1896 දි කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමය (Colombo Stock Brokers Association) පිහිටුවිමත් සමග කොළඹ කෙටස් වෙළෙද පොළ ගණුදෙනු ආරම්භ විය. 1904 දි මෙම ආයතනයේ නම “කොළඹ බෝකර්වරුන්ගේ සංගමය”(Colombo Broker’s Association) ලෙස වෙනස් කෙරිනි. එම සංගමය මගින් ලන්ඩන් කොටස් වෙළෙද පොලළෙහි නිතිරිතිවලට අනුකූලව කොළඹ කොටස් වෙළෙද පොළ කටයුතු පවත්වා ගෙන යන ලදි. මේ අතර 1984 දි “කොළඹ බෝකර්වරුන්ගේ සංගමය”නැමැති නව සංවිධානයක් කොළඹ බෝකර්වරුන්ගේ සංගමය විසින් පවත්වා ගෙන එනු ලැබු වෙළෙද භූමියට (Trading Floor) අමතරව තරගකාරි වු වෙනත් කොටස් වෙළෙද භූමි දෙකක් පැවතිම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙද සැල සංවර්ධනයට බාධාවක් බව තහවුරු විමෙන් පසුව 1985 දෙසැම්බර් 02 දින “කොළඹ බෝකර්වරුන්ගේ සංගමය” හා කොළඹ බෝකර්වරුන්ගේ සංගමය ඒකාබද්ධ කර “කොළඹ කොටස් හුවමාරුව” (Colombo Stock Exchange) ආරම්භ කරන ලදි.