මූල්‍ය අතරමැදියන්
 

මූල්‍ය වෙළෙද පොළ තුළ අරමුදල් ප්‍රවාහනය සදහා පහසුකම් සපයන අතරමැදියන් රාශියක් දැකිය හැකිය. මෙම මුල්‍ය අතරමැදියන් පහත දැකිවෙන ලෙස වර්ග කළ හැකිය.


අ). වාණිජ බැංකු Commercial Bank


ආ). ආයෝජන සමාගම් Investment Companies
උදා:- Mutual Funds
Real Estate investment Funds


ඇ). ආයෝජන බැංකු Investment Bank


ඈ). විශ්‍රාම මුදල් Pension Funds
උදා:- EPF, ETF


ඉ). රක්ෂණ සමාගම් Insurance Company


ඊ). මුල්‍ය සමාගම් Finance Company


සමස්ථ මුල්‍ය පද්ධතිය තුළ අරමුදල් ප්‍රවාහනය වන අන්දම පහත දැක්වෙන සටහනින් ගොනුකර දැක්වේ.


  ඉහත සටහනින් පැහැදිලි කරනුයේ අතිරික්ත අරමුදල් අතැති පුද්ගලයන් සහ ආයතන එම අතිරික්තය ණය වශයෙන් සපයන බවත්, මුල්‍ය අවශ්‍යතාවලින් පෙලෙන පුද්ගලයන් හා ආයතන ණය ලබා ගන්නා බවත්ය. ණය සපයන්නන්ගෙන් සිදුවන බව සටහනින් පෙන්වයි. එනම් මූල්‍ය වෙළෙද පොළ හරහා සෘජුවත්, මුල්‍ය අතරමැදියන් හරහා වක්‍රවත්ය. එසේම මුල්‍ය අතරමැදියන්ගෙන් මූල්‍ය වෙළෙද පොළට ගලා ගොස් එම ණය ගැනුම්කරු වෙත ගලායන බවද මෙයින් පැහැදිලි කෙරේ.


මූල්‍ය අතරමැදියන් සම්බන්ධ නොවි අරමුදල් ගලායාම සෘජු මුල්‍ය මාර්ග ලෙසද (Direct Finance) මුල්‍ය අතරමැදියන් සම්බන්ධ විම තුලින් අරමුදල් ගලායාම වක්‍ර මුල්‍ය මාර්ග (Indirect Finance) ලෙසින්ද හදුන්වයි. මේ ආශ්‍රිතව මුල්‍ය මාර්ග පහත දැක්වෙන ආකාරයටද වර්ග කළ හැකිය.


                   මුල්‍ය සම්පාදන මාර්ග           සෘජු මාර්ග                          වක්‍ර මාර්ග
කොටස් නිකුතුව               බැංකු අයිරාව
ණයකර නිකුතුව               බැංකු ණය
රදවා ගත් ලාභ                 වාණිජ පත්‍රිකා
වෙනත්                            කල්බදු
                                      වෙනත්


සෘජු මාර්ග අතරමැදියන්ගෙන් තොර නිසා නිරායාසයෙන්ම පිරිවැය අතින් වාසිදායකය.

(c) Shilpa Sayura Foundation 2006-2017