කොටස් වෙළෙද පොළ
 

ලේඛනගත (Listed) පොදු සමාගම්වල කොටස් හා ණයකර මිලදි ගැනිම හා විකිණිම සිදුකරන ස්ථානය කොටස් වෙළෙද පොළ ලෙස හදුන්වනු ලබයි. මහජනතාවට (Public) කෙටස් අලෙවිකිරිම මගින් කොටස් ප්‍රාග්ධනයද පොදු සමාගම් විසින් ලබා ගනුයේ කොටසු වෙළෙද පොළ ක්‍රමය තුලිනි. කිසියම් සමාගමක් මුල්වරට වෙළෙද පොළ කොටස් හෝ ණයකර නිකුත් කිරිම, මුලික ප්‍රසිද්ධ නිකුතුව (Initial Public Offer) ලෙස හැදින්වේ. එසේම පවත්නා සමාගම් ප්‍රාග්ධනය වැඩිකර ගැනිම සදහා නිකුත් නොකල කොටස් ප්‍රාග්ධනයෙන් යම් ප්‍රමාණයක් විකුණුම් අර්පණයක් මගින් වෙළෙද පොළට නිකුත් කළ හැක. මෙවැනි නිකුතුවක් පරිනත ප්‍රසිද්ධ නිකුතුවක් (Seasoned Public Offer) ලෙස හැදින්වේ.


ප්‍රාථමික වෙළෙද පොළ


මුලික හෝ පරිනත ප්‍රසිද්ධ නිකුතු දෙක තුලදිම ආයෝජකයින් සෘජුවම දාල සමාගමේ කොටස් හෝ ණයකර මුදල් ගෙවා මිලට ගනු ලබයි. මෙය ප්‍රථමික වෙළෙද පොළ (Primary Market) ලෙස හැදින්වේ. සරලව කිවහොත් අළුතින් කොටස් සහ ණයකර නිකුත් කෙරෙන වෙළෙද පොළ ප්‍රාථමික වෙළෙද පොළයි. ප්‍රාථමික වෙළෙද පොළ තුල කොටස් අලෙවි කිරිමට බලාපොරොත්තු වන සමාගම් පළමුව සංස්ථාපන ප්‍රකාශනයත් (Prospectus) ප්‍රසිද්ධියට පත් කරයි. ආයෝජකයින්ට සංස්ථාපන ප්‍රකාශනය පිළිබද විස්තර බැංකු මගින්ද, කොටස් තැරැව්කර ආයතන මගින්ද කොටස් වෙළෙද පොළේ නිල ප්‍රකාශනය වන “Stock Market Daily” මගින්, සහ කොටස් හුවමාරුවේ නිල වෙබ් අඩවියට පිවිසිමෙන්ද (www.ese.lk) ලබා ගත හැකිය.


ද්විතියික වෙළෙද පොළ


ප්‍රාථමික වෙළෙද පොළ තුලින් මිලට ගත් කොමස් තම අභිමතය පරිදි ආයෝජකයින් අතර හුවමාරු කළ හැකිය. එනම් ප්‍රාථමික වෙළෙද පොළ හරහා ආයෝජකයින් මිලට ගත් කොටස් ඔවුනොවුන් අතර විකිණීම හා මිලට ගැනිම් කළ හැකිය. මෙය ද්විතියික වෙළෙද පොළ (Secondary Market) ලෙස හැදින්වේ. කොළඹ කොටස් වෙළෙද පොළ ආයෝජකයින් අතර කොටස් හුවමාරුව පහසුකරන එවැනි ද්විතියික වෙළෙද පොළකි. කොළඹ කොටස් වෙළෙද පොළේ ද්විතියික වෙළෙද පොළ ගණුදෙනු මුලික වශයෙන් කොටස් තැරැව්කාර ආයතන 15 මගින් සිදුකරයි. ඊට අමතරව කොළඹ කොටස් වෙළෙද පොළෙහි මහජන ගැලරියෙහි පිහිට් තැරැව්කාර කාර්යාල මගින් හෝ මාතර සහ නුවර ශාඛාවෙහි පිහිට් තැරැව්කාර කාර්යාල මගින් තම ඇණවුම් ක්‍රියාත්මක කරවා ගැනිමට ආයෝජකයන්ට හැකිය. එපමණක් නොව සමහර තැරැව්කාර ආයතන අන්තර්ජාලය ඔස්සේ වෙළෙද ඇණවුම් ලබාගෙන ඒවා ඉටුකරදිමේ අවස්ථාව ආයෝජකයින්ට ලබාදි තිබේ. (Internet Trading)

(c) Shilpa Sayura Foundation 2006-2017