බාහිර මූල්‍ය සම්පාදන මාර්ග
 

බාහිර මුල්‍ය සම්පාදන මාර්ග තිරණයේදි සමාගමක් නම් මූලික වශයෙන් සලකා බැලිය යුත්තේ,


1. ණය ලබාගන්නවාද ? (To Borrow)


2. කොටස් නිකුතුවකින් ලබාගන්නවාද ? (To Issue Equity)


යන්නයි. දෙවනුව අවධානය යොමුකළ යුත්තේ අරමුදල් අවශ්‍ය වන්නේ,



  • කෙටි කාලයකටද ? (Short Term)

  • මධ්‍ය කාලයකටද ? (Medium Term)

  • දිගු කාලයකටද ? (Long Term) යන්නයි.

කෙටි කාලින මුල්‍ය මාර්ග (වර්ෂ 3ට නොවැඩි)



  • බැංකු අධිරාව හෝ බැංකු ණය Bank Overdraft or Bank Loan

ව්‍යාපාරයේ වත්කම් සුරැකුම් වශයෙන් තබා කෙටි කාලින ණය ලබා ගත හැකිය.



  • වාණිජ පත්‍රිකා Commercial Pear

නිෂ්චිත කාලයකින් ආපස් ගෙවිමේ කොන්දේසි යටතේ යම් මුදල් ප්‍රමාණයක් ණය වශයෙන් ලබා ගැනිමට සමාගම් විසින් වාණිජ පත්‍රිකා නිකුත් කරයි.



  • සාධ්‍යකරණය Debt Factoring

සාධ්‍යකරණ සාමාගමකට සමාගමේ ලැබිය යුතු ණය ගැතියන් සමුහය (Debtors Portfolio) විකුණා මූල්‍ය අවශ්‍යතාව සපුරා ගත හැක. මේ සදහා සාධ්‍යකරණ සමාගම වට්ටමක් අයකරයි. ණයගැතියන්ගේ වටිනාකමින් 80% ක පමණ ප්‍රතිශතයක් ලබා ගත හැකිය.



  • ඇපකරණය Securitization

අනාගත මුදල් ප්‍රවාහය එකතුකර එය සුරැකුමක් වශයෙන් තබා ණය මුදලක් ලබා ගැනිම මෙම ක්‍රමයේදි සිදුවේ.


මැදි කාලීන මූල්‍ය මාර්ග (වර්ෂ 3 – 10 දක්වා)



  • කුලිපිට ගැනුම් Hire Purchase

ව්‍යාපාරයට අවශ්‍ය වත්කම් වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමය යටතේ ලබ ගැනිම මෙහිදි සිදුවේ. ගෙවිම් වාරික වශයෙන් නිසා එකවර විශාල මුදලක් අවශ්‍ය නොවේ. එහෙත් වත්කම් මුලසිටම භාවිතා කළ හැකි නිසා මුල්‍ය සම්පාදනයකට එය සමානය.



  • කල් බදු Leasing

අද ඉතා ජනප්‍රිය මුල්‍ය මාර්ගයකි. මෙය වත්කම් මිලට නොගෙන කල්බදු ක්‍රමය යටතේ පාවිච්චි කළ හැකිය.


දිගුකාලීන මූල්‍ය මාර්ග (වර්ෂ 10ට වැඩි)



  • ණයකර Debentures

සමාගමකට දිගුකාලින මූල්‍ය සපුරාගැනිමට ඇප සහිත හෝ ඇප රහිත ණයකර නිකුත් කලහැකිය. නිෂ්චිත වාර්ෂික පොළී අනුපාතිකයක් සහිතය. පරිනතයේදී මුල් මුදල ණයකර හිමියාට ආපසු ගෙවනු ලැබේ.



  • අගස්කර Mortgages

ව්‍යාපාරයේ වත්කම් ඇපයට තබා දිගුකාලින ණයක් ලබාගැනිමට මෙමගින් හැකිය. සාමාන්‍යයෙන් වත්කමේ වටිනාකමින් 70%ක පමණ ණය මුදලක් ලබාගත හැකිය.



  • වරණීය කොටස් Preference Shares

පුර්ව නිෂ්චිත වාර්ෂික ලාභාංශ ප්‍රතිශතයක් යටතේ සමාගමක් විසින් නිකුත් කරන වරණිය කොටස් මගින් මූල්‍ය අවශ්‍යතා සපුරාගත හැකිය.



  • සාමාන්‍ය කොටස් Equity Shares

මහජනතාවට සාමාන්‍ය කොටස් නිකුතුවක් කිරිමෙන් සමාගමකට මූල්‍ය අවශ්‍යතා සපුරා ගත හැකිය. මෙමගින් විශාල එමෙන්ම ස්ථාවර ප්‍රාග්ධනයෙන් රැසිකර ගත හැකිය.



  • වෙනත් මුල්‍ය මාර්ග

බැංකු නොවන මුල්‍ය ආයතනවලින් ලබාගත හැකි ණය රජයේ මූල්‍ය ආධාර.


දේශිය හා විදේශිය ආයතනවලින් ලබාගත හැකි ණය වෙළෙද ණය (ණය හිමියෝ)


සැ. යු. කෙටි කාලින වර්ෂ 1ක හෝ ඊට අඩු ලෙස පිළිගැනුනද, කාලිනව ඉහත දැක්වු කෙටි, මැදි හා දිගුකල් වර්ෂ භාවිතයට පැමිණ තිබේ.


මුල්‍ය සම්පාදන මාර්ග පහත දැක්වෙන ප්‍රවාහ සටහනින්ද පෙන්නුම් කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017