අරමුදල් අවශ්‍යතා
 

ව්‍යාපාරයක අරමුදල් අවශ්‍යතා වර්ග දෙකකට බෙදිය හැකිය.


1. කාරක ප්‍රාග්ධන අවශ්‍යතා


එදිනෙදා ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාම සදහා අවශ්‍ය වන අරමුදල් මේ වර්ගයට ඇතුලත් කෙරේ. මෙය මිනිස් ශරිරයේ රුධිරයට උපමා කර ඇත. ප්‍රමාණවත් කාරක ප්‍රාග්ධනයක් නොතිබුනහොත් ව්‍යාපාරය බුන්වත් විමට අවකාශ තිබේ. බොහෝ ව්‍යාපාරවල අසාර්ථකත්වයට බගපා ඇති ප්‍රධානතම හේතුව වි ඇත්තේ කාරක ප්‍රාග්ධන ඌනතාවයයි. ජංගම වත්කම්වල ආයෝජනය ක්‍රමවත් නොවිමයි.


දළ කාරක ප්‍රාග්ධනය = ජංගම වත්කම්
ශුද්ධ කාරක ප්‍රාග්ධනය = ජංගම වත්කම් - ජංගම වගකිම්


කාරක ප්‍රාග්ධන අවශ්‍යතා ව්‍යාපාරයේ ස්වභාවය මත තිරණය වේ. ඒ ඒ ව්‍යාපාරයට ගැලපෙන ප්‍රශස්ත මට්ටමකින් කාරක ප්‍රාග්ධන ප්‍රමාණය පවත්වා ගත යුතුය. ප්‍රමාණවත් ද්‍රවශිලිතාවක් (Liquidity) රදවා ගැනිමක් ලෙසද මෙය හැදින්වේ. ද්‍රවශීලිතාව වැඩි වත්කම්වලින් ලැබෙන ලාභදායකත්වය අඩුය. නිදසුනක් ලෙස 100% ද්‍රවශිලිතාවකින් යුක්ත මුදල් ශේෂය (Cash Balance) ලාභදායකත්වය (Profitability) අතින් ශුන්‍යය. මුල්‍ය කළමනාකරණයේදි ද්‍රවශීලිතාව හා ලාභදායකත්වය යන සංකල්ප දෙක ප්‍රතිවිරුද්ධය. එකිනෙකට එරෙහිව ක්‍රියාත්මක වේ.


Liquidity Vs Profitability


ද්‍රවශිලතාව අඩු වත්කම්වල ලාභදායකත්වය ඉහල වන අතර ද්‍රවශිලතාව වැඩි වත්කම්වල ලාභදායකත්වය පහලය. මුල්‍ය කළමනාකරුවන්ගේ වැදගත් කාර්යභාරය වන්නේ මෙම දෙක අතර සමතුලිතයක් පවත්වා ගෙන යාමයි.


ද්‍රවශිලතාව රදවා ගැනිමට අදාල මුල්‍ය කාර්යයන් ලෙස


පුරෝකථන Fore Casting
මුදල් ප්‍රවාහ Cash Flows
අරමුදල් ලබා ගැනිම Raising Funds
අභ්‍යන්තර අරමුදල් ප්‍රවාහ


ලාභදායකත්වය රදවා ගැනිමට ආදාල කාර්යයන් ලෙස


පිරිවැය පාලනය = Cost Control
මිල කිරිම = Pricing
ලාභ පුරෝකථන = Forecasting Profits
අවශ්‍ය ඉපයුම් අනුපාත ගණනය = Measuring Required


එදිනෙදා ව්‍යාපාර කටයුතු සමග නිරන්තරව වෙනසකට භාජනය වන ද්‍රවශිලිතාවයකින් වැඩි වත්කම් ජංගම වත්කම්ය. (දළ කාරක ප්‍රාග්ධනය)


ද්‍රවශිලතාව සම්බන්ධ ගැටළු


ස්ථාවර වත්කම්වල අධික ලෙස ආයෝජනය කිරිම, එවිට ඒවා නඩත්තු කිරිමට වැඩි කාරක ප්‍රාග්ධනයක් අවශ්‍යය.


වෙනත් සාතුමය හේතු


අනවශ්‍ය ලෙස තොග පවත්වාගෙන යාම.
ණයට විකිණිම වැඩිවිම, නොලැබෙන ණය වැඩිවිම හා සාමාන්‍ය ණය එකතු කිරිමේ
කාලය වැඩිවිම.
අධි වෙළෙද තත්ත්වයන් පවත්වා ගෙන යාම.
අනවශ්‍ය ලෙස ණය ගැනිම.
උද්ධමනය ගැන නොසලකා හැරිම.
අනපේක්ෂිත ලෙස ඉල්ලුම පහත වැටිම.


මේ හේතු නිසා ප්‍රමාණවත් කාරක ප්‍රාග්ධනයක් රදවා ගැනිම අවශ්‍යය. වැඩි ද්‍රවශිලතාවක් පැවතුනහොත් පිරිවැය වැඩිවේ. එසේම අඩු ද්‍රවශිලතාවක් පැවතුනහොත් එයද අනතුරුදායකය. එවිට පහත දැක්වෙන යහපත් ප්‍රතිඵල ලගාවිය හැකිය.


ව්‍යාපාරයේ වර්ධනය ඇණ හිටිම.


සැළසුම් ක්‍රියාත්මක කළ නොහැකිවිම, එනිසා ලාභ බලක්ක සපුරාගත නොහැකිවිම.


ස්ථාවර වත්කම් භාවිතයට ගත නොහැකිවිම හා එනිසාම ලාභදායකත්වය පහත වැටිම.


ආකර්ෂණිය ණය අවස්ථා ලබාගත නෙ‍ාහැකි විම.


කෙටිකාලින වගකිම් බේරුම්කිරිමට නොහැකි විම නිසා ව්‍යාපාරයේ කිර්තිය පළුදවිම.


ව්‍යාපාරයේ එදිනෙදා බැදිම් ඉටුකරලිමට අපහසුවිම තුලින් ක්‍රියාකාරිත්වයඅඩපණවිම.


කාරක ප්‍රාග්ධනය කෙරෙහි බලපාන සාධක


ව්‍යාපාරයක කාරක ප්‍රාග්ධනය කෙරෙහි විවිධ සාධක බලපායි. එවැනි වැදගත් සාධක කිහිපයක් පහත දැකිවේ.


  • ව්‍යාපාරයේ ස්වභාවය හා ප්‍රමාණය
  • නිෂ්පාදන චක්‍රය
  • ඉල්ලුම් තත්ත්වය                                                                                                                 
  • මිල මට්ටමේ වෙනස්විම්
  • ණය ප්‍රතිපත්තිය
  • ණය ලබාගැනිමට ඇති ඉඩකඩ
  • ක්‍රියාකාරිත්වයේ කාර්යයක්ෂමතාව
  • සැපයුම්කරුවන්ගේ කොන්දේසි
  • කාරක ප්‍රාග්ධනයේ පවත්නා චක්‍රීය ස්වභාවය පහත සටහනින් දැක්විය හැකිය.

    2. ස්ථාවර ප්‍රාග්ධන අවශ්‍යතා


    ව්‍යාපාරය ආරම්භ කිරිමේදි මෙන්ම ව්‍යාපාර කටයුත් පවත්වා ගෙන යාම සදහා අවශ්‍ය වන්නා වු ස්ථාවර වත්කම් අත්පත් කරගැනිමට අරමුදල් අවශ්‍ය කෙරේ.


    උදා:-


    ඉඩම් හා ගොඩනැගිලි
    යන්ත්‍රෝපකරණ
    රථවාහන
    කාර්යාලීය උපකරණ


    ව්‍යාපාරයක මුලික අවශ්‍යතා පහත දැක්වෙන ලෙසද වර්ග කළ හැකිය.



    • ආරම්භක කටයුතු සදහා

    Start – Up


    ව්‍යාපාරයක් ආරම්භ කිරිම සදහා මුල්‍ය අවශ්‍ය කෙරේ. අරමුදලක් නොමැතිව ව්‍යාපාරයක් ආරම්භ කළ නොහැකිය.



    • කාරක ප්‍රාග්ධනය සදහා

    Working Capital


    තොග, වෙළෙද ණය ගැතියන් යනාදිය වැඩිවිමත් සමග කෙටිකාලින මුල්‍ය ගැටළුවලට ව්‍යාපාරයට මුහුණ දිමට සිදුවේ.



    • වර්ධනය සදහා

    Growth


    ව්‍යාපාරය ආරම්භ කර පවත්වා ගෙන යාමේදි තවදුරටත් වර්ධනය කරලිමට අතිරේක අරමුදල් අවශ්‍ය වන අවස්ථා පැන නගි. නව යන්ත්‍රෝපකරණ මිලදි ගැනිමට, තාක්ෂණය ලබා ගැනිමට, ඉඩම් හා ගොඩනැගිලි පුළුල්කර ගැනිම වැනි කරුණු සදහා අතිරේක අරමුදල් අවශ්‍ය විය හැකිය.



    • ව්‍යාපාර අවපාලවලට මුහුණ දිමට

    To Turn Around


    ව්‍යාපාරය පවත්වා ගෙන යාමේදි සමහර විට අලාභ සිදුවිය හැකිය. අලාභ තත්ත්වයෙන් මිදි ලාභ ත්ත්වයට පරිවර්තනය විමට අතිරේක අරමුදල් අවශ්‍ය වේ.



    • අත්පත් කර ගැනිම් හෝ මිලදි ගැනීම් සදහා

    Acquisition or Purchases


    ව්‍යාපාර තරග දැඩිව පවත්නා අවස්ථාවලදි තරගකාරි ව්‍යාපාර අත්පත්කර ගැනිම හෝ මිලට ගැනිම අවශ්‍ය විය හැකිය. එවැනි අවශ්‍යතා සදහා අරමුදල් සපයා ගතයුතුය

  • (c) Shilpa Sayura Foundation 2006-2017