අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ග
 

මුල්‍ය අවශ්‍යතා පැන නගින විට ප්‍රථමයෙන්ම විමසා බැලිය යුත්තේ ඒවා අභ්‍යන්තරයෙන්ම සපුරා ගත හැකිද ? යන්නයි. අභ්‍යන්තර මුල්‍ය මාර්ග කිහිපයක් පහත දැක්වේ.


අ). රදවාගත් ලාභ Retained Profits


සමාගමේ බදු පසු ලාභ ව්‍යාපාරය තුල රදවා ගතහැකිය. එසේ රදවා ගනු ලබන්නේ සංචිත කිරිමෙනි.


උදා:- පොදු සංචිතයට එක් කිරිම - මෙම රදවා ගත් ලාභ අයිතිකරුවන්ගේ අරමුදල් වේ. රදවා ගත් ලාභ මගින් මූල්‍ය සම්පාදනය කර ගැනිම පහසුය. පිරිවැය නොමැත. එහෙත් මේ සදහා ප්‍රමාණවත් මුදල් හෝ කෙටිකාලින ආයෝජන තිබිය යුතුය.


ආ). ක්ෂය සදහා වෙන් කිරිම් Accumulated Depreciation


යන්ත්‍ර සහ උපකරණ සදහා කරනු ලබන ක්ෂය වෙන් කිරිම් අභ්‍යන්තර වශයෙන් සමුච්චය වන අරමුදලකි. ඒවා යන්ත්‍ර සහ උපකරණ අළුතින් මිලට ගැනිම සදහා වෙන් කලද වෙනත් මුල්‍ය අවශ්‍යතාවන් සදහා භාවිතා කිරිමේ හැකියාව තිබේ. මේ සදහාද ප්‍රමාණවත් මුදල් හෝ කෙටි කාලීන ආයෝජන තිබිය යුතුය.


ඇ). වත්කම් විකිණීම Sale of Assets


ව්‍යාපාර සතු වත්කම් හෝ පරිපාලිත සමාගම්වල අයිතිය විකුණා මුල්‍ය අවශ්‍යතා සපුරා ගත හැකිය. එහෙත් මෙවැන්නක් කළ යුත්තේ වෙනත් මාර්ගයක් නොවන්නේ නම් පමණි.


ඈ). කාරක ප්‍රාග්ධනය දැඩිව පාලනය කිරිම Tightening the Control of Working Capital


ණය ගැතියන්ගෙන් ලැබිය යුතු මුදල් කලින් ලබාගැනිම, තොග මට්ටම් අඩු කිරිම, ණය හිමියන්ට ගෙවිම් ප්‍රමාද කිරිම් වැනි උපක්‍රම මගින් මුල්‍ය සම්පාදනය කර ගත හැකිය. එහෙත් මෙමවැනි ක්‍රියා සැමවිටම හිතකර නොවේ. මේ නිසා සමහර විට ගනුදෙනුකරුවන් නොසතුටට පත්විය හැකිය. තොග හිගවිම් නිසා නිෂ්පාදනය ඇනහිටිම් ඇති වි ආයතනයේ කිර්ති නාමය පලුදු විය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017