මුල්‍ය අවශ්‍යතා තිරණය කරන සාධක
 

ව්‍යාපාරයකට අවශ්‍ය කෙරෙන අරමුදල් සපයා ගැනිමට විවිධ වු විකල්ප මාර්ග තිබිය හැකිය. ප්‍රධානවශයෙන් අයිතිකරුවන්ගෙන් ලබාගන්නවාද ? ණය වශයෙන් ලබා ගන්නේද ? (Equity or Debt)


මෙම තිරණයේදි බලපාන ප්‍රධාන සාධක පහත දැක්වේ.


1. මුල්‍ය පිරිවැය Cost of Finance


ණය වශයෙන් නම් පොළී ගෙවිය යුතුය. එම ප්‍රතිශතය කුමක්ද ? අයිතිකරු ප්‍රාග්ධනය සදහා ලාභාංශ ගෙවිය යුතුය.


මිට අමතරව මෙම දෙවර්ගය කෙරෙහි බලපාන අතිරේක සාධකද වේ. ලාභාංශ වලට සාපේක්ෂව පොලී ගෙවිම වාසිදායක විය හැකි අවස්ථාද වේ.
උදා:- පොළි ගෙවිම් බදු පෙර ලාභයෙන් අඩුකර ගත හැකිය. පොළි ගෙවිම අනිවාර්යය. එහෙත් ලාභාංශ එසේ නොවේ.


2. ප්‍රාග්ධන තෝලනය කෙරෙහි ඇතිවන බලපෑම Capital Gearing


ප්‍රාග්ධන ව්‍යුහයට ඇතිවන බලපැම විමසා බැලිය යුතුය. ණය ප්‍රාග්ධනය හා අයිතිකරු ප්‍රාග්ධනය අතර පවත්නා නුපාතික සම්බන්ධතාව විමසා බැලිය යුතුය. ප්‍රාග්ධන තෝලන අනුපාතය මගින් එකී තත්ත්වය විමසිල්ලට ලක්කෙරේ. Capital Gearing Ratio (Debt / Equity Ratio) ඒ අනුව ණය ප්‍රාග්ධනය වැඩි වුවහොත් / අඩුවුවහොත් අත්වන වාසි සහ අවාසි සමග හිමිකරු ප්‍රාග්ධනය වැඩිවුවහොත් / අඩුවුවහොත් ත්වන වාසි හා අවාසි සසදා බැලිය යුතුය.


3. සුරුකුම්වල අවශ්‍යතා හා සුරුකුම් තැබිමේ Securities Available


ණය ලබාගැනිමේදි බොහෝමයක් ණය දෙන්නන් ඒ සදහා ඇප / සුරුකුම් ඉල්ලා සිටි. වැඩි වශයෙන්ම ස්ථාවර වත්කම් සුරුකුම් වශයෙන් ඉල්ලා සිටි.


4. ව්‍යාපාර අවදානම Business Risk


ව්‍යාපාර අවදානම ඉහල නම් ණය ලබා ගැනිම අවදානම් සහිතය. යම් හෙයකින් ලාභ නොලැබුනහොත් පොළී ගෙවිමේ ගැටළුව පැන නගි. එවැනි තත්ත්වයක් යටතේ අයිතිකරු මූල්‍යනය (Equity Finance) යෝග්‍ය වේ. ලාභාංශ ගෙවිම අනිවාර්ය නොවිම එයට හේතුවකි.


5. මෙහෙයුම් තෝලනය Operating Gearing


ව්‍යාපාරයේ ක්‍රියාකාරි ස්ථාවර පිරිවැය (Fixed Operating Cost) හා විචල්‍ය පිරිවැය (Variable Cost) අතර ඇති අනුපාතික සම්බන්ධතාව සලකා බැලිය යුතු සාධකයකි. ක්‍රියාකාරි ස්ථාවර පිරිවැය විචල්‍ය පිරිවැයට වඩා අධික නම් මෙහෙයුම් තෝලනය වැඩිය.


6. කොටසක ඉපයුම් පහත වැටිම Dilution of Earning Per Share


අයිතිකරු ප්‍රාග්ධනය වැඩිකිරිම මගින් එනම් කොටස් නිකුත් කිරිමෙන් අරමුදල් සපයා ගන්නා විට, ලාභය ඉක්මනින්ම උපයාගත නොහැකි වන්නේ මේ කොටසක ඉපයුම් පහත බසි. එය හිතකර නොවේ.


7. ඡන්දය කෙරෙහි බලපෑම Voting Control


වැඩි ප්‍රමාණයක කොටස් නිකුතුවක් චන්ද බලය කෙරෙහි බලපැම් ඇති කෙරේ.


8. කොටස්වල වර්තමාන වෙළෙද පොළ මිල ගණන් The Current State of Equity Market


කොටස් මිල ගණන් පහත බසිමින් පවත්නා තත්ත්වයන් තුල තව කොටස් නිකුතුවක් සාර්ථක නොවේ. වෙළෙද මිල පහත වැටේ. එවැනි කොටස් මිල පහත වැටිමක් අයිතිකරුවන්ගේ ධනය අඩුවිමට හේතු වේ.


9. අරමුදල් අවශ්‍ය වන කාලය


එනම් කෙටිකාලිනවද ? දිගුකාලීනවද ? යන්න.


10. අරමුදල් අවශ්‍ය ප්‍රමාණය හා එය ආපසු ගෙවන ආකාරය

(c) Shilpa Sayura Foundation 2006-2017