මූල්‍ය වෙළෙද පොළ
 

මූල්‍ය අවශ්‍යතා සපුරාගැනිම සදහා වු සමස්ථ වෙළෙද පොළ මුල්‍ය වෙළෙද පොළ ලෙස නම්කල හැකිය. රමුදල් සපයන්නන් (Sellers) හා අරමුදල් ඉල්ලුම් කරන්නන් (Buyers) සම්බන්ධ කෙරෙන සංවිධිත ක්‍රමයක් ලෙසින්ද මුල්‍ය වෙළෙද පොළ හැදින්විය හැකිය. මූල්‍ය වෙළෙද පොළ නිෂ්චිත ස්ථානයකට සංවිධාන විය හැකි සේම විද්‍යුත්වද (Electronically) පැවතිය හැකිය.


මුල්‍ය වෙළෙද පොළ පහත දැක්වෙන ලෙස වර්ගීකරණය කෙරේ.


1. මුදල් වෙළෙද පොළ Money Market


කෙටිකාලීන (වර්ෂයකට වඩා අඩු පරිනත කාලයක් ඇති) සුරැකුම්පත් විකිණිම හා මිලදි ගැනීම සිදුවන වෙළෙද පොළ මෙයයි. (Market for Short Term Securities)


2. ප්‍රාග්ධන වෙළෙද පොළ Capital Market


දිගුකාලින එනම් වර්ෂයකට වඩා වැඩි පරිනත කාලයක් ඇති සුරැකුම්පත් විකිණීම හා මිලදි ගැනිම සිදුවන වෙළෙද පොළ මෙයයි. (Market for Long Term Securities)


3. ප්‍රාථමික වෙළෙද පොළ Primary Market


අළුතින් සුරැකුම්පත් නිකුත් කීරිම හා සබැදි වෙළෙද පොළ මෙයයි.


4. ද්විතීයික වෙළෙද පොළ Secondary Market


දැනටමත් නිකුත්කර ඇති සුරැකුම්පත් හා සබැදි වෙළෙද පොළ මෙයයි. (සැ. යු. ප්‍රාථමික හා ද්විතීයික වෙළෙද පොළ ගැන වැඩි විස්තර කොටස් වෙළෙද පොළ මාතෘකාව යටතේ සදහන් වේ.)

(c) Shilpa Sayura Foundation 2006-2017