍රධාන පුවරුවේ ලේඛණ ගත කිරිම සදහා පහත දැක්වෙන සුදුසුකම් පොදු සමාගම් විසින් සපුරාලිය යුතුය.
අ). සමාගමේ නිකුත් කළ හෝ වෙළෙද පොළ ප්‍රාග්ධනය අවම වශයෙන් රුපියල් මිලියන 75කින් යුක්ත විම.
ආ). අවම වශයෙන් පුර්ව වසර තුනක කාලයක් සදහා ලාභදායකත්වයක් පෙන්නුම් කළ යුතුවිම.
2. දෙවන පුවරුව
අ). සමාගමේ නිකුත් කළ හෝ වෙළෙද පොළ ප්‍රාග්ධනය අවම වශයෙන් රුපියල් මිලියන පහක් තිබිය යුතුවිම.
දෙවන පුවරුවේ ලේඛණගත කර ඇති සමාගමකට ප්‍රධාන පුවරුවේ ලේඛණලත විම සදහා ඉල්ලුම් කළ හැකිය. ඒ සදහා ප්‍රධාන පුවරුවට අදාල සුදුසුකම් සපුරාලිය යුතුය.
ණය සුරැකුම්පත් ලේඛණගත කිරිම
1. ප්‍රධාන පුවරුව
ණය සුරැකුම්පත් ප්‍රධාන පුවරුවේ ලේඛණගත කිරිමට පහත සදහන් අවශ්‍යතා සමාගම විසින් සම්පුර්ණ කළ යුතුය.
අ). ලේඛණගත කරන්නා වු ණය සුරුකුම්පත් සදහා වන පොළිය සහ ණය ප්‍රාග්ධනය ගෙවිය හැකි බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරන ලද බැංකුවකින් හෝ කොළඹ කොටස් හුවමාරුව විසින් පිළිගනු ලබන ණය දිමේ ආයතනයකින් සහතිකයක්
ආ). වත්කම්වලට එරෙහිව ණය සුරැකුම්පත් සුරක්ෂිත කර තිබීම
ඇ). ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ණය ඇගයිමේ ආයතනයකින් අදාල සුරැකුම්පත් වල ආයෝජන මට්ටම පිළිබද ැගයිමක් ලබාතිබීම.
2. දෙවන පුවරුව
දෙවන පුවරුවේ ලියාපදිංචි විමට පහත සදහන් අවශ්‍යතාව සම්පුරුණ කළ යුතුය.
අ). සමාගම වසර තුනකට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ ක්‍රියාත්මක වි තිබිම.
OTC පුවරුව
ලේඛණගත නොවු පොදු සමාගම්වල කොටස් පළකිරිම සදහා වු පුවරුවකි මෙය. OTC පුවරුවේ සිය කොටස් ඇතුලත් කිරිමට සිමා සහිත පොදු සමාගමක් කළ යුත්තේ කොළඹ කොටස් වෙළෙද පොළෙහි ලියාපදිංචි විම පමණි. එසේ ලියාපදිංචි වු සමාගම්වල කොටස් පමණක් OTC පුවරුවේ ගණුදෙනු කිරිමට අවසර ලැබේ. OTC පුවරුවේ ගණුදෙනු කිරිමට අවස්ථාව සලසා ගැනිම තුලින් අනාගතයේදි දෙවන පුවරුවට හෝ ප්‍රධාන පුවරුවට ඇතුලත් විමට සමාගමට අවස්ථාව උදාකළ හැකිය.
ඉහත සදහන් කළ පුවරුවලට අමතරව කඩකළ පුවරුව නමින්ද පුවරුවක් වේ.
කඩකළ පුවරුව
Default Board
කොළඹ කොටස් වෙළෙද පොළෙ ලැයිස්තු ගතකිරිමට අදාළ කොන්දේසි කඩකරන සමාගම් මෙම කඩකළ පුවරුවට මාරුකිරිමේ බලය කොටස් හුවමාරුව සතුය. කඩකළ පුවරුවට මාරුකිරිමට බලපෑ හැකි අවස්ථා කිහිපයක් පහත දැක්වේ.
අ). ලේඛණගත සුරැකුම්පත් සදහා ගෙවිය යුතු පොළිය ගෙවිය යුතු දිනයට ගෙවිමට අපොහොසත් විම.
ආ). ලේඛණගත ණය සුරැකුම්පත් සදහා ආපස් ගෙවිය යුතු ණය ප්‍රාග්ධනය නිදහස් කළ යුතු දිනට ගෙවිමට අපොහොසත් විම.
ඇ). සමාගමේ වාර්ෂික වාර්තාව එය ප්‍රකාශයට පත්කල යුතු දිනට පසු සති 2ක් ඇතුලත ප්‍රකාශයට පත්කිරිමට අපොහොසත් විම.
ඈ). කාර්තුමය ප්‍රකාශන ඒවා ප්‍රකාශයට පත්කල යුතු දිනට පසු සතියක් ඇතුලත ප්‍රකාශයට පත්කිරිමට අපොහොසත් වීම.
මෙසේ කඩකරන ලද කොන්දේසි යළි ඉටුකළ පසුව එම සුරැකුම්පත් කඩකළ පුවරුවෙන් ඉවත් කොට කලින් ඇතුල් වු පුවරුවේ සටහනු කරනු ලැබේ.
කොටස් හුවමාරුවේ ව්‍යාපාර කේෂ්ත්‍ර
Business Sectors
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමේ ප්‍රධාන ව්‍යාපාර කේෂ්ත්‍ර 20 ක් යටතේ වර්ග කර ඇත.
- බැංකු, මුල්‍ය හා රක්ෂණ
- ආහාරපාන සහ දුම්කොළ
- ඉදිකිරිම් සහ ඉංජිනේරු
- රසායන ද්‍රව්‍ය සහ ඹෟෂධ
- පාවහන් හා රෙදිපිළි
- හොටෙල් සහ සංචාරක
- සෞඛ්‍ය සහ සනිපාරක්ෂක
- ආයෝජනභාර
- තොරතුරු තාක්ෂණ
- ඉඩම් හා දේපළ
- නිෂ්පාදන
- මෝටර් වාහන
- පාම් ඔයිල් (Palm Oil)
- විදුලිය හා බලශක්ති
- වැවිලි කර්මාන්ත
- ගබඩා සහ සැපයිම්
- සේවා
- වෙළෙදාම්
- විවිධාංගික (Diversified)
- විදුලි සංදේශ (Tele Communication)
කොටස් ආයෝජනයේ ප්‍රතිලාභ
කොටස් ආයෝජනය මගින් උපයාගත හැකි ප්‍රතිලාභ කොටස් දෙකට බෙදිය හැකිය.
අ). ලාභාංශ (Dividend)
ආ). ප්‍රාග්ධන ලාභ (Capital Gains)
ලාභාංශ
කිසියම් කාලපරිච්චේදයක් තුල සමාගම විසින් උපයන ශුද්ධ ලාභයෙන් කොටස් හිමියන්ට බෙදා හරින ප්‍රමාණය ලාභාංශ වේ. ලාභාංශ මුදල් වශයෙන් හෝ කොටස් ආකාරයෙන් ප්‍රකාශයට පත්කළ හැකිය.
ප්‍රාග්ධන ලාභ
කොමස්වල වෙළෙද පොළ මිල ඉහළයාම තුලින් ආයෝජකයා ලබන ප්‍රතිලාභය ප්‍රාග්ධන ලාභයයි. එනම් කොටසක විකුණුම් මිල එහි ගැනුම් මිල ඉක්මවයි නම් කොටස් ආයෝජකයාට එමගින් ලැබෙන්නේ ප්‍රාග්ධන ලාභයකි. අනෙක් අතට කොටසක විකුණුම් මිල එහි ගැනුම් මිලට වඩා අඩු නම් එහිදි ආයෝජකයා ලබන්නේ ප්‍රාග්ධන අලාභයකි. කෙසේ වෙතත් කොටස් වෙළෙද පොළ තුල ආයෝජනය කරන්නට ලැබෙන ආකර්ෂණීය ප්‍රතිලාභය වන්නේ ප්‍රාග්ධන ලාභයයි. මෙයට අමතරව කොටස් හිමියෙකුට ප්‍රසිද නිකුතු හා හිමිකම් නිකුතු මගින්ද ප්‍රතිලාභ අත්විය හැකිය.
ප්‍රසාද නිකුතුව
Bonus Issue
දැනට සමාගමේ කොටස් මිලට ගෙන ඇති ආයෝජකයින්ට මිලක් ය නොකර (නොමිලේ) කොටස් නිකුතු කිරිම ප්‍රසාද නිකුතුව ලෙස හදුන්වයි.
සමාගමක් සතු වත්කම් හා සංචිත ඉහල මට්ටමකින් පවතින විට මෙවැනි ප්‍රසාද කොටස් විවෘත වෙළෙද පොළ තුලින් විකුණා මුදල් කර ගැනිමට ආයෝජකයින්ට අවකාශ තිබේ.
හිමිකම් නිකුතුව
Right Issue
අතිරේක කොටස් නිකුතුවකදි සමාගමේ වර්තමාන කොටස් හිමියන්ට වෙළෙද පොළේ පවත්නා කොටස් මිලට වඩා අඩු මිලකට කොටස් මිලට ගැනිමට අවස්ථාව සැලසිම හිමිකම් නිකුතුවකි. වෙනත් ආයෝජකයන්ට හිමි නොවනවරප්‍රසාදයක් ලෙස අතිරේක කොටස් ප්‍රමාණයකට හිමිකම් කීමට වර්තමාන කොටස්කරුවන්ට අවස්ථාව ලැබේ. ලැබිය හැකි හිමිකම තමා උසුලන කොටස් ප්‍රමාණයට අනුගාමිකව තිරණය වේ.
කොටස් ආයෝජනයෙන් ලැබිය හැකි වෙනත් වාසි
ලාභාංශ ලැබීම, ප්‍රාග්ධන ලාභ ලැබිම, ප්‍රසාද නිකුතු සහ හිමිකම් නිකුතු ලැබිම වැනි ප්‍රතිලාභ වලට අමතරව කොටස් ආයෝජකයන්ට ලැබිය හැකි වෙනත් ආකාරයේ වාසි කිහිපයක් පහත දැක්වේ.
අ). කොටස් ඉහල ද්‍රවශීලතාවකින් යුක්ත වත්කමක් නිසා ඉතා පහසුවෙන් හා ඉක්මනින් විකුණා මුදල් බවට පත්කර ගත හැකිවිම.
ආ). උද්ධමනකාරි වතාවරණයක් තුල සමාගම් කොටස්වල ආයෝජනය කිරිමෙන් උද්ධමනයේ අහිතකර බලපෑම අවම කරගත හැකිවිම. එසේ වනුයේ කොටස් මිල සීඝ්‍රයෙන් ඉහල යෑම නිසාය.
ඇ). දිගු කාලීන ආයෝජනයක් වශයෙන් කොටස් ආයෝජනය තුලින් ඉහල ප්‍රතිලාභ අත්පත් කරගත හැකිවීම.
ඈ). කොටස් මගින් ලැබෙන ප්‍රාග්ධන ලාභ බදුවලින් නිදහස්ව පැවතීම.
ණයකර ආයෝජනයෙන් හිමිවන ප්‍රතිලාභ
රජයේ ණයකර සුරැකුම් වනුයේ භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැදුම්කරයි. වගකිම ආපසු ගෙවිම සම්බන්ධයෙන් ඉහල සුරක්ෂිතභාවයක් මේවාට හිමිය. අවදානමක්ද නොමැත. එබැවින් රජයේ සුරැකුම්පත් සදහා ඉහල ඉල්ලුමක් පවතී. රජයේ සුරැකුම්පත් සදහා නියම කෙරෙන පොළී අනුපාතිකය සාමාන්‍යයෙන් ආර්ථිකයේ පොළි මට්ටම ලෙස පිළිගැනේ. සමාගම් විසින් නිකුත් කරන ණයකර සදහා වන පොළි අනුපාතයද මිට සමානව තිරණය කෙරේ.
ආයෝජකයින් තමන් සතු ණයකර කල්පිරෙන තෙක් ලග තබා නොගෙන කොටස් වෙළෙද පොළ තුල ගණුදෙනුකර මුදල් කරගත හැකිය. වෙළෙද පොළ මිල මුහුණත අගයට වැඩි හෝ අඩු විය හැකිය. මිට අමතරව රජයේ සුරැකුම්පත් වල ආයෝජනයෙන් පහත සදහන් වාසිද ලැබිය හැකිවේ.
පොළිය සහ මුහුණත අගය ආපසු ගෙවිම පිළිබද ඉහල සුරක්ෂිතභාවයක් පැවතිම.
ඉහල තෝලන අගයකින් යුක්ත වීම.
ආයෝජන විවිධාංගිකරණය පහසුය.