මුදල් වෙළෙද පොළ
 

ණය ඉල්ලුම්කරුවන් (Borrowers) සහ ණය මුදල් සපයන්නන් (Lenders) ඔවුනොවුන්ගේ කෙටිකාලින අවශ්‍යතා ද්‍රවශිලනය කරන ස්ථානය (Place) හෝ අවකාශය (Space) මුදල් වෙළෙද පොළ ලෙස හැදින්වේ.


Money Market is a Place or Space Where Short Term Borrowers and Short Term Lenders Liquidate Their Short Term Position.


වර්ෂයකට වඩා අඩු කාලයකදි පරිනතයට පත්වන සුරැකුම්පත් මුදල් වෙළෙද පොළ තුළ ගනුදෙනු වේ.


ව්‍යාපාර බැංකු (Merchant Banks) හා බැංකු නොවන ප්‍රාථමික වෙළෙදුන් (Non – Bank Primary Dealers), රක්ෂණ සමාගම්, ඒකකභාර, සේවක අර්ථසාධක අරමුදල් (EPF), සේවාදායක අරමුදල් (ETF) යනාදි ආයතන මුදල් වෙළෙද පොළ ගණුදෙනුවල බහුලව යෙදි සිටි.


මුදල් වෙළෙද පොළ පහත උප වෙළෙද පොළවලින් සමන්විත වේ.


1. අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළෙද පොළ Call Money Market


බැංකු අතර (Inter – Banks) කෙටිකල් ණය ගැනීම හා ණය දීම සිදුවන්නේ මෙහිය. වාණිජ බැංකුවකට කෙටිකාලින මුදල් ඉල්ලුමක් ඇති වු විට අතිරික්ත මුදල් ඇති වාණිජ බැංකුවක් එම ඉල්ලුම සපයයි. මෙම ගණුදෙනුව සිදුවන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවේ ඇති එම බැංකු සතු සංචිත ගිණුම් හරහාය. මෙම ගණුදෙනුව එක් රැයක හෝ අවුරුද්දක කාලයක් අතර විචලනය වේ. මේ ආකාරයට ද්‍රවශීලතා හිගයක් ඇති බැංකු හා අතිරික්ත ද්‍රවශිලතාවක් ඇති බැංකු අතර ඉක්මනින් සිදුවන මුදල් ගණුදෙනු ඒක්ෂණ ණය ගණුදෙනු ලෙස හැදින්වේ. මෙම ගණුදෙනුව ඉැංකු පොළි අනුපාතය කෙරෙහි සෘජුව බලපායි.


2. භාණ්ඩාගාර බිල්පත් වෙළෙද පොළ Treasury Bills Market


අ). භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළෙද පොළ


රජයට අවශ්‍ය රුපියල් ණය ලබා ගැනිම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාලාර බිල්පත් නිකුත් කරයි. දැනට ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් නියෝජිතයින් මාර්ගයෙන් සාමාන්‍ය ආයෝජිකයින් වෙත ප්‍රථමයෙන් බිල්පත් අලෙවි කරයි. එම ගණුදෙනු භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළෙද පොළ කටයුතු ලෙස සැලකේ.


ආ). භාණ්ඩාගාර බිල්පත් ද්විතියික වෙළෙද පොළ


ප්‍රාථමික වෙළෙද පොළ තුලින් මිලදි ගත් භාණ්ඩාගාර බිල්පත් කල් පිරෙන තෙක් තබා නොගෙන අතින් අත ගණුදෙනු කිරිම සදහා වු විවෘත වෙළෙද පොළ තත්ත්වය ද්විතියික වෙළෙද පොළ ලෙස හදුන්වයි. බැංකු හා බැංකු නොවන මුල්‍ය ආයතනවල අධි ද්‍රවශීලතාවය ආයෝජනය කිරිම සදහා සුදුසු මාර්ගයක් ලෙස භාණ්ඩාගාර බිල්පත් ද්විතියික වෙළෙද පොළ මේ වන විට වර්ධනය වි ඇත. මුදල් තැරැවිකාර සමාගම් මෙම වෙළෙද පොළේ අතරමැදියන් ලෙස කටයුතු කරති. භාණ්ඩාගාර බිල්පත් වෙළෙද පොළ තුල වර්ධනය වි ඇති තවත් අංශ දෙකක් පහත දැක්වේ.


ප්‍රතිමිලට ගැනුම් වෙළෙද පොළ Repurchase Agreement (Repo)


නියමිත ඉදිරි දිනකදි නියමිත මිලකට ආපසු මිලට ගැනිමේ ගිවිසුමක් ඇතිව සුරැකුම්පත් දරන්නෙකු ඒවා මිලදි ගැනිමට කැමැත්තක් දක්වන ආයෝජකයෙකුට විකිණීම හා සබැදි ගනුදෙනු සිදුවන වෙළෙද පොළ මේ නමින් හදුන්වයි. මෙම Repo ගිවිසුම් යටතේ ශ්‍රී ලංකාවේ බහුලව ගණුදෙනු වනුයේ භාණ්ඩාගාර බිල්පත්ය. එනිසාම මෙය භාණ්ඩාගාර බිල්පත් ප්‍රතිමිලට ගැනුම් වෙළෙද පොළ ලෙසට ප්‍රචලිතව ඇත. මෙහිදි භාණ්ඩාගාර බිල්පත් මිලට ගන්නා ආයෝජකයා ශ්‍රී ලංකා මහ බැංකුවට ණය මුදල් යම් කාලයකට දිමට ගිවිසුමකින් එකග වේ. ණය සපයන ආයෝජකයාට ප්‍රමාණවත් ප්‍රතිලාභ ලැබෙන ආකාරයට ගිවිසුමේ කොන්දේසි ඇතුලත් කෙරේ. ප්‍රති මිලදි ගැනිම් වෙළෙද පොළ යටතේ මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රතිමිලට ගැනිමේ ගිවිසුම් මත අගෙවිකරයි. අතිරික්ත ද්‍රවශිලතාවය ඇති බැංකුව හා වෙනත් මූල්‍ය ආයතන ඒවා මිලට ගනි. එම ක්‍රියාව අනුව මාණිජ බැංකු අතර තිරණය වන ඒක්ෂණ ණය පොළිය පහත වැටිම වළක්වා ගැනිමද අපේක්ෂා කරයි.


ප්‍රති විකුණුම් වෙළෙද පොළ Reverse Repo


සුරැකුම් පත් මිලට ගැනිම හා ඒවා විකිණීම සදහා වු ගිවිසුම් සහිත වෙළෙද පොළ මෙයයි. මෙහිද බහුලව ගණුදෙනු වනුයේ භාණ්ඩාගාර බිල්පත් නිසා එයද භාණ්ඩාගාර බිල්පත් සදහා වු ප්‍රති විකුණුම් වෙළෙද පොළ ලෙස ප්‍රකාශ කෙරේ. (Agreement to Buy and Sell Back A Security) ප්‍රති විකුණුම් වෙළෙද පොළ යටතේ සුදුවනුයේ මහ බැංකුව ලංසු මත තීරණය වන මිලකට වාණිජ බැංකු සතු බිල්පත් විකිණිමයි. එම ක්‍රියාව තුලින් රමුදල් වාණිජ බැංකුවල ද්‍රවශිලතාව වැඩි වේ. පොළි අනුපාතය ඉහලයාම වළක්වා ගැනිම මෙයින් අපේක්ෂා කරන ලදි.


3. වාණිජ පත්‍රිකා වෙළෙද පොළ Commercial Paper


වාණිජ බැංකු කෙටිකාලින ණය


වාණිජ පත්‍රිකා, පොරොන්දු නොට්ටුවකට සමානය. නියමිත මුදලක් නියමිත ඉදිරි දිනකදි නිෂ්චිත පුද්ගලයෙකුට හෝ ආයතනයක් නිකුත් කරන ඇප රහිත පොරොන්දු නොට්ටුවකි වාණිජ පත්‍රිකාව. මෙය ගණුදෙනු කළ හැකි ලියවිල්ලක් වන බැවින් පහසුවෙන් අයිතිය පැවරිය හැකිය. කෙටිකාලින මුදල් අවශ්‍යතා පුර්ණය කර ගැනිමට බොහෝ සමාගම් වාණිජ පත්‍රිකා නිකුත් කරයි. බැංකු මේවා මිලට ගනි.


4. අභ්‍යන්තර විදේශ විනිමය වෙළෙද පොළ


වාණිජ බැංකුවල විදේශ ව්‍යාපාර මුදල් ගණුදෙනුවලට අදාල වෙළෙද පොළ තත්ත්වය මෙයයි. දැනට ක්‍රියාත්මක විදේශ විනිමය මිලදි ගැනිම හා විකිණිම සදහා අවසර ලැබි ඇත්තේ වාණිජ බැංකුවලටය. උදා:- අපනයනකරුවන් ලබා ගන්නා විදේශ මුදල් වාණිජ බැංකුවලට විකුණා ශ්‍රී ලංකා රුපියල් ලබා ගනි.


මේ ආදි වශයෙන් සිදුවන විදේශ විනිමය ගණුදෙනු ඉටුකිරිමට වාණිජ බැංකු සතුව විදේශ විනිමය ද්‍රවශිලතාවක් රදවා ගත යුතුය. අතිරික්ත ද්‍රවශිලතාවක් ඇති විට විදේශ මුදල් ශ්‍රී ලංකා මහ බැංකුවට විකිණිය හැකිය. උගන ද්‍රවශිලතාවක් ඇති විට මහ බැංකුවෙන් විදේශ විනිමය ලබාගත හැකිය. වාණිජ බැංකු සමග ප්‍රළුල්ව සිදුවන විදේශ විනිමය විකිණිම් හා මිලට ගැනිම් නිසා ශ්‍රි ලංකාව තුල විදේශ විනිමය වෙළෙද පොළක් බිහි වි තිබේ. මුදල් තැරැවිකාර සමාගම් මෙහිදි අතරමැදියන් ලෙස ක්‍රියාකරයි.


5. එතෙර බැංකු කටයුතු වෙළෙද පොළ


වාණිජ බැංකුවල පිහිටුවා ඇති විදේශ ව්‍යාපාර මුදල් බැංකු ඒකකවල FCBU (Foreign Currency Banking Unit) ගනුදෙනු සදහා වු වෙළෙද පොළ මෙයයි. වාණිජ බැංකුවල (FCBU) විදේශ විනිමය ඒකකවලට අනුමත විදේශ මුදල්වලින් අනුමත පුද්ගලයන්ගෙන් තැන්පත් කර ගැනිමට බලය තිබේ. එසේම අනුමත පුද්ගලයන්ට විදේශ මුදල්වලින් ණය දිමේ බලයද තිබේ. මෙම ඒකකවල ගිණුම් පවත්වා ගෙන යා හැකි අනුමත පුද්ගලයන් වන්නේ,


විදේශිකයන්. (නිර්නේවාසිකයෝ)
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත කරන විදේශිය හා දේශිය ආයෝජකයෝ.
ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නුමත පුද්ගලයින් වේ.


මෙහි සිදුවන විදේශ විනිමය ගනුදෙනු ශ්‍රී ලංකාවෙන් පිටත සිදුවන කටයුතුවලට සිමා වන බැවින් එය එතෙර බැංකු කටයුතු හෙවත් අක්වෙරෙළ බැංකු කටයුතු (Off –Shore Banking) ලෙසද හදුන්වයි. වාණිජ බැංකු මගින් ඉටුකරන මෙම එතෙර බැංකු වෙළෙද පොළ කටයුතු අන්තර්ජාතික මුදල් වෙළෙද පොළ තත්ත්වයක් ලෙස හැදින්විය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017